සසර පුරාවට
හමන සුවද
ඔබේ
මට දැනුනා
මේ භවයෙත්
සුපුරුදු ලෙස
දිවි ගමනේ
අතොරක් නැති
දුක් ගල් මතින්
යන්නට අතදුන්නු
මගකදි හමුවී
සිහුමැලි
ඇඟිලි තුඩුවල
එල්ලෙන්න කියා
කිවත් මට
ලෝබයි
එ
කිලිටු වෙයි කියා
සිතෙන නිසාවෙන්
ඇල්ලුවේ නොරිදෙන්න
අතහරින්නට
සිත
නොදුන්නත්
බරක්
නොවන්නට
හැමදාමත්
දැනුනු
තනිකම
මකාගන්නට
නොසිතුවත්
ඔබත් තනිවන
මාත් තනිවන
රුදුරු ගමනට
වඩා හොද
එක්ව
යාමම බව
කතරේදි දැනුන
හැගුමෙන්
ඔබ තනි නෙකර
මා තනි නොවී
දුක සතුට ලෙස
විඳගන්නෙමුයැයි
කොඳුරයි හදවත
හීනියට
ඔබට ඇසෙනවාද
ගැහෙනහඩ
මේ හදවත ආදරයෙන්
කියාදෙමින්
ජීවිතයේ
ඉදිරි
සුභ පැතුමන්
හැබෑ වන පනිවිඩය
දෙහදක රැඳි
උනුහුමට
පෙම්බඳින
සිතුවිල්ලේ
ගලන
නදියක
රිද්මයෙන්
පාවෙන
වත්තමක්
තෙටුපල මානයේ
විඩා නිවනවද
කඳුලු රැලි
පිසදමා
වියලන්න
ඇස්
අග දිලෙන
කාලවර්ණ
දීප්තිය
කියන්නේ
සභ නිමිති
මරණයත්
ජීවිතයත්
එකම ලෙස
ලංව ඇති
විශ්වාසයේ බැඳීමක
අරුමයයි
හැමදාම
ආදරය
උතුම්
ජිවිතේ ලබන හැම අත්දැකිමක්ම සතුට නැ.ඒත් එය පසුවන විට දුක නැ.එක නිසා ඉක්මන් වන්න හොඳ නැ කදුලට
ReplyDeleteow eka aththa,
ReplyDeleteKandulata wagema sathutatath ikman wenna hoda ne. Duka nethiwenna wela yanawa. Eth sathuta nethi wenna thathparayak athi.
'මගකදි හමුවී
ReplyDeleteසිහුමැලි
ඇඟිලි තුඩුවල
එල්ලෙන්න කියා
කිවත් මට
ලෝබයි
එ
කිලිටු වෙයි කියා'
Menna me tika maarama lassanai saho.
jayama wewa!
bohoma sthuthi hiru, meke mata weraduma then thiyanawa. Eth ayemath hadanna be maasayak yanakal.
DeleteOyatath jaya saha sathuta !
හ්ම්ම් හ්ම්ම්. ඔහොම හිතන ඈයො හරි අඩුයි
ReplyDeletehm hm oya kiwwa nisa e kathawa piliganna wenawa dinuka. :)
ReplyDelete