Monday, March 25, 2013
මූණුපොත සහ අපි
මගෙත් මෙව්ව එකක් තියනව කියල මතක් උනා ඔන්න. බැහැනෙ මේ මාසෙ පාලුවට
තියන්ට. බබාට නමක් එකේ දෙවෙනි කොටස කියන්ට කියල හිතාන ෆෝන් කට්ට අතට
ගත්තෙ. එහෙම කිව්වම මතක් උනේ. හරිම අපරාදයක් මගෙ අතින් වෙලා තියෙන්නෙ.
මුකුත් නොලියම දිනපතා හිට්ස් වැඩි වෙන නිසා සැකේට හොයල බැලින්නම් මේකට
ඇවිත් තියෙන්නෙ ඇත්තටම බබාලට නම් හොයන ඇත්තො. අනේ සමාව භාජනේකට දාන්ට ඕන
ඒ උදවියට වෙච්ච අසාධාරනේට.
මක්ක උනත් බබාට නම් තියන එක පැත්තකට දාල බුකිය ගැන ලියන්ටයි හදන්නෙ. ඒ
කියන්නෙ මගෙ බුකි ජීවිතෙත්, මට උන හොද නරකත්. කාටත් හිතට ගන්ට යමක් තියෙයි
ඔන්න.
2010 අග හරියෙදි තමයි මමත් අන්තර් ජංජාලෙ හරි හරියට පාවිච්චි කොරන්ට
ගත්තෙ. ඒ වෙනකොට ගෙදර කොම්පීතර කබලක් තිබුනත් ඒකට ජංජාලෙ ඒකට ගේන එක නම්
හීනයක් වෙලා තිබුනෙ. 4න් එකෙන් ගොඩ කාලෙකට කලින් ඉදන් (ඒකියන්නෙ ඩයලොග්
එකෙන් නයටත් ජාලගතවෙන්ට ඇහැක්ව තිබුන කාලෙ ඉදන්.) ජාලෙට ගොඩ උනාට, ආව ගිය
අඩවි නම් මෙතන දාන්ට බැරි එව්ව. දැනන් උන්නෙ එව්ව විතරමනෙ. ඔහොම යද්දින්
තමයි මිතුරු සමාජ ජංජාලෙන් ගොඩනගන්ට ඇහැක් බව දැනගත්තෙ. ඒත් මුලින්ම ආවෙ
මූනු පොතට නම් නෙමෙයි. ගොඩ කාලෙක ඉදන් ඊ මේල් ගිනුමක් තිබ්බ නම් හොදයි
කියල හිතුනත්. ගූගලේ වගේම යාහූවෙත් ඒකට මට ඉඩ දුන්නෙ නෑ. හැමදාම කිව්වෙ
අලුත් ගිනුමක් හදන්ට නම් කොම්පීතරෙන් එන්ට කියල.
ඔහොම ඉන්නකොට තමය් මට මයිගැමා (mygamma) කියන අඩවිය සෙට් උනේ. හැදුව ඒකෙ
ගිනුමක්. හැබැයි මේ වගේම තමයි. ඒ ගිනුමත් ෆේක් එකක්. මට ඔනෑ කරන තවත්
දෙයක් ඒකෙ තිබුන. වෙන මක්කවත් නෙමෙයි. සෙල් මේල් කියල පහසුකමක්. ඒකත් ඊ
මේල් වගේම තමා. අන්න ඒ මයිගැමා එකේ සෙල් මේල් එක පාවිච්චි කොරල තමයි මගෙ
පලවෙනි බුකි අකවුන්ට් එක හැදුවෙ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ. ඒ
වගෙම ඒකත් ෆේක් එකක්. ඒකට වැඩි ආයුශ තිබුනෙ නෑ.
මට රට රැකියාවක ගොහින් ආපු අයියන්ඩි කෙනෙක්ගෙන් ලැබුන දැන් පාවිච්චි කොරන
නොකියා 6120 ෆෝන් එක. නිකන් නෙමෙයි. සහනදායි මිලකට. මං ඉතින් ෆෝන් එකෙන්
ජංජාලෙ හැම අස්සක් මුල්ලකම රිංගනවනෙ. එතකොට තමයි දැනගත්තෙ "ඔයාබටේ" එකේ
තියන වීඩියෝ මේකෙන් බලන්ට ඇහැක් බව. දවසක් ඔන්න එහෙම වීඩියෝ බලන අතරෙදි
මේකල කියනව මගේ වයස හරිහැටි දන්නෙ නැතුව මේක පෙන්නන්ට බෑය කියල. කාල
වරෙන්කො. වයස තහවුරු කොරන්ට ඔයාබටේ ගිනුමෙන් ලොග් වෙන්ටලු. මට එහෙම එකක්
නැහැනොවැ. ටිකක් විපරම් කොරල ගිනුමක් හදන්ට පටන් ගත්ත. ටිකක් දුරට හදාන
යද්දින් තමයි තේරුනේ මේකත් ගූගල් කාරයගෙම මැජික් පෙට්ටියට අයිති එකක්
කියල. අර කොම්පීතරයක් නැතුව ඊ මේල් හදන්ට දෙන්ට බෑය කිව්ව ගූගලය මෙතනදි
බලු උනා. ඒ කියන්නෙ ඔයාබටේ ගිනුම හදල අහවර වෙද්දි මට ජීමේල් එකකුත්
හැදිල. හෆ්ෆේ මට ආව සතුටක්. ඒ උනාට මගෙ කුපාඩිකම කියන්නෙ. සැනින් ලොග්
අවුට් වෙලා හැදුව තවත් එකක්. ඒක ඉතින් අහන්ට දෙයක් නෑ. ෆේක් එකක්. දැනට
මේ බ්ලොග් එකට පාවිච්චි කොරන්නෙත් ඒක තමා.
මගෙ පස්සෙ හදපු මේල් එකෙන් හැදුව බුකි අකවුන්ට් එකක්. ඒකෙ නම තමයි "දේශයේ
ශක්තිය." මොන අහවල් එකට ඒ නම දැම්මද කියල නම් දන්නෙ නෑ ඔන්න. ඒ කෙන් තමයි
අද වනතුරුත් බුකිගත වෙන්නෙ. කියන්ටම ඕන ඔය හැමෝම කියනව වගේ ඒක කවදාකවත්
බ්ලොක් වෙලා නෑ මොන විදිහකට වත්. වැඩිය යාලුවොත් නෑ.
මං බුකිගත උනා. බුකියත් තනියම ඉගෙනගත්ත. ෆේක් එකක් උනත් යාලුවො ගොඩක්
අදුනගත්ත. මගෙ ඇත්ත මූන දැකල මට සෙට් උන යාලුවන්ට වඩා වෙලාවකට මාව නොදැක
ගොඩක් ලං උන යාලුවො වටිනව කියලත් හිතෙනව.
ඒ දවස් වල නම් ෆේක් එව්ව නැති තරම්. මට හැමෝම ලේසියට කිව්වෙ දේශ් කියල.
හිතේ තියන පුරශ්න වලට බුකිය හොද බෙහෙතක්. මට නම් අදටත් එහෙමයි. හිනා වෙලා
ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න මට බුකිය ගොඩක් වටිනව. බුකියෙ පිස්සු නටල
විනෝදෙන් හිටිය හැමදාමත්. ගොඩක් වෙලාවට මං දුක්ගන්නාරාල කෙනෙක්. ඒ පිනට
වෙන්නැති මාත් දුකින් මිරිකුනු වෙලාවට මගෙ දුක අහන්නත් කස්ටිය බුකියෙ
උන්න. සමහර වෙලාවට දුකක් කේන්තියක් ආවහම මන් ඒක බුකියෙ හැමෝටම පේන්න
දැම්ම. අනේ ඉතින් මං මොන කතාව කිව්වත් සමහර එකාලට ජෝක්. ඒ කමෙන්ට් වලින්ම
මං කූල් වෙලා යනව. ඉතින් මට බුකිය වටින්නෙ නැද්ද.
කියන්ට අමතක උනා. ඔය අතරෙ මගෙ ඇත්ත ෆොටෝ දාපු රියල් බුකි අකවුන්ට් එකකුත්
හැදුව. මට ගොඩක්ම ලං උන යාලුවන්ට විතරක් ඒකට පාර පෙන්නුව.
මට නම් බුකියෙන් නරකක් වෙලා නෑ තාමත්. ඒකෙ රහස මං බුකියෙ ලව් කොරන්ට
උත්සහ නොකරපු එක වෙන්ටැ. මට බුකිය ඕනත් මේ බ්ලොග් එකේ තියනව වගේම "අඩන්න
හේතු දහසක් තිබුනත් හිනාවෙන්න එක හේතුවක් හරි හදාන හිනා වෙල ඉන්න."
මේ අවුරුදු කිහිපය තුල මං ගොඩක් දේවල් බුකියෙ දැක්ක. කොල්ලො කෙල්ලන්ව
රවට්ටනව. කෙල්ලො කොල්ලන්ව රවට්ටනව. බැදල ලමයි ඉන්න උන් උනත් බුකි ගත උනාම
තමන් කවුද කියන එක අමතක කරනව. ඇත්තටම බුකිය කියන්නෙ හොද තැනක් නෙමෙයි.
නරක තැනකුත් නෙමෙයි. අපි දැනගන්ට ඕන අපිට සීමාවන් තියාගන්ට. නැත්නම් අර
වදුරට දැලි පිහිය අහු උනා වගේ තමයි. ඇත්තටම ෆේස්බුක් නොතිබුනා නම් මගේ
ජීවිතේ මීට වඩා වෙනස් වෙන්ට ඉඩ තිබුන. ඒක හොදට නරකට දෙකටම වලංගුයි.
අන්තිමට කියන්නම්. හැම දේකම හොද නරක තීරනය කොරන්ට පුලුවන් වෙන්නෙ අපි
එව්ව පාවිච්චි කොරන විදිහ අනූව.
යාලුවො 5000ක් ඉන්න බුකි අකවුන්ට් තිබ්බට වැඩක් නෑ. එව්වගෙ මනුස්සකම තියන
යාලුවො ඉන්ට ඕන. අපිට හොද නරක කියාදෙන්ට පුලුවන් උන් ඉන්ට ඕන.
වෙන් කිරීම
ජීවිතය
Subscribe to:
Post Comments (Atom)
//හැදුව ඒකෙ
ReplyDeleteගිනුමක්. හැබැයි මේ වගේම තමයි. ඒ ගිනුමත් ෆේක් එකක්. //
මං නං ඔය වැඩේට මනාප නැ බං
මාත් ඉතින් දැනුවත්ව කරාමත් නෙමෙයි. ඒත් දැන් නම් මං ෆේක් එව්වට මනාපයි. ඒ කියන්නෙ කෙල්ලො වගේ එන කොල්ලන්ට නෙමෙයි. සමහර දේවල් ගැන කතිකාවක් ගොඩනගන්ට බෑ රියල් එව්වගෙන්.
Deleteදැන් නම් රියල් එකට ලින්කු දාල තියෙන්නේ
Jammeta wada purudda loku nisa mamat heduwa fake. :D wali tibunat fake loke godak unge loku sahodara bedimak tiyenawa bn.
ReplyDeleteඇත්ත මචො. මං නම් කවදාවත් බුකියෙ වලි දාගෙන නෑ
Deleteකියන්න දෙයක් නැ,, තවම මම මේ කම්පනා කොරනවා මොනාද කියන්නෙ කියලා :/
ReplyDeleteමේ අර තාත්ත කොම්පීතරේ ගෙනත් දුනන ගමන් ෆේක් බුකි අකවුන්ට් එකක් හැදුව කිව්ව එකී නේද. :පී
Deleteඅපොච්චියේ නෑ,, වෙන කවුරු හරි වෙන්න ඇති ඒ,, මට තාත්තා කම්පීතරයක් ගෙනත් දුන්නේ 2 වසරෙදි.. :D
Deleteඔන්න දැන් මට මුකූත් මතක නෑ
Delete//හිතේ තියන පුරශ්න වලට බුකිය හොද බෙහෙතක්. මට නම් අදටත් එහෙමයි. //
ReplyDeleteඇත්ත :)
එකෙන්ම බං
Deleteමම නම ඉතින් එදා ඉඳං ම ඇත්ත නමින් තමා බුකි ගත වෙන්නේ.
ReplyDeleteමෙච්චර කාලෙකට බුකිය නිසා හොඳක් මිස නරකක් නම් මට වෙලා නෑ.
නරකම දෙයකින් උනත් හොදක් කරගන්න පුලුවන්. අපේ අතේම තමයි වැඩේ තියෙන්නෙ.
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඋඹ නම් ඔයිට වඩා දෙයක් නොකියන එකත් එක අතකට හොදයි.
Deleteඑසේම වේවා
ගින්දර වගේ තමයි දේශ්. හොඳ සේවකයෙක්. අන්තිම නරක ස්වාමියෙක්
ReplyDeleteඅන්න ලෙසටම ගැලපෙන වදන.
Deleteසේවකයෙක් විදිහටම තියාගමු
රියල් එකේ රියල් විදියට ඉන්නබෑ.. ඒ නිසා ෆේක් එක හොදා රියල්ව ඉන්න..
ReplyDelete