සොඳුරු අහස්ගැබ,(නොහිතන වෙලාවට අදුරු වන)
පුලුන් වලා කැට,(විටෙක අකුනුසර මවන)
සොමිය බෙදනා සඳු,(වඩදියට වගකියන)
පියෙකු මෙන් දුටු හිරු,(විටෙක ගත දවාලන)
රටා මවනා තරු,(ලන් උවන් අලු කරන)
සිසිල බෙදනා සුලඟ,(විටෙක සැඩ වෙස් ගන්න)
සාර කරනා වැස්ස,(විටෙක සැම යට කරන)
මියුරු සර බෙදනා සයුර,(ගොඩටවිත් බිලි ගන්න)
මව්ට සමවූ මහී කත,(විටෙක සොලවන සිරුර)
ගිනිකන්ද නිහඩව නිදන,(විටෙක පුපුරා හඩන)
නුබලාට පුලුවන්ද, වනසන්න මේ ලොවම එක රැයෙන්,.....
විශ්වාසයි මට නුබලා... එහෙම නොකරන බව....
ඒත්, අවිශ්වාසයි එකෙක්...
වනසාවි මුලු ලොවම...
සැනින් ඔහු..,
උගේ නම......
මිනිසා.... මිනිසා... නිසා.... සා
නව යුගයට සුභ පැතුම්!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
=2u
Delete\\සරල බව සහ තදබල උනන්දුව//
ඒක මරු වදනක්,
ඔවුනේ.. හැමදේකම දෙපැත්තක් තියෙනවනේ.. ඒ හැමදේම අතරින් තේරුම්ගන්න බැරි මිනිසාම තමයි..
ReplyDeleteපරිගනක හැදුවෙත්, වෛරස් හැදුවෙත්, ඇන්ටි වෛරස් හැදුවෙත් මිනිසම තමයි.
Deleteඒක නම් සහතික ඇත්ත.......
ReplyDeleteසමනළියක් ඇවිල්ල ඒක ඇත්ත කියල සහතික කලා.
Deleteසාදරයෙන් පිලිගන්නව.
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා කියලා ඔය බස්වල එහෙම පිටිපස්සේ ගහලා තියෙන්නේ.
ReplyDeleteසිනහ පපා කීවත් රස මියුරු කතා
ReplyDeleteමිනිස තමයි හඩුනාගත නොහැකි සතා.
එහෙම හරිද.