Friday, December 21, 2012

නැවත උපන්නෙමි

සොඳුරු අහස්ගැබ,(නොහිතන වෙලාවට අදුරු වන)
පුලුන් වලා කැට,(විටෙක අකුනුසර මවන)
සොමිය බෙදනා සඳු,(වඩදියට වගකියන)
පියෙකු මෙන් දුටු හිරු,(විටෙක ගත දවාලන)
රටා මවනා තරු,(ලන් උවන් අලු කරන)
සිසිල බෙදනා සුලඟ,(විටෙක සැඩ වෙස් ගන්න)
සාර කරනා වැස්ස,(විටෙක සැම යට කරන)
මියුරු සර බෙදනා සයුර,(ගොඩටවිත් බිලි ගන්න)
මව්ට සමවූ මහී කත,(විටෙක සොලවන සිරුර)
ගිනිකන්ද නිහඩව නිදන,(විටෙක පුපුරා හඩන)
නුබලාට පුලුවන්ද, වනසන්න මේ ලොවම එක රැයෙන්,.....
විශ්වාසයි මට නුබලා... එහෙම නොකරන බව....
ඒත්, අවිශ්වාසයි එකෙක්...
වනසාවි මුලු ලොවම...
සැනින් ඔහු..,
උගේ නම......
මිනිසා.... මිනිසා... නිසා.... සා

Friday, December 7, 2012

ගොරකා කන්න

මාම කෙනෙක් දවසක් ඇත කියාලා
අරහෙන් දෙන්නෙ බලු තීන්දු කියාලා
මම දැනගතිමි එය පත්තර කියෝලා


මහ උලු ගෙදර නැවතී සිටි ඒ මාමා
කට හොද නැතිව හිරබත් හොද හැටි කෑවා
දුන්නා සමාවක් දවසක කොකු මාමා
මස් කටු කන්න කුත්තෙක් එලියට ආවා


මාමට මතක නෑ දැන් නම් එහෙම කතා
දැන් කියනවා අධිකරනය ගැනම කතා
මට සිහිවෙනව අම්මප රස මියුරු කතා


දඩමස් මල්ල ගොරකා කල ලොකු මාමා
ගොරකා කන්න ඒ ගොරකාවෙන් කියනා
අහනා උන්ගෙ පස්සට එබුනොත් හේමා
නැති දත් උනත් එතකොට නම් පේනා

Tuesday, December 4, 2012

නෑනේ

පොත් අරන් පාසල් ගිය නෑනේ.....
මල් අරන් ටියුසන් ගිය නෑනේ....
සිල් අරන් අවලමෙ ගිය නෑනේ....
මව් පියන් අතරැර ගිය නෑනේ....
බඩ අරන් ඇයි ආපහු ආවේ....

Thursday, November 8, 2012

වෙනස

ඔරලෝසු වෙලාවෙන් අලුයම එකට විතර අමාරුවෙන් හිත කැමති කරගෙන දොයි බබා කියන, ආයෙමත් පාන්දර නමයට, දහයට නැගිටල දවස ගෙවාගන්න විදිහක් හොයන ජීවිතේට දේශ් කොල්ල තිතක් තිබ්බ. දවස් 10කට විතර කියල හිතගෙන හීනියට තිබ්බ ඒ තිත දැන් නම් ජීවිත කාලෙටම තියපු එකක් වගේ කියල පුන්චි හිතට දැනෙනවලු.

ගිය මාසෙ 24වෙනිද හවස් වරුවෙ, යාල්පානම් බස් එකකට නුවරින් පටවාපු ඒ ජීවිතේ අද වෙනකොට ගොඩාක් වෙනස් වෙලා.

පැය 7ක විතර බස් ගමනකින් පස්සෙ බස් එකෙන් බාපු ඒ ජීවිතේට මග පෙන්නුවෙ මනෝජ් අයියා. සැතපුමක් විතර පයින්ම අපෙ නවාතැන්පොලට ආවෙ අතීතයට එකතු උන එල්.ටී.ටී.ඊ කදවුරු මැදින්, එල්.ටී.ටී.ඊ කාන්තා කදවුරක් කියල මට පෙන්නපු තැන තියන ලොකු විදුලි ජනන යන්තරය කදවුරට විතරක් නෙමෙයි අහල පහල ගෙවල් වලටත් විදුලිය සපයපු බව මනෝජ් අයිය කිව්වෙ අල්ලපු ගෙදර අයියගෙන් දැනගෙන තියන විදිහට. එල්.ටී.ටී.ඊ ආරක්ශිත පස් බැමි වල ඉතුරු වෙච්ච කොටස් තවමත් තියනව. එව්වට බය නොවුනත් දෙශ් කොල්ල එක දෙයක් අහල නම් සුලු දිය බරක් හදගත්ත. ඒ තමයි "අපෙ නවතැන කිට්ටුවම තියන ගෙදර පොර අපේ කස්ටිය දිහා රවල බලනවය, උන්දැගෙ එක අතක් නැතිය, පිටේ ලොකු තුවල කැලලක් තියනවය" කියල මනෝජ් අයිය කිව්ව කතාව. ඒත් ඉතින් ඒ දේවල් අද වෙනකොට නම් දේශ් ගනන් ගන්නෙවත් නෑ. දවල්ට පාරට බැස්සම අත් කලුල් නැති අය එමටයි. ඒ අය කවුද කියන්න හැමොම දන්නව. ඒ අය දැන් ජීවිතෙ අලුතින්ම පටන් අරන්, රස්සාවක් කරගෙන, දරුමල්ලො හදාගෙන අගේට ජීවත් වෙනව. ඒත් ඉතින් නැති වෙච්ච අතපය වගේම නැති වෙච්ච ජීවිතත් ආය කවදවත්ම ලැබෙන්නෙ නෑ.
කකුලක් නැති ලස්සන ගෑල්ලමයෙක් අත් වාරුවෙන් යනව දැක්කම දුකත් හිතුන. සි0හල කතා කරන අය බොහොම ටික දෙනෙක් විතරයි ඉන්නෙ. මට හිතා ගන්න බැරි උන එකම දේ තමයි. මෙහෙ මිනිස්සු ඉස්සර හිටපු විදිහටද කැමති, දැන් ඉන්න විදිහටද කැමති කියල.

මොනව කිව්වත් මෙ කියන්නෙ කොහෙ ගැනද කියල කිව්වෙ නැහැනෙ. ම්ං දැන් ඉන්නෙ කිලිනොච්චියේ.

උදේම නැගිටල ලැස්ති වෙලා කඩේට ගිහින් ආර ඉදිආප්පම්,(එව්ව ටිකක් ලොකුයි හොදේ) ඔරු වඩ දාපු පිගානට, සම්බල් ටිකක්, සාම්බරු ටිකක්, පාල් සොදි ටිකක් දාගෙන කාල රෝහලට ගිහින් වැඩ. පාන්පිටි කාලම දැන් ඇති වෙල. ආපහු නවාතැන්පොලට එන්නෙ රැ වෙලා. නුවර වගේ නිදහස නෑ.

ලියන්න කතන්දර ගොඩාක් තියනව. ඒත් මදුරුවො මාව වට කරල. ඒ නිසා මේක මෙහෙමම නවත්තල පොටෝ ටිකක් අමුනල මේල් කොරන්න තීරනය කලා.

තවමත් වෙඩි සලකුනු තියන ගස් තියන කිලිනොච්චියෙන් සමුගත්ත ගමන්ම ආයෙමත් පුරුදු විදිහටම එන්නම්

Thursday, October 18, 2012

මිනිසෙක්

සිනාසෙන, ඇවිදින
පය පොළව හාරන
අහසට සුසුම් දෙන
මිනිසෙක්
කන වසා එක් අතකින්
කතාකරයි තනිවම
විටින් විට කාසි දමමින්
පිටරට ලාච්චුවකට
බැති සිතින්.

Wednesday, October 17, 2012

දුප්පතුන්ගේ දිනය අදයි.

දුප්පතුන්ගේ දිනය අදයි.
අපි වෙනුවෙන් වෙන් කරපු අපේ දිනය ගෙවිල ගියෙ අපිටත් හොරෙන්. අපේ කිව්වට දේශ්ගෙ හොදේ.
ඉතින් අද දවසෙ මක්කවත් වෙනසක් උනේ නෑ. කාසි දාන්න බැරි තරම් හිල් තියන මුදල් පසුම්බියෙ උදේ තිබුන 170න් දැන් තියෙන්නෙ 10යි. රැට(ruta nemei reta) කන්න ඕන කියල හිත නොකිව්වට බන්ඩිය කියන හින්ද දැන් යනව දුම්රියපොල ලග තියන ATM මැසිමෙ ඉතුරු වෙච්ච කීයක් හරි තියද බලන්න.

wishwasaya

මේ නොනිදන රාත්රියේ හිමිකාරියයි ඔබ.....

අයාලයෙ යන ජීවිතයෙ අන්දකාරය ඔබ.....

සුසුම් අතරින් ඇත්වන ඒ හීනයයි ඔබ.....

මළ, නොමළ මා හද අමරනීයයි ඔබ.....


පිය රජ මරා රජවන පුත් කුමරුවෙක් සේ කෙලෙසක හෝ ඔබ ලබා ගැනීමෙ අරමුනක් එදා මෙන් අද මෙන් හෙටත් නැත. මත් වත් කොට සගවන්නට වෙරදැරූ දියවන කදුලු කැට දැන් මාලග ඉතිරි නැත. හැරගියදා නොදැනුනු, ටික කලකින් හිතට දැනුනු, තවත් කලකින් නෙතට දැනුනු තනිකම පෙරටුකොටගත් ඒ මහා දුක මට නැත. මන්ද තනිව ඉපදෙන, තනිව මියයන සසර පුරා තනිකමේ මතකය මා ලග තනි රකී, ආදරයෙන් කණ උනු, විරහවෙන් අන්ද උනු මගේ ජීවිතයට ඔබේ මතකය නම් අන්දකාරය භාදවක් නොවේ. මගේ ජීවන සතුට ඔබෙන් උගත් විශ්වාසයෙ පාඩමයි. එනම් "විශ්වාසය යනු මරණයයි." විශ්වාස කලහැකි එකම දෙය මරණය පමනයි. උපත වත් අන් කිසිවක් වත් නොවේ.

Sunday, October 14, 2012

ආදරය උතුම්

සසර පුරාවට
හමන සුවද
ඔබේ
මට දැනුනා
මේ භවයෙත්
සුපුරුදු ලෙස
දිවි ගමනේ
අතොරක් නැති
දුක් ගල් මතින්
යන්නට අතදුන්නු
මගකදි හමුවී
සිහුමැලි
ඇඟිලි තුඩුවල
එල්ලෙන්න කියා
කිවත් මට
ලෝබයි

කිලිටු වෙයි කියා
සිතෙන නිසාවෙන්
ඇල්ලුවේ නොරිදෙන්න
අතහරින්නට
සිත
නොදුන්නත්
බරක්
නොවන්නට
හැමදාමත්
දැනුනු
තනිකම
මකාගන්නට
නොසිතුවත්
ඔබත් තනිවන
මාත් තනිවන
රුදුරු ගමනට
වඩා හොද
එක්ව
යාමම බව
කතරේදි දැනුන
හැගුමෙන්
ඔබ තනි නෙකර
මා තනි නොවී
දුක සතුට ලෙස
විඳගන්නෙමුයැයි
කොඳුරයි හදවත
හීනියට
ඔබට ඇසෙනවාද
ගැහෙනහඩ
මේ හදවත ආදරයෙන්
කියාදෙමින්
ජීවිතයේ
ඉදිරි 
සුභ පැතුමන්
හැබෑ වන පනිවිඩය
දෙහදක රැඳි
උනුහුමට
පෙම්බඳින
සිතුවිල්ලේ
ගලන
නදියක
රිද්මයෙන්
පාවෙන
වත්තමක්
තෙටුපල මානයේ
විඩා නිවනවද
කඳුලු රැලි
පිසදමා
වියලන්න
ඇස්
අග දිලෙන
කාලවර්ණ
දීප්තිය
කියන්නේ
සභ නිමිති
මරණයත්
ජීවිතයත්
එකම ලෙස
ලංව ඇති
විශ්වාසයේ බැඳීමක
අරුමයයි
හැමදාම
ආදරය
උතුම්

Saturday, October 13, 2012

රජ පැටියෙක් ගේ ඉපදිම



හිගන්නාගේ පැටියා හිගන පැටියෙක් වෙන්නේ, හිගන්නෙකුට දාව හිගන්නියක විසින් බිහිකරන නිසාය. එමෙන්ම රජෙකුට දාව බිසව වදන්නේ රජ පැටියෙක්ය. මේ සියල්ලොම අපසමාජයේ සිටී. සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය දරුවන්ද උපදී.

ඒ උදින හිගන පැටියා හො සාමාන්‍ය දරුවා අනාගතයේ රජ පැටියෙකු බිහි කිරීමටද හැකිය. එවිට එය රජ උපතක්ම වේ. කිසිවිටකත් හිගන උපතක් නොවේ.

හිගන්නෙකු ලෙස දරුවන් උපද්දවනවට වඩා, තම ජීවිතය ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික දියුනුවකට ගෙනගොස් ඉන් පසුව දරු සිහින සැබෑකරගන්නට උත්සහ ගන්නවා නම් හොදය. මන්ද හිගන පැටියෙකු උස්මහත්වී දියුනුවට පත්වීම අනාගත ලොකයේ සිහිනෙන් දකින සිහිනයක් වන නිසාය. එසේ දියුනු වීමට උත්සහය මෙන්ම වාසනාවද අවශ්‍යවේ.

විවාහය යනු හදිසි තීරන වලින් හො හැගීම් වලට වහල්වී ඉක්මන් කරගතයුතු සරල ක්‍රියාකාරකමක් නොවේ.

ගැටලුවක්ද නැත්තේම නොවේ. මා මෙසේ පන්ඩිත වදන් කියනවිට, පෙර මගේ ආදරවන්තිය දරු සුරතල් බැලීමට ආසන්න අවස්ථාවක සිටී.

එනමුදු මගේ හිත තුල ඒ පිලිබද දුකක් නොවන්ද, දුක් වන්නේද ඇයගේ හදිසි තීරන නිසා, ඇය බියිකරන්නේ රජ පැටියෙකු නොවන බව මා හොදින්ම දන්නා හෙයිනි. ඒ පිලිබද ඇය දැන් පසුතැවෙනමුත්, ඒ පිලිබද අතීතයේ මා ඇයට නොයෙක්විට කියා ඇතිමුත් ඇය තේරුම් නොගත් බව මා දනිමි. ඉකුත් දිනක ඇය මා අමතා මා කිව් දේ හරි බවත් දැන් ඇය සිදුවු දෙය පිලිබදව පසුතැවෙන බවත් පැවසූ හෙයින් දැන් ඇය තේරුමගෙන ඇති බවත් මා දනිමි. නමුත්
සියලු සිදුවීම් අවසානයේ පස්ස අතගානවාට වඩා  සාමාන්‍ය බුද්ධියෙන් සිතා කටයුතු කරනවානම් හොදය.

මා තනිවීමත්, අනාගතය සුනුවිසුනු වීමත් මා ඔසවා දරා සිටින්නේ එකම සතුටක් නිසාය ඒ සිගන පැටියෙක් බිහිකර රටට, ලෝකයට බරක් නොවුනු නිසාය.

සමහරුන් මෙසේ කියන්නට ඉඩ ඇත.ඒ අපි ඉබ්බන් මෙන් වසර 300ක් පමන ජීවත් නොවන නිසා ජීවිතයේ උපරිම සතුට ලැබ මියයාමට නම් ඔතරම් සිතිය යුත්තක් මෙහි නෙවන බවයි.

ඇත්තය. ඒත් මේ අපගේ මුතුන්මිත්තන්ගේ කාලය නොවේය. දැන් එසේ බැරිය. ජීවත්වෙනවා යනු ජීවිතයේ ගැටලු වලට පිලිතුරු දෙමින් මරණයට ලගාවීම බව මා පිලිගන්නා කරුනකි. නමුත් තවත් කෙනෙක් ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ කෙනාටත් දුක් විදින්නට ඉඩ දී, දරුපැටව් හදාගෙන උන්ගේ ජීවිතත් අගාදයට යවන්නට පුද්ගලිකව මා නම් කැමති නැත. මන්ද ඒ පවින්  මා නැවතත් හිගන පැටියෙක්ව උපදිනවා නොඅනුමානය.

එබැවින් මා මේ ලොවට කවදා ‍හෝ බිහිකරතොත් බිහිකරන්නේ රජ පැටියෙක්ම පමණකි......


Thursday, October 11, 2012

ඊ love

සංසාරේ සමහරු පතාගෙන එයි, තවත් අය ඔතාගෙන එයි. හත්වලාමේ අපි පතාගෙන ඇවිල්ලත් නැතිය, එක්කෝ ඔතාගෙන ආපු එක කොහේ හෝ වැටිලාය. මක්ක උනත් කම් නැත. ඩබල් දමා ජීවත් උන කාලයට වඩා දැන් නම් ජීවිතය මල්ය.

ඒ කාලයෙ මෙන් නොව දැන් කැමති වෙලාවක කන්න පුලුවන්ය, නොකා හිටියත් කන්න කියා කාගෙන් වත් කරදරයක් නැත.කන්න කලින් SMS කොටන්නට ඕන නැත, එහෙම නැතිනම් කලින් කතාකරගත් ආකාරයට ගණන් කර කර ring කරන්නටද ඕනැ නැත. බඩගින්නක් තියනවා නම්, කන්න දෙයක් තියනවා නම් කතහැකිය. තෑවේ මොනවාදැයි මතක තබගෙන පසුව ගිරවා මෙන් කියවන්නට ඕනෑ නැත.කෑවද කියල අහන්න අමතක උන දවසට බරවා රොගියෙක්ගෙ කකුල මෙන් ඉදිමුනු මූන මතක් කරගන්නටද ඔන නැත. 


ඕන නම් බොන්න පුලුවන්ය. මේ මාසෙ කීපාරක් බිව්වදැයි අසන්නට කෙනෙක් නැත. බොන්න හෙතුවක් හදාගන්නට ඕන නැත. බීල යාලුවොත් එක්ක සතුටු උනා මාව අමතක උනා කියල දනිස් ලගට මුන එල්ලගන්නටද කව්රුත් නැත. බීල ආතල් ගන්න වෙලාවේ මල් කඩනවා කියා සෙට් එකේ උන්ගෙන් කතන්දර අහන්න ඕනෙද නැත. කරුමෙටද, හොදටද මන්දා දැන් මං බොන්නේද නැත.


දැන් දවසේ පැය 24න් 26ක්ම කංඈයා කනෙ ගහගෙන  ඉන්නට ඕනේද නැත. Podi wedaka inne කියා දවසට මැසේජ් 50ක් පමන යවන්නට ඕනේද නැත. නිදහසේ බ්ලොග් බලන්නට තිබු කරදරය දැන් නැත.


යන එන ගමන් විස්තර ඉදිරිපත්කර අවසර ගන්නටද ඕනැ නැත. යන තැනක යන්නත්, ඕන වෙලාවක ඕන දෙයක් කරන්නත් දැන් භාදාවක් නැත. දැන් මට කිසිම ප්‍රෂ්නයක්ද නැත.


නමුත්,


පණ වාගේ ආදරය කළ ඇය දැන් මා ලග නැත,

ඇගේ සිනහවෙන් ජීවය ලද මගෙ හිතේ ජීවය මගෙ ලග නැත.
දැන් මගේ ජීවිතයම මට නැත.
අතීතය, වර්ථමානය මෙන්ම අනාගතයක්ද මට නැත.
මෙහෙම වන්නට හේතුවක් මා දන්නෙ නැත.
වෙලාවට ඇය මේ ආත්මෙදි බ්ලොග් බලන්නෙ නැත.

ඒකම දෙයක් නම් ඒ විදිහටම තවමත් ඇත.


දැනට වසර 5ක සිට ඇය මට උපන්දිනයට සුභ පැතුවේ කාට හො හොරෙන්, අහුවේවි යන බියෙන්ය.
මුලින් නම් අම්මාට, අච්චම්මාට, පුංචිට හොරෙන්න. පසුගිය දිනක එවු කෙටිපනිවිඩය නම් සැමියාට හොරෙන්ය.

Tuesday, September 11, 2012

මං බර්ටි

මිය යනතුරු
 මං බර්ටි
 මහ ඇමති

Friday, September 7, 2012

kandy hospital

අද මහනුවර මහ රෝහලේ මහා කලබැගෑනියක් නොවැ සිද්දවුනේ. ඊයේ රාත්තිරියෙ රෝහල ඇතුලට ආපු මැරවරයො ටිකක් ආරක්ශක නිලධාරින් පිරිසකට හොද හැටි පහරදිල. සමහරු දැඩිසත්කාර ඒකක වල. ඉතින් අද උදේම මේ පුද්ගලික ආරක්ශක සේවයේ මහත්තුරු ටිකක් නොසන්සුන් වෙලා හිටියෙ. පස්සෙ රෝහල් පරිපාලනය මේකට ටිකක් තදින් කටයුතු කරන්න තීරණය කොරල තිබුන. පහරදීම කොහොම උනත් කොහොමින් කොහොමින් හරි මේකට රෝහලෙ ඉදිරිපිට ගේට්ටුව පැත්තෙ තිබුන පලතුරු, බුලත්විට වික්ක පොඩි පොඩි පෙට්ටි කඩ ටිකත් සම්බන්ද කෙරුන. සමහරු කියන්නෙ ඒ අයගෙ පිරිසක් තමයි පහරදුන්නෙ කියල. අන්තිමට රෝහලට අයිති බිමක් නිසා මේ පෙට්ටිකඩ ටික අයින් කොරා. හරි වැරැද්ද මොකක්ද කියල අපි නම් දන්නෙ නෑ. ඒත් දේශ්ට නම් හිතෙන්නෙ අහින්සකයො ටිකක් අමරුවෙ වැටුන කියල විතරයි. පින්තුර තියනව. ඒත් දාන්න විදිහක් නෑ. කං ඇයගෙ පිහිටෙන්නෙ ලියන්නෙ.

Sunday, August 19, 2012

යූ ඇන්ඩ් මී




මලත් - නගරයත්
ඔබත් - මමත්
අහසට - පොළව මෙන් 

මල් ගැලපෙන්නෙ ගම්මානෙට. ඔව් ඒක පිස්සු කතාවක් වෙන්න පුලුවන්. ඒත් ඒකේ ඇත්ත කතාවක් තියනව. ගම්මානෙ පිපෙන ලස්සන මල් නගරයට ආවහම මොකද වෙන්නේ. නගරය හරිම දූෂිතයි. කුණු,දුහුවිලි ගොඩවල් පිරිල. ඉතින් ලස්සන මල් කිලිටි වෙන එක අහන්නත් දෙයක්ද. නගරය පුරාවට හමාගෙන යන්නෙ වායු ගෝලයේ අහවල් එකට රත් වුන, වාහන දුමින් අවර්න වුන මෙලෝ රහක් නැති සුළන් ප්‍රවාහයක්. ඉතින් ලස්සන මල් කැත වෙනව. මැලවෙනව. අන්තිමට පර වෙනව. ඔන්න එතකොට කියයි මල් කොහෙමත් පර වෙනව තමයි කියල. ඇත්ත, ඒත් ඒ මල් පරවෙන්නෙ අකලට. ඇයි එහෙම කියන්නේ, ඒ මල් කවදාවත් අහිංසක සමනලයෙකුට මල් පැණි පොදක් දීල තියද. හිතුවක්කාර බමරුන් නම් අරන් ඇති පැණි ඕන තරම්.

ඉතින් ඔයා ගමේ පිපුනු ලස්සන මලී. අහිංසක සමනලයෙකුට සුවද දෙන්න, මා මේ නගරය, ඔයාට ගැලපෙන්නෙ නෑ............

Wednesday, August 15, 2012

හීන දිගන්තය......




    පසුගියදා ඇමරිකාවේ කෙටි නිළ සංචරයක නියැලුනු ශ්‍රි ලංකා විදේශ කටයුතු ඇමතිතුමා ඇමරිකාවත් සමග හොද හිත වර්දනය කරගැනීමෙ අරමුනින් ගිවිසුම් කිහිපයකටම අත්සන් තබනු ලැබුවා.

ඒ අතර ප්‍රදානම ගිවිසුමක් වූයෙ ඇමරිකාවෙන් මෙරටට රැකියා සොයා නීති විරෝදී ලෙස පැමිනෙන පිරිස් අඩු කිරිමට හා නීත්‍යානුකූලව මෙරටට පැමිනෙන්නන්ට සහන සැලසීමට අදාල ගිවිසුමයි.


තවද ලංකා රුපියල් බිලියන හැටක නය ආධාරයක් දීමටද ඇමති තුමා එකගතාවය පලකලා.


සිරියානු ප්‍රහාරයෙන් බිදවැටුනු ඇමරිකානු ආර්ථිකය ගොඩනැන්වීමට  ලංකාවෙන් මහගු උපකාරයක් ලැබෙන බවත්, ඒ පිලිබද ස්තුතිවන්ත වන බවත් ඇමරිකානු ජනපති වරයා ප්‍රකාශ කල බවද ජාත්‍යන්තර I.T.N මාධ්‍ය වාර්තා කලා.

Monday, August 13, 2012

රංජන



             රංජන කියන්නෙ බදුල්ල මහ රෝහලේ මෙඩිකල් ගෑස් ඒකකයේ හිටපු තාක්ෂන නිළදාරියෙක්. කාගෙත් හිත දිනාගෙන සිටි මොහු පිලිවෙලකට වැඩ කරන කෙනෙක් විදිහටයි හැමොම දන්නෙ. රෝහල් පාලනයේ ලොකුම ලොක්කගෙ ඉදන් සුළු සේවක කම්කරුවට යනකල් මොහුට ආදරෙයි. මොහුට අදරනීය බිරිදකුයි පුන්චි දරු පැටියෙකුයි හිටිය.

 පසුගියදා ඔහුට මහත් අවාසනවන්ත දිනයක් උදා උනා. ඔහු රෝහල ඉදිරිපිටින් පාර හරහා ගියේ උදේට කන්න කෑම එකක් ගන්න. සිත්පිත් නැති යකඩ ගොඩවල් මේ යන්නෙ රංජන කියන්න අදුනන්නෙ නෑ. හිසට බරපතල තුවාල කරමින් රංජන යටකරගෙන ගිය ලොරි රථයේ රියදුරා ජංගම දුරකතනය කනේ තියගෙන ආව කියල තමයි ඇසින් දුටු අය නම් කියන්නෙ.

 ඉතින් පහුවදා ඒ කියන්නෙ ඊයෙ මේකට සම්බන්ද තව දෙයක් දැනගන්න ලැබෙනව. ඒ තමයි රෝහල් සේවකයින් විශාල පිරිසකුයි, ගමේ උදවියයි එකතු වෙලා උද්ගෝසනයක් කරනව. නීතිය හරියට කරන්න කියල පොලිසියට කියන්නයි අනතුර උන තැන කහ ඉරක් අදින්න කියලයි. මේ උද්ගෝසනේට පොලිසිය පහර දුන්නෙ ඇයි කියන එක නම් තාමත් ගැටලුවක්. කදුලු ගෑස් ගහපුව රෝහලේ වාට්ටු වලටත් ගියා. රෝගීන් මහත් අපහසුතවයට පත් උනා. කුපිතවු රෝහල් සේවකයො පොලිසියට ගල් ගැහුව. කිහිප දෙනෙකුට තුවාලත් උනා.

 රජයේ රෝහලකට කදුලු ගෑස් ගැසීම නම් කොහොමත් අනුමත කරන්න බෑ. උද්ගෝසනය සාමකාමි එකක්මයි කියල කියන්නත් බෑ. ඒත් ඉතින් රජයෙ නාළිකා වලට මේක නිව්ස් එකක් නොවුනෙ ඇයි කියල නම් හොයල බලන්න වටිනව. පොලෝසියෙ මහත්තුරුත් බලය ඕනවට වැඩියෙන් පාවිච්චි කරනවද මංද. 

   කොහොම උනත් රංජනගෙ තත්වෙ බරපතලයි. ජීවත් කරන්න බැරි බව දැන දැනම තාමත් මැසින් වලින් තියගෙන ඉන්නෙ ජීවත් වෙන්න සුදුසු කෙනෙක් කියල රෝහල් සේවකයො හිතන නිසයි. වැදගත්ම දේ රංජන කියන්නෙ රජයේ සේවකයෙක් නෙමෙයි. එයා වැඩ කරන්නෙ කොම්පැණි එකකට.

 රංජන සුව වෙන්න කියල අපි පතමු.

Monday, August 6, 2012

maha paara

මහ පාර කියන්නෙත් අමුතුම තැනක් තමයි. අපෙ ගෙදර නම් පාර අයිනෙමයි. දොර පඩියෙන් ලිස්සල වැටුනොත් කෙලින්ම පාරෙ. අපිට නම් ඉතින් පාර පුරුදුයි, පුරුදුයි කියනකොට මතක් උනෙ දවසක් නුවර ටව්මෙදි, කහ ඉර උඩදිම අල්ල ගත්තනෙ පොලිස් කාරයෙක් මගෙ බෙල්ලෙන්ම. දෙන්න හිතුන කන කුඩු වෙන්න. කොහෙ ගහන්නද මම උස නැ මිනිහගෙ උරහිසටවත් ගහන්න. මිනිහ හෙන ගහපු පොල් ගහක් වගෙ පොරක්. ඉතින් මන් හිනා වෙලා ශෙප් උනා. අපි කොයි තරම් පාර පුරුදු උනත් පාරෙදි පරිස්සම් වෙන්න ඔන. මොකද අපිට වරදින තැන් අපි දන්නෙත් නැ. පොඩි අතපසු විමක් ඇති හැම දයක්ම මොහොතකින් වෙනස් කරන්න. අපෙ හිත හැම වෙලාවෙම එක තැනක තියන්න නහනෙ. චුටි චුටි බලු කුක්කො කොච්චර නම් මහ පාරෙ මැරෙනවද දවසකට. එ වගෙම තමයි මිනිස්සුත්.යකඩ ගොඩවල් කොහොමනම් විශ්වාශ කරන්නද. අපි කොච්චර පරිස්සම් උනත් වෙන කෙනෙකුගෙ වැරදිමකින් අපිට ජිවිතෙම වරදින්න පුලුවන්. පරිස්සමෙන් යලුවනෙ. ඔයාගෙ ජිවිතෙ වටින්නෙ ඔයාට විතරක් නෙමෙයි

මා හැරදා ගිය ඔයාට


මා හැරදා ගිය ඔයාට 
කිසිම දුකක් නම් නොවෙන්න.......
ආදරයෙ උතුම් බලෙන් 
දවියනි ඇය රැකල දෙන්න......
මගෙ දෑසට කදුලු දුන්න 
ඔය දෑසෙ මල් පිපෙන්න......
මට පුලුවනි ඔබ වෙනුවෙන් 
තවදුරටත් පිo කරන්න......

අතීතයෙ මතකය ඇති 
මට හිතලා සතුටු වෙන්න......
ඒ මතකය දුන් ඔයාට 
හදපතුලෙන් තුති පුදන්න......
මගෙ හිත මට සනසගන්න 
එක වදනක් ලියල යන්න......
ආදර හිත වෙනස් වෙන්න 
හෙතුව විතරක් කියන්න........

Thursday, February 23, 2012

*දවස්

*දවස්*

ඔරලොසුව පහයි
අවදිවිය යුතුමයි
දැන්ම....?
බස් රථය
ඌයි.....
පැගුව කකුල
යන්න පස්සට
සහනයකි
පැමිනි විට පාසලට
දෙව දුතයින් සිටියි
ගුරු මව්න්
පියවරුන්
සවසට
අමතරව
පන්ති ඇත
සැම දිනම
රැ අටයි ගෙදරට
දොලහ පසුවි නින්දට
අහ්.......
ඔරලොසුව පහයි