Thursday, October 18, 2012

මිනිසෙක්

සිනාසෙන, ඇවිදින
පය පොළව හාරන
අහසට සුසුම් දෙන
මිනිසෙක්
කන වසා එක් අතකින්
කතාකරයි තනිවම
විටින් විට කාසි දමමින්
පිටරට ලාච්චුවකට
බැති සිතින්.

Wednesday, October 17, 2012

දුප්පතුන්ගේ දිනය අදයි.

දුප්පතුන්ගේ දිනය අදයි.
අපි වෙනුවෙන් වෙන් කරපු අපේ දිනය ගෙවිල ගියෙ අපිටත් හොරෙන්. අපේ කිව්වට දේශ්ගෙ හොදේ.
ඉතින් අද දවසෙ මක්කවත් වෙනසක් උනේ නෑ. කාසි දාන්න බැරි තරම් හිල් තියන මුදල් පසුම්බියෙ උදේ තිබුන 170න් දැන් තියෙන්නෙ 10යි. රැට(ruta nemei reta) කන්න ඕන කියල හිත නොකිව්වට බන්ඩිය කියන හින්ද දැන් යනව දුම්රියපොල ලග තියන ATM මැසිමෙ ඉතුරු වෙච්ච කීයක් හරි තියද බලන්න.

wishwasaya

මේ නොනිදන රාත්රියේ හිමිකාරියයි ඔබ.....

අයාලයෙ යන ජීවිතයෙ අන්දකාරය ඔබ.....

සුසුම් අතරින් ඇත්වන ඒ හීනයයි ඔබ.....

මළ, නොමළ මා හද අමරනීයයි ඔබ.....


පිය රජ මරා රජවන පුත් කුමරුවෙක් සේ කෙලෙසක හෝ ඔබ ලබා ගැනීමෙ අරමුනක් එදා මෙන් අද මෙන් හෙටත් නැත. මත් වත් කොට සගවන්නට වෙරදැරූ දියවන කදුලු කැට දැන් මාලග ඉතිරි නැත. හැරගියදා නොදැනුනු, ටික කලකින් හිතට දැනුනු, තවත් කලකින් නෙතට දැනුනු තනිකම පෙරටුකොටගත් ඒ මහා දුක මට නැත. මන්ද තනිව ඉපදෙන, තනිව මියයන සසර පුරා තනිකමේ මතකය මා ලග තනි රකී, ආදරයෙන් කණ උනු, විරහවෙන් අන්ද උනු මගේ ජීවිතයට ඔබේ මතකය නම් අන්දකාරය භාදවක් නොවේ. මගේ ජීවන සතුට ඔබෙන් උගත් විශ්වාසයෙ පාඩමයි. එනම් "විශ්වාසය යනු මරණයයි." විශ්වාස කලහැකි එකම දෙය මරණය පමනයි. උපත වත් අන් කිසිවක් වත් නොවේ.

Sunday, October 14, 2012

ආදරය උතුම්

සසර පුරාවට
හමන සුවද
ඔබේ
මට දැනුනා
මේ භවයෙත්
සුපුරුදු ලෙස
දිවි ගමනේ
අතොරක් නැති
දුක් ගල් මතින්
යන්නට අතදුන්නු
මගකදි හමුවී
සිහුමැලි
ඇඟිලි තුඩුවල
එල්ලෙන්න කියා
කිවත් මට
ලෝබයි

කිලිටු වෙයි කියා
සිතෙන නිසාවෙන්
ඇල්ලුවේ නොරිදෙන්න
අතහරින්නට
සිත
නොදුන්නත්
බරක්
නොවන්නට
හැමදාමත්
දැනුනු
තනිකම
මකාගන්නට
නොසිතුවත්
ඔබත් තනිවන
මාත් තනිවන
රුදුරු ගමනට
වඩා හොද
එක්ව
යාමම බව
කතරේදි දැනුන
හැගුමෙන්
ඔබ තනි නෙකර
මා තනි නොවී
දුක සතුට ලෙස
විඳගන්නෙමුයැයි
කොඳුරයි හදවත
හීනියට
ඔබට ඇසෙනවාද
ගැහෙනහඩ
මේ හදවත ආදරයෙන්
කියාදෙමින්
ජීවිතයේ
ඉදිරි 
සුභ පැතුමන්
හැබෑ වන පනිවිඩය
දෙහදක රැඳි
උනුහුමට
පෙම්බඳින
සිතුවිල්ලේ
ගලන
නදියක
රිද්මයෙන්
පාවෙන
වත්තමක්
තෙටුපල මානයේ
විඩා නිවනවද
කඳුලු රැලි
පිසදමා
වියලන්න
ඇස්
අග දිලෙන
කාලවර්ණ
දීප්තිය
කියන්නේ
සභ නිමිති
මරණයත්
ජීවිතයත්
එකම ලෙස
ලංව ඇති
විශ්වාසයේ බැඳීමක
අරුමයයි
හැමදාම
ආදරය
උතුම්

Saturday, October 13, 2012

රජ පැටියෙක් ගේ ඉපදිම



හිගන්නාගේ පැටියා හිගන පැටියෙක් වෙන්නේ, හිගන්නෙකුට දාව හිගන්නියක විසින් බිහිකරන නිසාය. එමෙන්ම රජෙකුට දාව බිසව වදන්නේ රජ පැටියෙක්ය. මේ සියල්ලොම අපසමාජයේ සිටී. සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය දරුවන්ද උපදී.

ඒ උදින හිගන පැටියා හො සාමාන්‍ය දරුවා අනාගතයේ රජ පැටියෙකු බිහි කිරීමටද හැකිය. එවිට එය රජ උපතක්ම වේ. කිසිවිටකත් හිගන උපතක් නොවේ.

හිගන්නෙකු ලෙස දරුවන් උපද්දවනවට වඩා, තම ජීවිතය ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික දියුනුවකට ගෙනගොස් ඉන් පසුව දරු සිහින සැබෑකරගන්නට උත්සහ ගන්නවා නම් හොදය. මන්ද හිගන පැටියෙකු උස්මහත්වී දියුනුවට පත්වීම අනාගත ලොකයේ සිහිනෙන් දකින සිහිනයක් වන නිසාය. එසේ දියුනු වීමට උත්සහය මෙන්ම වාසනාවද අවශ්‍යවේ.

විවාහය යනු හදිසි තීරන වලින් හො හැගීම් වලට වහල්වී ඉක්මන් කරගතයුතු සරල ක්‍රියාකාරකමක් නොවේ.

ගැටලුවක්ද නැත්තේම නොවේ. මා මෙසේ පන්ඩිත වදන් කියනවිට, පෙර මගේ ආදරවන්තිය දරු සුරතල් බැලීමට ආසන්න අවස්ථාවක සිටී.

එනමුදු මගේ හිත තුල ඒ පිලිබද දුකක් නොවන්ද, දුක් වන්නේද ඇයගේ හදිසි තීරන නිසා, ඇය බියිකරන්නේ රජ පැටියෙකු නොවන බව මා හොදින්ම දන්නා හෙයිනි. ඒ පිලිබද ඇය දැන් පසුතැවෙනමුත්, ඒ පිලිබද අතීතයේ මා ඇයට නොයෙක්විට කියා ඇතිමුත් ඇය තේරුම් නොගත් බව මා දනිමි. ඉකුත් දිනක ඇය මා අමතා මා කිව් දේ හරි බවත් දැන් ඇය සිදුවු දෙය පිලිබදව පසුතැවෙන බවත් පැවසූ හෙයින් දැන් ඇය තේරුමගෙන ඇති බවත් මා දනිමි. නමුත්
සියලු සිදුවීම් අවසානයේ පස්ස අතගානවාට වඩා  සාමාන්‍ය බුද්ධියෙන් සිතා කටයුතු කරනවානම් හොදය.

මා තනිවීමත්, අනාගතය සුනුවිසුනු වීමත් මා ඔසවා දරා සිටින්නේ එකම සතුටක් නිසාය ඒ සිගන පැටියෙක් බිහිකර රටට, ලෝකයට බරක් නොවුනු නිසාය.

සමහරුන් මෙසේ කියන්නට ඉඩ ඇත.ඒ අපි ඉබ්බන් මෙන් වසර 300ක් පමන ජීවත් නොවන නිසා ජීවිතයේ උපරිම සතුට ලැබ මියයාමට නම් ඔතරම් සිතිය යුත්තක් මෙහි නෙවන බවයි.

ඇත්තය. ඒත් මේ අපගේ මුතුන්මිත්තන්ගේ කාලය නොවේය. දැන් එසේ බැරිය. ජීවත්වෙනවා යනු ජීවිතයේ ගැටලු වලට පිලිතුරු දෙමින් මරණයට ලගාවීම බව මා පිලිගන්නා කරුනකි. නමුත් තවත් කෙනෙක් ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ කෙනාටත් දුක් විදින්නට ඉඩ දී, දරුපැටව් හදාගෙන උන්ගේ ජීවිතත් අගාදයට යවන්නට පුද්ගලිකව මා නම් කැමති නැත. මන්ද ඒ පවින්  මා නැවතත් හිගන පැටියෙක්ව උපදිනවා නොඅනුමානය.

එබැවින් මා මේ ලොවට කවදා ‍හෝ බිහිකරතොත් බිහිකරන්නේ රජ පැටියෙක්ම පමණකි......


Thursday, October 11, 2012

ඊ love

සංසාරේ සමහරු පතාගෙන එයි, තවත් අය ඔතාගෙන එයි. හත්වලාමේ අපි පතාගෙන ඇවිල්ලත් නැතිය, එක්කෝ ඔතාගෙන ආපු එක කොහේ හෝ වැටිලාය. මක්ක උනත් කම් නැත. ඩබල් දමා ජීවත් උන කාලයට වඩා දැන් නම් ජීවිතය මල්ය.

ඒ කාලයෙ මෙන් නොව දැන් කැමති වෙලාවක කන්න පුලුවන්ය, නොකා හිටියත් කන්න කියා කාගෙන් වත් කරදරයක් නැත.කන්න කලින් SMS කොටන්නට ඕන නැත, එහෙම නැතිනම් කලින් කතාකරගත් ආකාරයට ගණන් කර කර ring කරන්නටද ඕනැ නැත. බඩගින්නක් තියනවා නම්, කන්න දෙයක් තියනවා නම් කතහැකිය. තෑවේ මොනවාදැයි මතක තබගෙන පසුව ගිරවා මෙන් කියවන්නට ඕනෑ නැත.කෑවද කියල අහන්න අමතක උන දවසට බරවා රොගියෙක්ගෙ කකුල මෙන් ඉදිමුනු මූන මතක් කරගන්නටද ඔන නැත. 


ඕන නම් බොන්න පුලුවන්ය. මේ මාසෙ කීපාරක් බිව්වදැයි අසන්නට කෙනෙක් නැත. බොන්න හෙතුවක් හදාගන්නට ඕන නැත. බීල යාලුවොත් එක්ක සතුටු උනා මාව අමතක උනා කියල දනිස් ලගට මුන එල්ලගන්නටද කව්රුත් නැත. බීල ආතල් ගන්න වෙලාවේ මල් කඩනවා කියා සෙට් එකේ උන්ගෙන් කතන්දර අහන්න ඕනෙද නැත. කරුමෙටද, හොදටද මන්දා දැන් මං බොන්නේද නැත.


දැන් දවසේ පැය 24න් 26ක්ම කංඈයා කනෙ ගහගෙන  ඉන්නට ඕනේද නැත. Podi wedaka inne කියා දවසට මැසේජ් 50ක් පමන යවන්නට ඕනේද නැත. නිදහසේ බ්ලොග් බලන්නට තිබු කරදරය දැන් නැත.


යන එන ගමන් විස්තර ඉදිරිපත්කර අවසර ගන්නටද ඕනැ නැත. යන තැනක යන්නත්, ඕන වෙලාවක ඕන දෙයක් කරන්නත් දැන් භාදාවක් නැත. දැන් මට කිසිම ප්‍රෂ්නයක්ද නැත.


නමුත්,


පණ වාගේ ආදරය කළ ඇය දැන් මා ලග නැත,

ඇගේ සිනහවෙන් ජීවය ලද මගෙ හිතේ ජීවය මගෙ ලග නැත.
දැන් මගේ ජීවිතයම මට නැත.
අතීතය, වර්ථමානය මෙන්ම අනාගතයක්ද මට නැත.
මෙහෙම වන්නට හේතුවක් මා දන්නෙ නැත.
වෙලාවට ඇය මේ ආත්මෙදි බ්ලොග් බලන්නෙ නැත.

ඒකම දෙයක් නම් ඒ විදිහටම තවමත් ඇත.


දැනට වසර 5ක සිට ඇය මට උපන්දිනයට සුභ පැතුවේ කාට හො හොරෙන්, අහුවේවි යන බියෙන්ය.
මුලින් නම් අම්මාට, අච්චම්මාට, පුංචිට හොරෙන්න. පසුගිය දිනක එවු කෙටිපනිවිඩය නම් සැමියාට හොරෙන්ය.