Thursday, November 8, 2012

වෙනස

ඔරලෝසු වෙලාවෙන් අලුයම එකට විතර අමාරුවෙන් හිත කැමති කරගෙන දොයි බබා කියන, ආයෙමත් පාන්දර නමයට, දහයට නැගිටල දවස ගෙවාගන්න විදිහක් හොයන ජීවිතේට දේශ් කොල්ල තිතක් තිබ්බ. දවස් 10කට විතර කියල හිතගෙන හීනියට තිබ්බ ඒ තිත දැන් නම් ජීවිත කාලෙටම තියපු එකක් වගේ කියල පුන්චි හිතට දැනෙනවලු.

ගිය මාසෙ 24වෙනිද හවස් වරුවෙ, යාල්පානම් බස් එකකට නුවරින් පටවාපු ඒ ජීවිතේ අද වෙනකොට ගොඩාක් වෙනස් වෙලා.

පැය 7ක විතර බස් ගමනකින් පස්සෙ බස් එකෙන් බාපු ඒ ජීවිතේට මග පෙන්නුවෙ මනෝජ් අයියා. සැතපුමක් විතර පයින්ම අපෙ නවාතැන්පොලට ආවෙ අතීතයට එකතු උන එල්.ටී.ටී.ඊ කදවුරු මැදින්, එල්.ටී.ටී.ඊ කාන්තා කදවුරක් කියල මට පෙන්නපු තැන තියන ලොකු විදුලි ජනන යන්තරය කදවුරට විතරක් නෙමෙයි අහල පහල ගෙවල් වලටත් විදුලිය සපයපු බව මනෝජ් අයිය කිව්වෙ අල්ලපු ගෙදර අයියගෙන් දැනගෙන තියන විදිහට. එල්.ටී.ටී.ඊ ආරක්ශිත පස් බැමි වල ඉතුරු වෙච්ච කොටස් තවමත් තියනව. එව්වට බය නොවුනත් දෙශ් කොල්ල එක දෙයක් අහල නම් සුලු දිය බරක් හදගත්ත. ඒ තමයි "අපෙ නවතැන කිට්ටුවම තියන ගෙදර පොර අපේ කස්ටිය දිහා රවල බලනවය, උන්දැගෙ එක අතක් නැතිය, පිටේ ලොකු තුවල කැලලක් තියනවය" කියල මනෝජ් අයිය කිව්ව කතාව. ඒත් ඉතින් ඒ දේවල් අද වෙනකොට නම් දේශ් ගනන් ගන්නෙවත් නෑ. දවල්ට පාරට බැස්සම අත් කලුල් නැති අය එමටයි. ඒ අය කවුද කියන්න හැමොම දන්නව. ඒ අය දැන් ජීවිතෙ අලුතින්ම පටන් අරන්, රස්සාවක් කරගෙන, දරුමල්ලො හදාගෙන අගේට ජීවත් වෙනව. ඒත් ඉතින් නැති වෙච්ච අතපය වගේම නැති වෙච්ච ජීවිතත් ආය කවදවත්ම ලැබෙන්නෙ නෑ.
කකුලක් නැති ලස්සන ගෑල්ලමයෙක් අත් වාරුවෙන් යනව දැක්කම දුකත් හිතුන. සි0හල කතා කරන අය බොහොම ටික දෙනෙක් විතරයි ඉන්නෙ. මට හිතා ගන්න බැරි උන එකම දේ තමයි. මෙහෙ මිනිස්සු ඉස්සර හිටපු විදිහටද කැමති, දැන් ඉන්න විදිහටද කැමති කියල.

මොනව කිව්වත් මෙ කියන්නෙ කොහෙ ගැනද කියල කිව්වෙ නැහැනෙ. ම්ං දැන් ඉන්නෙ කිලිනොච්චියේ.

උදේම නැගිටල ලැස්ති වෙලා කඩේට ගිහින් ආර ඉදිආප්පම්,(එව්ව ටිකක් ලොකුයි හොදේ) ඔරු වඩ දාපු පිගානට, සම්බල් ටිකක්, සාම්බරු ටිකක්, පාල් සොදි ටිකක් දාගෙන කාල රෝහලට ගිහින් වැඩ. පාන්පිටි කාලම දැන් ඇති වෙල. ආපහු නවාතැන්පොලට එන්නෙ රැ වෙලා. නුවර වගේ නිදහස නෑ.

ලියන්න කතන්දර ගොඩාක් තියනව. ඒත් මදුරුවො මාව වට කරල. ඒ නිසා මේක මෙහෙමම නවත්තල පොටෝ ටිකක් අමුනල මේල් කොරන්න තීරනය කලා.

තවමත් වෙඩි සලකුනු තියන ගස් තියන කිලිනොච්චියෙන් සමුගත්ත ගමන්ම ආයෙමත් පුරුදු විදිහටම එන්නම්

8 comments:

  1. ඔය ලැබුන අවස්ථාව වාසනාවක් කියලා මට හිතෙනවා.මොනතරම් දේවල් ජීවිතයට එකතු වෙයිද

    ReplyDelete
  2. aththatama. Ada(10) wenakota man kilinochchi aweth dawas 17e. Godak dewal igenagaththa. Godak dewal dakka. Aththatama loku wenasak. Kochchara busy unath sathutin inne.

    ReplyDelete
  3. මාර චාන්ස් එකෙක්නෙ බං ඒක.! දෙමළ ටිකක් ඉගෙන ගන්න ට්‍රයි එකක් දේ. ලගදි කඩේක දෙමළ පොරක් දෙමළෙන් වචන සෙට් එකක් කියවගෙන ගෙන් ඇහුවා 'තේරුනාද කියපු දේ?'මං නෑ කිව්වා.ඊටපස්සේ පොර කියපි 'අපි කතා කරන්නේ දෙමළ.එ වුනත් අපි සිංහලත් දන්නවා.ඒත් ඔයාලට වෙන භාෂාවක් බෑනේ..' කියලා. මට පල් එක ඉතින්.

    "තවමත් වෙඩි සලකුනු තියන ගස් තියන කිලිනොච්චියෙන් සමුගත්ත ගමන්ම ආයෙමත් පුරුදු විදිහටම එන්නම්"
    එ කියන්නේ ළගදීම කිලිනොච්චි වලින් එනවාද?

    ReplyDelete
  4. mehe tamil aya nam goda denek sinhala wachanayak wath danne ne.
    Mehe aweth man nam godak igenagaththa, Igenaganna una kiwwoth hari.

    Thawa sathiyakin withara kilinochchiyen enawa.

    ReplyDelete
  5. සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  6. Good to see a post on Killinochchi. I remember Killinochchi under LTTE as I had an opportunity go through that under UN in 2005. Yes, it would really help all if all Sinhalese try to learn Tamil. We could understand each other in a better way. I remember Jaffna when I first visited as a small child and what we enjoyed food and good hospitality, next I remember the damage observed during the war when I was serving services but we treated all people in the area with due respect and in a very Human way.... Look forward to visit and meet those friendly people once again.

    ReplyDelete
    Replies
    1. thnx for ur comments.actually i agree with ur ideas.if we cn learn tamil we cn communicate with them easily.

      Delete

ලියන්නකො බලන්න