"වැඩේ කෙරුනට පස්සෙම හොරා ගැන ලියන්නම් ඇ." කියල නැවැත්තුව එකේ ඉතුරු ටික කෝ හැබෑටම. Friday, April 26, 2013 කියල තමයි අන්තිම එකේ තියෙන්නෙ. මේ පැත්තට නොඑන්න හේතු කියනවට වඩා හොදයිනෙ ඉතුරු ටික ලියන එක.
ඉතින් එදා මං රුවන්වැල්ලෙ බැංකුවෙන් පිට වෙලා හිස් අතින් වගේම හිස් හිතින් ගෙදර ආව. හිස් හිතින් කිව්වට හිතට නිදහසක් නම් තිබුනෙ නෑ.මොකද එතකොට මං හොදින්ම දැනගෙන හිටිය මගෙත් එක්ක එකටම ඉන්න එකෙක් තමයි මට මේ ධාතු වැඩේ කරේ කියල. ගෙදර ඇවිත් හවස් වෙලා රඹුක්වැල්ල අයියට කෝල එකක් ගත්ත.
රඹුකේ මං හිතුව හරි, කවුරුහරි එකෙක් මගෙ අකවුන් එකෙන් සල්ලි ඇදල.
හරි පුතා එහෙනම් ෂුව එකටම චමත තමා ගේම දෙන්න ඇත්තෙ. එදා උඹ සල්ලි ගන්නකොට ඕකා වීදුරුවට අත තියලබලා හිටිය. ඇයි බං උඹ දැක්කෙ නැද්ද. අඩේ මටත් ආසයි බං දේශ් (එහෙත් ඔය නම කියනව) සල්ලි ගන්නව බලන්න. මාත් යන්නද ඇතුලට කියල ඇහුව. විහිලුවක් නිසා මං කිව්ව දෙන්නෙකුට ගන්න තරම් සල්ලි ඕකෙ නැතුව ඇති මෙන්න මෙහෙට වෙලා ඉදහං කියල.
ඒකත් එහෙමද. එහෙනම් ඇවිල්ලම කතා කරමුකො කියල ෆොන් එක තිබ්බා.
මට ඒක හො හෝඩුවාවක් උනා. මං දවස් ෙදකකට පස්සෙ ආයම වැඩට ගියා. මං නැති අතරෙ චමත් හදිස්සියෙන්ම ඇවිත් ගිහින් තිබුන.ඒ දවස් වල මැෂින් දවසට දෙතුන් පාරක් නවතිනව. ලෙඩ්ඩුන්ෙග ජීවිත අනතුරේ නිසා විනාඩි පහකට වත් එලියට බහින්න විදිහක් තිබුනෙ නෑ. බැංකුවට යන වැඩෙත් ඒ නිසාම මගහැරුන.
දැන් මට දින වකවානු මතක නෑ. එව්ව අමතක කරපු නිසා. ඒත් ඉක්මනින්ම දවසක චමත් ආයෙම ආව. හැං අතින්ම සැකය උගේ ගැන තිබුනත් මං වෙනසක් පෙන්නුවෙ නෑ. වෙනදටත් වඩා හොදට මං පිලිගත්ත. එදා උදේක තමයි මිනිහ ආවෙ. කව්රුත් හිටියෙ නෑ එනකොට. පස්සෙ වසන්ත (හොස්පිටල් ස්ටාෆ් එකේ යාළුවෙක්) රූම් එකට ආවා. "ආ මොකෝ වියදමට සල්ලි නැතුවද" කියාගෙනමයි ආවෙ චමත්ව දැක්ක ගමන්. මං වසාට මොකුත් කියන්න එපා කියල ඉගි කරල එලියට ගියා. මගෙ මුදල් පසුම්බිය හිතලම ඇතුලෙ තියෙද්දි ආවෙ.
ටිකකින් වසා ගියා. මං ලග තිබුනු ඔක්ෂිජන් රූම් එකේ හිටපු අප්පච්චිත්(වැඩ කරන කෙනෙක්) එක්ක චැටක් දාගන හිටිය. හිතුව විදිහටම චමත් ටිකකින් එතනට ආව.
මං පොඩ්ඩක් ගුඩ්ෂෙඩ් එකට ගිහින් එන්නම්. කියල පොර ගියා.
මං සැනින් කාමරේට ගිහින් කාඩ් එක තියද බැලුව. බඩු නෑ. මං ඒ වෙනකොට සොටක් දාගෙන සැහැල්ලුවෙන් හිටියෙ. දවල් නිසා එහෙම ෆලො පාරක් දාන්න විදිහක් නෑ. අප්පච්චිට ගිහින් කිව්ව අදත් බඩු මිසින් කියල.
එහෙනං ආවම අල්ලගෙන තලමු. ආය මොකක්ද.
එහෙම බෑ අප්පච්චි. මට හරියට සාක්කි ඇතුව අල්ලන්න ඕන.
මං කාමරේට ගිහින් ෆෝන් එක ඕෆ්ලයින් දාල වීඩියෝ ඔන් කරල හැංගුව, පර්ස් එක තියන තැන ගානට සෙට් වෙන්න. තියල මං එලියට වෙලා හිටිය. යාළුව ආවම මට ඔන දේ කරන්න නිදහස දීල.
විනාඩි දහයකින් විතර පොර ආව. කාමරේට ගිහින් ටිකකින් ගෙදර යන්ව කියල බෑග් එකත් අරගෙන එලියට ආවේ. ඒ වෙනකොට මං කේන්තියෙන් වෙව්ලනව. ඒත් වෙනසක් නොපෙන්වන්න් උපරිම ට්‍රයි කලා. මෑන් ගිය ගමං මං ගිහින් කාඩ් එක තියලද බැලුව. හපොයි මිනිහ මේ පාර අරගෙනම ගිහින්. දැන් ඉතින් වීඩියොවෙ මොන අහවල් එකක් තියෙන්නද.
අකවුන්ට එකේ තිබුනු සල්ලි ඔක්කොම ගත්තත් කමක් නෑ කියල හිතාන හවස් වෙනකල් හිටිය. හවස කාඩ් සෙන්ටර් එකට කොල් කරල බැලුව. ඒත් සල්ලි අරන් තිබුනෙ නෑ. කොකටත් මගෙ ආරක්ශාව ගැන හිතල කාඩ් එක කැන්සල් කරා.
පහුවදා මං KCC එකේ තියන කොමර්ෂල් බැංකුවට ගියා. ලස්සන ඇස් දෙකෙන් කතා කරන ගෑල්ලමයෙක්ට මගේ කතාව කිව්ව. atm එකේ වීඩියොව ගන්න ලියුමක් දෙන්න ආවෙ කියල මං කිව්ව්.
සර්ගෙ එකවුන්ට් එක තියෙන්නෙ රුවන්වැල්ලෙ නම් එහෙට තමයි ලියුම දෙන්න ඕන.
දැන් කාපන්කො හැලප.
මට තව මොනව හරි කියවෙන්න කලින් අලුත් කාඩ් එහෙකට ඇප්ලයි කරල එතනින් ආව.
ටික දවසකින් මං නිවාඩු ආව. බැංකුවට යන්නත් එපා වෙලා තිබුනෙ. දවසකට පස්සෙ මං වෙනුවට නුවර නවත්තල ආපු සම්පත් කොල් කරල කිව්ව "අයියෙ චමත් ආව අද යන පාටක් නම් නෑ" කියල. මං සැනාන් ලෑස්ති වෙලා නුවර ගියා. කිසිම පලෑන් එකක් නම් තිබුනෙ නෑ.
මං එහෙට යනකොට යාලුව පුදුම උනා. මං වෙනසක් නැතුව විහිලුවක් කරගෙන හිටිය.එදා රෑ වසාත් ගෙදර ගියෙ නෑ වසාටයි,සම්පත්ටයි, චමත්ටයි මගේ රූම් එකේ නිදාගන්න කියල මං එහාපැත්තෙ තිබුනු රූම් එකට ගියා. උදේ පාන්දර ඔක්සිජන් සිලින්ඩර්ස් බාන සද්දෙට මං ඇහැරුනේ. ටිකක් එහෙමම ඉදල රූම් එකට ගිහින් මූණ හොදගෙන හීටර් එක ගැහුව.
මසී අපෙ අයිය කෙනෙක් එනව කිව්ව ක්ලීනික් එහෙකට. දැන් ඇවිත් කොල් කලා මං පොඩ්ඩක් බලල එන්නම්.
එහෙම කියල වෙනදට නමය විතර වෙනකල් නිදියන චමත් ගියා ඔන්න.
මං සැහැල්ලුවෙන් තේ හදන්න ලෑස්ති කලා. එතකොටම වසා කෝල එකක් ගත්ත.
ඒ දේශ් කෝ චමත
OPD එකට යනව කියල ගියා
බලපංකො මේක ඔය ඩිංගට කපිලයගෙ (ඔක්සිජන් ලොරියෙ ඩ්‍රයිවර්) රුපියල් පන්සීයක් උස්සලනෙ.
අඩේ සිරාවටමද කියන්නේ?
ඹව් ඔව් ආවොත් යන්න දෙන්න එපා. ඉදපං අපි එනව.
එතකොටම කපිල අයියත් "කෝ ඕකා කොහෙටද ගියෙ" කියාගෙන ආවා.
මොකද උනේ කියනවකො.
නෑ බං මල්ලි මං උදේ පේරාදෙනි ගිහින් එනගමං පල්ලෙ සෙඩ් එකෙන් තෙල් ගැහුව. පන්සීයෙ කොල තුනක් ඉතුරු අරන් පර්ස් එකට දාල තිබ්බ මට හොදට මතකයි. දැන් මේ තේ හදන්න පිටි පැකට් එකක් ගන්න කඩේ ලගදිබලනකොට දෙකයි තියෙන්නේ.
ඔය ටික කියනකොට නිදාන හිටිය සම්පතත් නැගිටල.
කොහෙ ගියත් රෙදි මෙහෙ ආපහු එන්න එපැයි. බොටමක් දාගෙන ගියෙ. යමංකො හොයන්න.
චමතට කෝල කරල කොහෙද ඉන්නෙ ඇහුව.
මිනිහ කිව්වෙ OPD එකේ ඉන්නනෙ කියල.
තේ හදල තියෙන්නෙ ඇවිත් බීල පලකො කියල මං ෆෝන් එක තිබ්බ
එතකොට රඹුක්වැල්ල අයියත් නයිට් එක කරල ඔෆ් වෙලා හිටියෙ. වෙලාව හයට විතර ඇති. සම්පත්ව OPD එක ඉස්සරහින් නතර කරල ෆොන් එකේ ලයින් එකේ තියාගෙන මායි,රඹුකයි,වසන්තයි, කපිල අයියයි OPD එකේ ඉහල පහල තට්ටු ඔක්කොම පීරල හෙව්ව.
අයියෙ අන්න මිනිහ පහලින් එනව. එහෙම කිව්වෙ සම්පත්
සම්පත්ට හැංගිලා යන්නෙ කොහෙටද බලන්න කියල කට්ටිය එකතු කරගෙන පහලට බැස්ස.
මං රූම් එක ලොක් කරල ආවෙ. චමත් ගියෙ රූම් එක පැත්තට නිසා කඩෙන් කන්න දේවලුත් අරන්. ගිහිහින් දොර ඇරලතේ බොන්න ආරාධනාවක් කළා යාළුවට.හැමොම ඇතුලට ආව. මංම දොර ඇතුලෙන් ලොක් කළා. මං ඇතුලෙ කාමරේට යනකොට චමත් ඇදේ ඉදගෙන මැසේජ එකක් ටයිෆ් කරනව. ඒ වෙනකොටත් දුම් දාන තරම් රස්නෙට තිබුනු වතුර ජෝගුව මං බාත්රූම් එකට නිදහස් කළා. මේසෙ උඩ තිබුනු පිහිය කාටවත් නොපෙනෙන්න මගේ බෑග් එකට දැම්ම. එතකොට කපිල අයිය චමත්ගෙන් ප්‍රශ්න කරන්න පටන් අරන්.
කෝ මගෙ පර්ස් එකෙන් ගත්තු රුපියල් 500 දියන්.
මොන පන්සීයක්ද? අනේ මං ගත්තෙ නෑ.
චමත් මේ උඹ හොදටම දන්නව මේ කපිල අයිය හොදට හොදයි නරකටත් ඒ වගේම තමයි ඇ.
අනේ අම්මාපල්ල කපිල අයියෙ මං ගත්තෙ නෑ. ගත්ත කෙනෙක්ගෙන් අහන්න.
උඹ විතරයි ලොරියට නැග්ගෙ. උදේ දාපු සල්ලලි දැන් නැතිවෙන්න බෑනෙ.
ඔය විදිහට දෙබස් ගලාගෙන යන අතරෙ මං ප්ලාන්ට රූම් එකේ තිබුනු බර ටුල්ස් ස්ලිප්ටර්,යතුරු වගේ එව්ව ලාච්චුවට දැම්ම. කවුරු කවුරුත් මාසෙක දෙකක ඉදන් චමත් එක්ක මරණ තරම් කේන්තියෙන් හිටියෙ. ඔය අතරෙ පිරිමියෙකුය තවත් පිරිමියෙක් නිසා ඇතිවන කේන්තියට ගතට වඩා හිතට රිදෙන්න ගහන්න පුළුවන් හොදම සහ සරලම පහර වෙච්ච කම්මුල් පාරවල් දෙක තුනක් වදින සද්දෙ ඇහුන.
මං ගිහින් ඇද ලග තිබුනු මේසෙ උඩ වාඩි උනා.
සැකය කොච්චර ප්‍රභල උනත් සාක්කියක් නැතුව චමත්ගෙ ඇගට අතක් වත් තියන්න මට මගේ හිත ඉඩ දුන්නෙ නෑ. වසන්ත මගේ කාඩ් එකෙන් සල්ලි ගත්ත කතන්දරෙත්, සම්පත් මං කිලිනොච්චියෙ හිටපු දවස් වල මං වෙනුවට හිටපු අමිලගෙ නැතිවුනු රුපියල් දාහක කතාවකුත් මතක් කරල සැලකුව. ඇත්තටම ඒ හැමොටම සාධාරණ අයිතියක් තිබුන ගහන්න. මොකද ඒ අය මගෙ කාමරේට යන එන එකට ඉන්න අය. හොරකම් කළේ චමත් උනත් සැකයක් ඒ අයගෙ පැත්තට යොමු වෙන නිසා එයාල හදවතින්ම ලැජ්ජ උනා. කොහොම වුනත් චමත් කිසිම වරදක් තමන් කරපු බව ඒ වෙනකොටත් පිළිගත්තෙ නෑ. මගෙ යටිහිතත් මට වද දුන්න ඇත්තටම මේ අහිංසකයෙකුටද මෙච්චර තලන්නෙ කියල. චමත් නිතරම අම්මාපල්ල ගත්තෙ නෑ කියල දිව්රුව. මෙච්චර වෙලාවක් මායි රඹුක්වැල්ලයි අත් බැදගෙන බලා හිටිය විතරයි.
දියන් උඹේ පර්ස් එකයි ෆෝන් එකයි.
මගේ සීමාවන් පැනගෙන එන නිසා උගෙ පර්ස් එකේ තිබුනු අයිඩින්ටි කාඩ් එකේ ෆොටෝ එකක් ගත්ත.
ගන්ං මුගෙ ගෙදරට කොල් එකක්.....
මට කලින් රඹුක ඉස්සර උනා.
අනේ ගෙදරට නම් කියන්න එපා මං සල්ලි ඔක්කොම දෙන්නම්. අමිලගෙ එව්වත් දෙන්නම්.
ඒ වචන කිසිම ගැටලුවක් නැතිව මගෙ ෆෝන් එකේ රෙකොඩ් වෙනකොට මෙච්චර වෙලාවක් එකට බැදිල තිබුනු රඹුක්වැල්ලගෙ දෑත් චමත්ගෙ මූණ හොයාගෙන ගියා. ඒත් එක්කම චමත්ෙග පපුව ඉලක්ක කරගත්තු දකුණු දනහිසත්. මූන ඉලක්ක කරගත්තු වම් අතත් ඇතිව මං ගුවන්ගත වුනා. පළමු ගැටීමෙන්ම ඔහු ඇද මත දිගා වුනා. ඊලග තත්පර කිහිපයේදී මගේ දෑත් ඔහුගේ ශරීරයේ සෑම තැනකම ස්පර්ෂ වූනා. කවුරන් හෝ මාව නැවැත්තුව.
චමත්ගෙ දෙරට කොල් කරා. උගෙ කටින්ම කරපු දේවල් කියන්න සැලැස්සුව. පොලිසියට භාර දුන්නොත් වෙන දේ පැහැදිලි කරා. ඒ අහිංසක දෙමාපියො හැම පාඩුවක්ම ගෙවන්නම් පොලිසියට භාරදෙන්න එපා කියල බැගෑපත් වුනා. වහාම සල්ලිත් අරන් නුවරට එන්න ඔව්න් පොරොන්දු වුනා. ඒත් මගේ හිතේ තිබුනු කේන්තියත් දුකත් නැතිවනතුරු එනම් චමත්ගේ මොපියන් එනතුරුම් (10:45 am) විටින් විට මාත් අනෙක් අයත් ඔහුට පහරදුන්නා.
කතාව දික් වන නිසා කෙටියෙන් ලියන්නම්. චමත්ගෙ දෙමාපියන්ගෙන් අපි හැමොගෙම නැති වුනු සල්ලි ආපහු ගත්ත. සල්ලි ගෙවල සමාදාන වුනු බවට ලියුමක් ගත්ත. මූණ ඉදිමිලා අමාරුවෙන් ඇවිදගෙන යන පුතා දිහා බලා ඉන්න තාත්තගෙන් ඉල්ලීමක් කළා. ඒ අසනීපෙකටවත් මූ ආපහු නුවර ඇවිත් ඉන්නව දකින්න ඉඩ තියන්න එපා කියල. ඒත් එක්කම තව දෙයක් කිව්ව. ඒක තමයි මේ හැම දේකටම මුල් වුනු ඇතුලාන්තය. ඒ ගැනත්. පසු කතාවත් තව පොස්ට් එහෙකින් ලියල තියනව. පසු කාලෙක මතකය අළුත් කරගන්නවත් පුළුවන්නෙ.
මේ දේවල් වලට මේක කියවන අයගෙන් ලැබෙන ප්‍රතිචාර බලලම කියන්නම්කො මට ගෙදරින් ලැබුන ප්‍රතිචාර.