Friday, January 4, 2013

මතක බැරි උනා

2012?

ඔව් ඉතින්. මං දන්නව.

ඇයි මොකක්ද වෙන්න ඕන?

ඉවරයි?

බොරු....

වෙන්න බෑ.

මොකක්?

කවද්ද?

ඊයෙ පෙරේද?

දැන් 13ද එතකොට.

හරි හරි මං මතක තියාගන්නම්.

එහෙනම් මං ගියා.

ඇයි?

ඉතින් දැන් හරිනෙ මං යන්නම්

එහෙමත් එකක්ද?

හරි කොහොමද දැන් මං සුබපතන්න ඕන.

ඒක අමරුයි නේද.

නෑ ට්යිප් කරන්න අමරුයි නේ.

මට නම් අදහස් එන්නෙ නෑ.

ඔව් මැසේජ් නම් දෙකතුනක් යැව්ව තමයි

නෑ ඒව යැව්වෙ "සේම් ටු යූ" කියල.

නෑ එයල එව්වහම තමයි මතක් උනේ.
ඔව්

මං එහෙම කිව්වද.

නෑ නෑ මට මතක තිබුන. ඒකනෙ 31 හොදටම බිව්වෙ.
ඉට පස්සෙ තමයි අමතක වෙන්න ඇත්තෙ.

මොකද නැත්තෙ.
ලගින්ම ඉන්න යාලුවන්ට මැසේජ් කරන්න හිතාගෙන ස්ටාර් පොයින්ට් 100කින් බිල ගෙව්ව.

නෑ.

මං කිව්වෙ, මට අමතක උනා.

බුකියෙද?

එක නන්ගියෙක් නම් මැසේජ් කරා.

නෑ කිව්වනෙ. මට අමතක උනා.

දැනට නම් මතකයි.

එව්ව කියන්න බෑ.

හරි හරි දැන් ඒක කරන්නම්.

¥කස්ටියටම සුබ නව වසරක් වේවා !¥

නෑ බොක්කෙන් නෙමෙයි පෙනහැල්ලෙන් කිව්වෙ. ඇයි යකෝ.

සැකද?

එහෙමත් ඕනද?
හරි හරි

¥සොරි හොදේ පරක්කු උනාට විශ් කරන්න.¥

හරි කිව්ව.

බොරුවක් කියමු.

එහෙනම්?

ඕන නෑ එයාල දන්නව මට ඕව ගානක් නෑ කියල.

මට බෑ.

අනේ, මල කෝලම්. මං යනව යන්න.

එහෙනම් කස්ටියටම අලුත් අවුරුද්ද සුබ වේවා. රජාගෙන් වත් රාජ සම්පත් ලැබේවා.
රාජ යෝග, ධන ලාබ, මංගල යෝග උදාවේවා.
ලෝක විනාශ සිදු නොවේවා.

16 comments:

  1. හික්...මල පටලැවිල්ලක් නේහ්...?

    ReplyDelete
    Replies
    1. ප්රෂ්න නෑ. උත්තර විතරයි තියෙන්නෙ.
      එතකොට ප්රෂ්න වල නෙමෙයිද පටලැවිල්ල තියෙන්නෙ. උත්තර වලද.

      Delete
  2. හික්... සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  3. ලැබුවාවූ 2013 අවුරුද්ධ ඔබට සුභ වේවා............!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කාගෙත් පැතුම නේද

      Delete
  4. Replies
    1. මට කව්රුත් මොකුත් කියන්න කලින්ම මම එසේම වේවා!!! කිව්ව. වැඩේ ලේසියි

      Delete
  5. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා රෙහානි

      Delete
  6. ah! happy birth day!thankuu weewaa!same to u. happy new year!eseema weewa!

    ReplyDelete
    Replies
    1. ඔයත් හදාගත්තද මගෙ ලෙඩේ

      Delete
  7. Replies
    1. මන් හිතුව උඹ මට පිස්ස කියල බනී කියල :p

      Delete

ලියන්නකො බලන්න