Friday, December 21, 2012

නැවත උපන්නෙමි

සොඳුරු අහස්ගැබ,(නොහිතන වෙලාවට අදුරු වන)
පුලුන් වලා කැට,(විටෙක අකුනුසර මවන)
සොමිය බෙදනා සඳු,(වඩදියට වගකියන)
පියෙකු මෙන් දුටු හිරු,(විටෙක ගත දවාලන)
රටා මවනා තරු,(ලන් උවන් අලු කරන)
සිසිල බෙදනා සුලඟ,(විටෙක සැඩ වෙස් ගන්න)
සාර කරනා වැස්ස,(විටෙක සැම යට කරන)
මියුරු සර බෙදනා සයුර,(ගොඩටවිත් බිලි ගන්න)
මව්ට සමවූ මහී කත,(විටෙක සොලවන සිරුර)
ගිනිකන්ද නිහඩව නිදන,(විටෙක පුපුරා හඩන)
නුබලාට පුලුවන්ද, වනසන්න මේ ලොවම එක රැයෙන්,.....
විශ්වාසයි මට නුබලා... එහෙම නොකරන බව....
ඒත්, අවිශ්වාසයි එකෙක්...
වනසාවි මුලු ලොවම...
සැනින් ඔහු..,
උගේ නම......
මිනිසා.... මිනිසා... නිසා.... සා

7 comments:

  1. ඔවුනේ.. හැමදේකම දෙපැත්තක් තියෙනවනේ.. ඒ හැමදේම අතරින් තේරුම්ගන්න බැරි මිනිසාම තමයි..

    ReplyDelete
    Replies
    1. පරිගනක හැදුවෙත්, වෛරස් හැදුවෙත්, ඇන්ටි වෛරස් හැදුවෙත් මිනිසම තමයි.

      Delete
  2. ඒක නම් සහතික ඇත්ත.......

    ReplyDelete
    Replies
    1. සමනළියක් ඇවිල්ල ඒක ඇත්ත කියල සහතික කලා.
      සාදරයෙන් පිලිගන්නව.

      Delete
  3. =2u

    \\සරල බව සහ තදබල උනන්දුව//
    ඒක මරු වදනක්,

    ReplyDelete
  4. මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා කියලා ඔය බස්වල එහෙම පිටිපස්සේ ගහලා තියෙන්නේ.

    ReplyDelete
  5. සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිස තමයි හඩුනාගත නොහැකි සතා.

    එහෙම හරිද.

    ReplyDelete

ලියන්නකො බලන්න