Thursday, October 11, 2012

ඊ love

සංසාරේ සමහරු පතාගෙන එයි, තවත් අය ඔතාගෙන එයි. හත්වලාමේ අපි පතාගෙන ඇවිල්ලත් නැතිය, එක්කෝ ඔතාගෙන ආපු එක කොහේ හෝ වැටිලාය. මක්ක උනත් කම් නැත. ඩබල් දමා ජීවත් උන කාලයට වඩා දැන් නම් ජීවිතය මල්ය.

ඒ කාලයෙ මෙන් නොව දැන් කැමති වෙලාවක කන්න පුලුවන්ය, නොකා හිටියත් කන්න කියා කාගෙන් වත් කරදරයක් නැත.කන්න කලින් SMS කොටන්නට ඕන නැත, එහෙම නැතිනම් කලින් කතාකරගත් ආකාරයට ගණන් කර කර ring කරන්නටද ඕනැ නැත. බඩගින්නක් තියනවා නම්, කන්න දෙයක් තියනවා නම් කතහැකිය. තෑවේ මොනවාදැයි මතක තබගෙන පසුව ගිරවා මෙන් කියවන්නට ඕනෑ නැත.කෑවද කියල අහන්න අමතක උන දවසට බරවා රොගියෙක්ගෙ කකුල මෙන් ඉදිමුනු මූන මතක් කරගන්නටද ඔන නැත. 


ඕන නම් බොන්න පුලුවන්ය. මේ මාසෙ කීපාරක් බිව්වදැයි අසන්නට කෙනෙක් නැත. බොන්න හෙතුවක් හදාගන්නට ඕන නැත. බීල යාලුවොත් එක්ක සතුටු උනා මාව අමතක උනා කියල දනිස් ලගට මුන එල්ලගන්නටද කව්රුත් නැත. බීල ආතල් ගන්න වෙලාවේ මල් කඩනවා කියා සෙට් එකේ උන්ගෙන් කතන්දර අහන්න ඕනෙද නැත. කරුමෙටද, හොදටද මන්දා දැන් මං බොන්නේද නැත.


දැන් දවසේ පැය 24න් 26ක්ම කංඈයා කනෙ ගහගෙන  ඉන්නට ඕනේද නැත. Podi wedaka inne කියා දවසට මැසේජ් 50ක් පමන යවන්නට ඕනේද නැත. නිදහසේ බ්ලොග් බලන්නට තිබු කරදරය දැන් නැත.


යන එන ගමන් විස්තර ඉදිරිපත්කර අවසර ගන්නටද ඕනැ නැත. යන තැනක යන්නත්, ඕන වෙලාවක ඕන දෙයක් කරන්නත් දැන් භාදාවක් නැත. දැන් මට කිසිම ප්‍රෂ්නයක්ද නැත.


නමුත්,


පණ වාගේ ආදරය කළ ඇය දැන් මා ලග නැත,

ඇගේ සිනහවෙන් ජීවය ලද මගෙ හිතේ ජීවය මගෙ ලග නැත.
දැන් මගේ ජීවිතයම මට නැත.
අතීතය, වර්ථමානය මෙන්ම අනාගතයක්ද මට නැත.
මෙහෙම වන්නට හේතුවක් මා දන්නෙ නැත.
වෙලාවට ඇය මේ ආත්මෙදි බ්ලොග් බලන්නෙ නැත.

ඒකම දෙයක් නම් ඒ විදිහටම තවමත් ඇත.


දැනට වසර 5ක සිට ඇය මට උපන්දිනයට සුභ පැතුවේ කාට හො හොරෙන්, අහුවේවි යන බියෙන්ය.
මුලින් නම් අම්මාට, අච්චම්මාට, පුංචිට හොරෙන්න. පසුගිය දිනක එවු කෙටිපනිවිඩය නම් සැමියාට හොරෙන්ය.

9 comments:

  1. හි .. හි... නියමයි ඈ.
    අකුරු පොඩ්ඩක් ලොකු කරමුද?

    ReplyDelete
  2. දැන් හරිය..... ආවාට ස්තූතිය...

    ReplyDelete
  3. එළ අදහස.ඔක්කොම ලිපි එක හුස්මට කියැවීමි.සතුටුය.

    ReplyDelete
  4. ඒ අදහස මගේ ජීවිතයේ සත්‍ය කතාවයි.වැඩිහරියක් ලියන්නේ කංඈයගේ පිහිටෙන් නිසා වැරදි වලට සමාව භාජනයකට දමන මෙන් ඉල්ලාසිටිමි.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සිරා පෝස්ට් එකක්.

      මං හෙඩින් එක දකිද්දී හිතුවේ මේ බ්ලොග් එක දේශපාලනයත් එක්ක යන එකද්ද කියලා.කෝකටත් කියලා මුල ඉදන්ම බලන් ආවා. බලද්දී එහෙම නෑනේ! :) එළ.. ජයවේවා!!

      කන්ඈයා පිහිටෙන් කියන්නේ මොකද්ද? මට නොත්රේ.

      Delete
  6. deshaye shaktheya kiyanne mage fb name eka yalu. Ekama mekatath damma.

    Kaneya kiyala kiwwe nitharama kana athulata ringana mobile phone 1ta.
    E genath post 1k thibuna. Mage noselikilimathkamen delete una.

    ReplyDelete

ලියන්නකො බලන්න