Sunday, October 14, 2012

ආදරය උතුම්

සසර පුරාවට
හමන සුවද
ඔබේ
මට දැනුනා
මේ භවයෙත්
සුපුරුදු ලෙස
දිවි ගමනේ
අතොරක් නැති
දුක් ගල් මතින්
යන්නට අතදුන්නු
මගකදි හමුවී
සිහුමැලි
ඇඟිලි තුඩුවල
එල්ලෙන්න කියා
කිවත් මට
ලෝබයි

කිලිටු වෙයි කියා
සිතෙන නිසාවෙන්
ඇල්ලුවේ නොරිදෙන්න
අතහරින්නට
සිත
නොදුන්නත්
බරක්
නොවන්නට
හැමදාමත්
දැනුනු
තනිකම
මකාගන්නට
නොසිතුවත්
ඔබත් තනිවන
මාත් තනිවන
රුදුරු ගමනට
වඩා හොද
එක්ව
යාමම බව
කතරේදි දැනුන
හැගුමෙන්
ඔබ තනි නෙකර
මා තනි නොවී
දුක සතුට ලෙස
විඳගන්නෙමුයැයි
කොඳුරයි හදවත
හීනියට
ඔබට ඇසෙනවාද
ගැහෙනහඩ
මේ හදවත ආදරයෙන්
කියාදෙමින්
ජීවිතයේ
ඉදිරි 
සුභ පැතුමන්
හැබෑ වන පනිවිඩය
දෙහදක රැඳි
උනුහුමට
පෙම්බඳින
සිතුවිල්ලේ
ගලන
නදියක
රිද්මයෙන්
පාවෙන
වත්තමක්
තෙටුපල මානයේ
විඩා නිවනවද
කඳුලු රැලි
පිසදමා
වියලන්න
ඇස්
අග දිලෙන
කාලවර්ණ
දීප්තිය
කියන්නේ
සභ නිමිති
මරණයත්
ජීවිතයත්
එකම ලෙස
ලංව ඇති
විශ්වාසයේ බැඳීමක
අරුමයයි
හැමදාම
ආදරය
උතුම්

6 comments:

  1. ජිවිතේ ලබන හැම අත්දැකිමක්ම සතුට නැ.ඒත් එය පසුවන විට දුක නැ.එක නිසා ඉක්මන් වන්න හොඳ නැ කදුලට

    ReplyDelete
  2. ow eka aththa,
    Kandulata wagema sathutatath ikman wenna hoda ne. Duka nethiwenna wela yanawa. Eth sathuta nethi wenna thathparayak athi.

    ReplyDelete
  3. 'මගකදි හමුවී
    සිහුමැලි
    ඇඟිලි තුඩුවල
    එල්ලෙන්න කියා
    කිවත් මට
    ලෝබයි

    කිලිටු වෙයි කියා'

    Menna me tika maarama lassanai saho.
    jayama wewa!

    ReplyDelete
    Replies
    1. bohoma sthuthi hiru, meke mata weraduma then thiyanawa. Eth ayemath hadanna be maasayak yanakal.

      Oyatath jaya saha sathuta !

      Delete
  4. හ්ම්ම් හ්ම්ම්. ඔහොම හිතන ඈයො හරි අඩුයි

    ReplyDelete
  5. hm hm oya kiwwa nisa e kathawa piliganna wenawa dinuka. :)

    ReplyDelete

ලියන්නකො බලන්න