මුලින්ම කියන්ට ඕන බොලාලගෙ විචාර වලට පිලිතුරු දෙන්න පරක්කු වෙන එක ගැන. ගැටලුව තියෙන්නෙ දේශ් හැම මගුලක්ම කරන්නෙ දුකෙන්. දුකෙන් කිව්වෙ 4න් එකෙන්. පෝස්ට් එකක් දානව කියන්නෙ වහ කාල හොස්පිටල් එකේ ඉන්නවට වඩා අමාරු වැඩක්. මුලින්ම නෝට් වල සිංග්ලිශ් වලින් කොටනව. එතනින් ඒක කපල සිංග්ලිශ්4මොබයිල් කියන ඇප් එකේ අලවනව. ඒකෙන් ඒ ටික සිංහල යුනිකොඩ් වලට පෙරලනව. හත්වලාමෙ එතකොට මට පේන්නෙ කොටු ටිකක්. මගෙ දුකේ සින්හල යුනිකෝඩ් පේන්නෙ නෑ. කොටල තියන අකුරු වල වැරදි හදන්න ඒ ටික මගෙම ඊ තැපෑලට යවන්න වෙනව. ඔපෙරා මිනියෙන් ගිහින් ඒකෙ වැරදි තැන් බලල ආයෙමත් ඇවිත් හදනව. අහිංසක 4න් එකට මං දෙන වදයක්. මේ ඔක්කොම කිව්වෙ නිදහසට කරුනු. තේරුම්ගන්ට හොදේ.
දැන් තියෙන්නෙ දෙවෙනි ගැටලුව. කවුරුහරි කිව්ව කතාවක් කොහොමෙයි රස අඩු නොවෙන්න කියන්නෙ. මේක අපේ අප්පොච්ච කිව්ව කතාවක්. අප්පොච්ච කිව්වෙ ඔරිමජිනල් එක්කෙනා නෙමෙයි. එයත් හොස්පිටල් එකේ වැඩකරන කෙනෙක්. කතන්දරකාරයෙක්. මං ඉතින් දවස තිස්සෙ මිනිහගෙ කතන්දර අහගෙන තමයි ඉන්නෙ. අප්පච්චි කියන නම රෙජිස්ටර් කරේ මමම තමා. දැන් හැමෝම කියන්නෙ අප්පච්චි. මං මෙහෙම කරන්නම් ලුයන්න අගට දාල කියන්නෙ නැතුව. අප්පච්චිගෙ වචන වලින්ම හොරු අල්ලපු හැටි කියන්නම්.
මේක සිද්දවෙලා තියෙන්නෙ එකදාස් නමසිය බරගනන්වල. නම් ගම් වෙනස් වෙයි.
දැන් මං අප්පච්චි.
අපේ ගමේ හිටිය නෑදෑකමට මාම කෙනෙක් වෙන මනුස්සයෙක්. නම සිරිසේන. මිනිහ ටිකක් විතර යන්තර මන්තර වැඩ කරනව. හැබැයි ඉතින් මිනිහ නොදන්න දෙයක් උනත් දන්න විදිහට තමයි ඉන්නෙ. දවසක් මිනිහගෙ දැණුම ගැන කතාකරනකොට එකෙක් මිනිහව නෝන්ඩි කලා. මිනිහ කෙලින්ම කිව්ව රුපියල් 500ක් ඔට්ටු දාපන් මං උඹව ඔහොමම පුටුවෙ අලවනව කියල. මොන ඔට්ටුද බැරිවෙලාවත් ඇත්තටම ඇලෙව්වොත් කියල බයටද කොහෙද මිනිහට දිනුම දුන්න. එහෙම තමයි මිනිහ. මොන ජාතියෙන් හරි දිනනව. මිනිහ දන්න දේවලුත් තිබුන. ඒත් කවදාවත් නරක වැඩ නම් කලේ නෑ.
අපි දෙන්න ටික කාලයක් එක තැන වැඩකලා. තව අපේ ගමේ කොල්ලෙකුත් එතන වැඩකලා. සිරිසේන මාමටත් එතන හොද තත්වයක් තිබුන. මිනිහ කොහොමත් මිනිස්සු අල්ලනවනෙ. දවසක් පඩි දවසෙ මරු වැඩක් උනා. අර අපේ ගමේ කොල්ලගෙ පඩි පැකට් එක නැති උනා. පඩි දුන්න ගමන්මයි. කවුරු හරි ඉස්සුව. දැන් එතන ගිනි විජ්ජුම්බරයක්. සිරිසේන මාම තැනට සුදුසු නුවණ තියන පොර. මිනිහ ඉදිරිපත්වුනා හොරා අල්ලන්න.
හරි උඹට පඩි පැකට් එක හොයල දෙන්නම්. මෙතන ඉන්න ඔක්කොම යන්න ඕන අර හෝල් එකට.
කට්ටියම හෝල් එකට දැම්ම. අනිවාර්යෙන්ම ගත්ත කෙනත් එතන ඉන්න ඕන. කවුරුත් එලියට ගියෙත් නැහැනෙ.
සිරිසේන මාම අර කොල්ලට කතා කලා.
කුමාර උඹ මෙ බඩු ටික අරන් වරෙන් ඉක්මනට.
මොනවද බඩු,
කුකුලෙක්
නූල් බෝලයක්
අමු කහ කෑල්ලක්
දුම්මල
පන්දමක්
තෙල් බෝතලයක්
පැයක් විතර යනකොට බඩු ටිකත් ලෑස්ති උනා.
සිරිසේන මාම හෝල් එකේ මුල්ලකට ගිහින් වැඩේ පටන්ගත්ත. මොනවදෝ මතුර මතුර වැඩ. කහ කෑල්ල තලල කුකුලගෙ කකුල් වල ගෑව. නූල් බෝලෙන් කුකුලට ඇවිදින්න බැරි වෙන්න කකුල් දෙකත් ගැටගැහුව. දන් මතුරනව.පන්දමත් පත්තුකරල දුම්මල ගගහ මතුරනව. ඒ අස්සෙ තෙල් බෝතලෙන් තෙල් අරගෙන කුකුලගෙ ඇඟ පුරාම ගානව. ඔහොම ගාල ගාල කුකුලගෙ පිට පුරාම තෙල් බේරෙනව. දැන් වැඩේ අවසන් මොහොතට ආව. කුකුල ගෙනත් තිබ්බ හෝල් එකේ දොරට ටිකක් එහයින්. තියල කිව්ව. දැන් උඹල එක එකා ඇවිත් මේ කුකුලගෙ පිට අතගාල එලියට පලයල්ල. සල්ලි හොරකම්කරපු එකා කුකුලගෙ පිට අතගානකොට කුකුල හඩලයි.
එහෙම කියල මිනිහ එලියට බැස්ස.
දැන් එක එකා කුකුලගෙ පිට අතගගා එලියට යනව. එලියෙ මොකද වෙන්නෙ කියල ඇතුලෙ ඉන්න උන් දන්නෙ නෑ. ඔහොම ටිකදෙනෙක් යනකොට සිරිසේන මාම එකෙක්ගෙ අතින් අල්ලගෙන ඇදගෙන ආව ඇතුලට. මෙන්න මූ තමයි. අරන් තෙයෙන්නෙ කියාගෙන.
හැමෝම සැක කරපු එකා තමයි බඩු අරන් තෙයෙන්නෙ. පස්සෙ හන්ගපු තැනින් පඩි පැකට් එක අරන් දුන්න.
දැන් දේශ් කතා කරන්නෙ. බොලාලට හිතාගන්න පුලුවන්යැ හොරා අල්ලපු විදිහ.
සිසිසේන මාම එලියට වෙලා එන එන එකාගෙ අත් දෙක බල බල ඉදල තියෙන්නෙ.
තේරුනේ නැත්නම් හිතල බලපල්ලකෝ.
හිතාගන්න බැරිම උනොත් කියන්ට.
ප:ලි
මහා ලොකු ගැටලු, හිතුවොත් පහසුවෙන් විසදන්න්න පුලුවන්. ඕන වෙන්නෙ තැනට සුදුසු ණුවන
අත හීතල වෙලා වෙන්ටැති
ReplyDeleteසීතල වෙන්නෙ බයටද? නෑ බං එහෙම නෙමේ.
Deleteඅම්මප බලහං උඹත් ගේන දහං ගැට...යකෝ සිංහල යුනිකොඩ් ඩවුන් කරගනිංකෝ. එතකොට එකපාරම වැඩේ කොලැකිනේ...
ReplyDelete
Deleteනලී අයියට හිතාගන්න බෑද, මෙව්ව මොන ගැටද අයියෙ.
මගෙ අහවල් එකටද සිංහල යුනිකොඩ් ඩවුන්ලෝඩ් කරන්නෙ ආ. කොම්පීතරේ නම් ඔක්කොම ගැජමැටික් තියනව. ඒත් ඒක ගෙදර. කොල්ල නුවර.
අතේ තෙල් ගෑවිලා නැති එකා අල්ල ගන්ට ඇති.අඩේ මම හිතන්නේ උඹ තමයි වැඩිම උනන්දුවකිං බ්ලොග් ලියන එකා.ජය වේවා!!!
ReplyDeleteමටත් කියන්න තියෙන්න ඒකම තමා අතේ තෙල් ගෑවිල නැති එකා තමයි හොරා ,ඔතන ඇති
Deleteමන්තරයක් නැහැ පට්ට උපායක්
@dinu
Deleteහරිනෙ බං එහෙම තමයි හෙව්වෙ. කොහොමද ටිකිරි මොලේ
@ruwaa
මල්ලි හරි මල්ලි :p
උපාය දත්තෝ අපායෙ නොවැටෙති කියනවනෙ(මෙතෙන්ට ගැලපෙනවද මංදා)
මගෙ අප්පච්චියේ......... උගෙ මොලේ.....
ReplyDeleteඅපිට නොදි තියාගත්ත ටික උට දීලද කොහෙද
Deleteසැක කාරයා මස් මරන එකෙක්...කකුලා ඒකව දැක්කම හඩලන බව දන්න නිසා කුකුල් බිල්ලක් තිබ්බා...
ReplyDeleteහරියටම කිව්ව. කොහොමෙයි දැනගත්තෙ.
Deleteබලාපල්ලකො උඩ කමෙන්ට දැක්කෙ නෑ වගේ ඇවිත් කටේ, දිවේ නොගෑවී කියපු ලස්සන