Sunday, February 3, 2013

බබාට නමක්(සානු 1)

අද නම් ඔන්න මඩක් ගහන්නයි සූදානම. මඩක් කිව්වට අපේ යාලුවෙක් තමන්ගෙ උප්පැන්නෙ තියන නමට අමතරව තවත් නම් ගොඩක් හදා ගත්ත විදිහ. මිනිහ කවදවත් බ්ලොග් බලන්නෙ නෑ. එහෙමයි කියල ගජබින්න ඇදබාල ආතල් ගන්නව එහෙම නෙමෙයි මේ. හා හා දැන් වැඩේකරමුකො.

අපි ඒ යාලුවට සමන් කියමු. එහෙම කියන්නෙ ඇත්ත නම කියල එයා අපහසුතාවයට පත් උනොත් කියල හිතල මිසක් ඇත්ත නම් ටයිප් කරන්න අමාරු නිසා එහෙම නෙමෙයි හරිය.

සමන් කරන්නෙත් මගේ රැකියාවම තමයි . මගෙ ඉතින් ස්ථීර පදිංචිය මහ නුවර මහ රෝහලේ කියල දන්නවනෙ. සමන් මාසෙකට සැරයක් දෙකක් මෙහෙට එනව. ඒ අවහම දවසක් දෙකක් ඉදලයි යන්නෙ. මිනිහ තවත් හොස්පිටල් වලට යන ගමනෙ නවාතැන්පොලක් කරගෙන ඉන්නෙ මගේ කාමරේ.

මොනව උනත් සමනට ගෑල්ලමයිගෙන් නම් හරිම අපලයි. හොද පෙනුමක් තියන නිසා යන තැනකින් එකක් සෙට් කරගෙන එන පුරුද්දක් තියෙන්නෙ. කොහොම උනත් එක හිතක් නැති නිසා ඒව මාසයයි දෙකයි. කොච්චර කිව්වත් මේ කැත පුරුද්ද නම් අතහරින්නෙම නෑ. සමහර දවසට බස් එකේ යනකොට එකක්, එනකොට වෙන එකක්. ඒත් මේ ලඟදි බස් එකකදි සෙට් උන ගෑල්ලමයෙකුට සමනගෙ හිත ටිකක් විතර වැඩියෙන් ඇදිල ගියා. දවස් පහක්, හයක් යනකොට ෆෝන් එකේ නය සීමාව ඉක්මවල නිසා ලයින් එකත් කැපුව. ඒ තරමට වැඩේ නැගල ගියා.

ඔය අතරෙ ගෑල්ලමයගෙ උසස්පෙළ විභාගෙ තිබුන. මේ දවස්ටික වත් මල් කඩන එක අඩුකරපන්. ඒකිට විභාගෙ ලියන්න දීපන් කියල දවසට පස් හය වතවක් මම කිව්ව. එතකොට නම් කතාව ටිකක් අඩු උනා. නැත්නම් රෑ නමයට පටන්ගන්න මල් කැඩිල්ල පාන්දර දෙක තුන වෙනකල් ඇදිල යනව.
මාත් එක්ක කතා කරන්නෙත් ගෑල්ලමය ගැනම තමයි.මම තොට සයිද යකො කියල අහපු වෙලාවලුත් තිබුන. ඒ තරමට උට ලව් පිස්සුවක් හැදිල තිබුනෙ.
ඔහොම ඉන්නගමන් ඔන්න දවසක් සමන සුපුරුදු කතාවට මුලපිරුව

අනේ මචො ඒකි නම් විභාගෙ ඇනගනීද දන්නෑ.

ඔව් ඉතින් විභාගෙට උබේ අහවල් එක ගැන ලියන්නයැ. පාඩම්කරන්න දෙනවයැ තෝ.
මාත් 4ක් ගැහුවහම බෝලෙ එවනකල් දානව වගේ පොඩි ඇඩ් එකක් දම්ම.

නෑ මචො මම ඇහුව
හෙට මොනවද තියෙන්නෙ කියල.
භූගෝලයලු.
පාඩම් කලාද ඇහුව.
ඔව්ලු.
ඒත් මං ප්‍රශ්නයක් ඇහුව. උත්තරේ දන්නෙ නෑ.

ටිකක් බරපතල කාරනයක් විදිහට සමච්චල් හිනාවකුත් එකතු කරල සමන විස්තර කලා.

ඉතින් යකෝ උබ දන්න ඒ උත්තරේවත් කියාදුන්නෙ නැද්ද.
මන් ඇහුවෙ මේක මෙච්චරටම ලකුණු දාගත්ත ප්‍රශ්නෙ මොකක්ද කියල දැනගන්න ලොකු උවමනවක් හිත පතුලෙන්ම ආපු නිසා.

සමන ටිකක් තමුන් ගැන ඕනවටත් වඩා හිතන. සිරස් පෙදෙස ඉදිමීමකටලක්වුන එකෙක්. ඒකයි ඇත්ත. ඌ ඉතින් මනමාල හිනාවක් එහෙම දාල, උරහිස් දෙකත් උස්සල කිව්ව
මොකද බං නැත්තෙ, මං පොර වගේ ටිකක් බැනල එහෙම උත්තරෙත් කියාදීල දැන් වත් පාඩම් කරන්න කියල ෆෝන් එක තිබ්බෙ
කියල

ඒත් ඉතින් මට දැනගන්න ඕන උනේ වෙන දෙයක්නෙ

ඇත්තටම සමනෝ උඹ ඔයතරම් ලකුණු දාගන්න ඒකිගෙන් ඇහුව ප්‍රශ්නෙ මොකක්ද කියපන්කො

ඒ පාර මේක මං කෙල්ල කියල හිතානද කොහෙද මගේ ඉස්සරහත් ටිකක් ආඩම්ඹර උනා. ආයෙමත් අර මනමාල හිනාව ඉස්සරහට දාල එක ඇහැක් හීං වෙන්න කටේ කොනක් කන ලගට අරන්

එච්චර අමාරු එකක් නෙමෙයි බං, මං ඇහුවෙ සානුවක් කියන්නෙ මොකක්ද කියල

හෆොයි ඒ මැට්ටි ඒකවත් දන්නෙ නැද්ද

මං සමනව තව ටිකක් අත්ත උඩට තල්ලු කරල

ඇත්තටම බං සානුවක් කියන්නෙ මොකක්ද කියල ඇහුව

ඒ පාර මූ මටත් නක්කලේට හිනා උනා(නක්කලේ කියන්නෙ මොකක්ද කියල අහන්න එපා, මං දන්නෙත් නෑ.)

උඹ දන්නෙත් නැද්ද, යකෝ සානුවක් කියන්නෙ කදු දෙකක් මැද තියන බෑවුමට.
සමන සුනාමි රැලි වලටත් වඩා ලොකු රැලි නලලෙ හදාගෙන මට ලැජ්ජ හිතෙන විදිහට කිව්ව.

විලි ලැජ්ජාවෙ සන්තෝසෙට පන යන හැගීමෙන් මං කියපු හූවට රූම් එක දෙදරුව.
මං ස්ත්‍රී ලිංග පරුෂ වචනයක් මුලට දාල "සානුවක් කියන්නෙ උස් බිමක තියන තැනිතලාවකට, මං නම් අහල තියෙන්නෙ එහෙමයි" කිව්වහම සමන ගැස්සුනා. මාත් වැරදිලා වගේ ඉස්කෝලෙ ගිය දවසක එහෙම දෙයක් ඉගෙනගත්ත වගේ මතකයක් තිබුන නිසා බ්ය නැතුව කිව්ව. ඒත් මටත් සැකයි.

ඒ ඇත්තද බං, නෑ නෑ මට හොදට මතකයි අපේ පුංචි කුමාරිහාමි ටීචර් කියාදුන්නෙ. එහෙම වෙන්න බෑ.

මෙන්න මේක තවත් පිලිගන්නෙ නෑ.

මගෙ හිතෙත් සැකයක් තිබුන නිසාත්, සමනට පෙන්නන්න ඕනම නිසාත් විකිපීඩියාවෙ සිංහලෙන් හොයල හොයල එක තැනක් යන්තම් හොයාගෙන පෙන්නුව. සමන කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙනම
ඒ මං පදිරිනෙ බං කිව්ව.

මාත් ඉතින් මගේ යුතුකම අකුරටම කරා. පොඩි වෙලාවකින් යාලුවො හැමෝම දැනුවත් කරල, වෙනත් නම් කියන කොටසට සානු කියල ඇතුලත් කලා.

එයාට තවත් නම් ගොඩාක් තියනව. ඒව පස්සෙ ලියන්නම්....

ප:ලි
ඇත්තටම අපි තවත් කෙනෙකුට මොනව හරි කියාදෙනව නම් ඒක හරියටම කියාදෙන්න ඕන. තමුන් ඒ ගැන නොදන්නව නම් හරි, තමන්ට නිවැරදිතාවය ගැන විශ්වාසයක් නැත්නම් හරි කෙලින්ම කියන්න ඕන මට හරියටම ෂුවර් නෑ. තව ටිකක් හොයල බලන්න කියලවත්, නැත්නම් දන්නෙ නෑ කියන එක හොදයි.

31 comments:

  1. //ඇත්තටම අපි තවත් කෙනෙකුට මොනව හරි කියාදෙනව නම් ඒක හරියටම කියාදෙන්න ඕන. තමුන් ඒ ගැන නොදන්නව නම් හරි, තමන්ට නිවැරදිතාවය ගැන විශ්වාසයක් නැත්නම් හරි කෙලින්ම කියන්න ඕන මට හරියටම ෂුවර් නෑ// ඇත්ත කතාව,, මම නම් දන්නෙම නැති වුනාම ලැජ්ජා පැත්තකින් තියලා නංගිගෙන් මල්ලිගෙන් හරි අහනවා... පස්සේ දන්නවා වගේ වෙන කෙනෙක්ටවත් කියලා දෙන්න පුළුවන්නේ.. ;)

    ReplyDelete
    Replies
    1. මේ බලාපල්ලකො, මගෙ පෝස්ට් එකෙන් බාගයක් මෙයා කමෙන්ට් එකේ අලවගෙන.

      අහගත්තට පස්සෙ නම් ඉතින් කියාදෙන්ට පුලුවන්නේ. එතකොට දන්නවනෙ.

      Delete
    2. අපිට ශම්මියගෙ බ්ලොග් බලන්න තහනම් කරලලු :(

      Delete
    3. මං හිතන්නෙ වෙන අවුලක් ඇත්තෙ. එයා මේ දවස් වල html අනුභව කරල දිරවගන්ට බැරුව ඉන්නෙ. ෆෝන් එකෙන් යන්න පුලුවන් ඇති සමහරවිට.

      Delete
    4. අනේ නෑ අක්කෝ, ඔන්න ඊයේ නම් ඒක හැදුවා, බ්ලොග් එක ඊයේ දවසේ වහලා තිබ්බේ ඒ නිසා.. දැන් ඇවිත් බලන්නකෝ... අලුත් ටෙම්පලේට් එකකුත් දාලා දැන් වෙනස්ම විදියට ශම්මි ඉන්නේ,, ඔයාට පෝස්ට් හුගක් මග ඇරිලා... මුනා නැතත් මඩ පෝස්ටුව බලන්න ගෙට්ටුවෙ.. :D

      Delete
  2. ඇත්තනේ මලයා නොදන්න දේ දන්නෑ කියනවා මිස ස්තිරව දන්නේ නැති දෙයක් කාටවත් කියල දෙන්න හොඳ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ
      එහෙම උනොත් කියන කෙනයි, අහන කෙනයි දෙන්නම අමාරුවෙ

      Delete
  3. යකෝ දෙශුත් නොදන්න දෙයක් නෑ වගේ ,අපි නොදන්න සිංහල වචන කොච්චර තියනවද බොලේ හැබෑටම..

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මේ මං දන්න දෙයක් නෑ. අහල නැද්ද හැටන් සානුව, අර සානුව, මේ සානුව කියල කියනව.

      Delete
  4. මමනං කාටවත් නොදන්න දේවල් කියලා දෙන්ඩ යන්නෑ.නිකං පච වෙන්නේ මොකටැයි?

    ReplyDelete
    Replies
    1. ඒක හරි, පච උනත් කමක් නෑ මේ වගේ ගෑල්ලමයට පච උනොත් කොහොමෙයි සැප.

      Delete
  5. ඒ කතාවනම් සහතික ඇත්ත.. දන්න දෙයක් කියල දෙනවා මිසක් නොදන්න දෙයක් හරියට දන්නවා වගේ කියල දෙන්ට හදන්නේ මොකටද... දන්නේ නැත්තං දන්නේ නෑ කියන්නනේ තියෙන්නේ.. අර නක්කලේ කියන්නෙ "නෝන්ඩියට වගේ" කියන එකද...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, නොදන්න දෙයක් නොදන්න බව කියන්න මොකට ලැජ්ජ වෙනවද නේද, නොදන්න දේවල් කතා කරල ලැජ්ජ වෙනවට වඩා පාඩුවෙ ඉන්න එක හොදයි.

      නක්කලේ තේරුම එහෙම එකක් තමයි. නෝන්ඩිය, කින්ඩිය වගේ. මං හිතන්නෙ ඒක දෙමල වචනයක් වෙන්න ඕන.

      Delete
  6. හික්ස්... හයියූ...දෙයියනේ.....

    ReplyDelete
  7. අපේ ඔෆීසියේ ඉන්නවා මාරම මීටරයක්. නොදන්නා දෙයක් නෑ. ඇත්තටම හොඳම මීටරයක්. මේ දැන් මම උගෙන් නිකමට මේ ප්‍රශ්ණය ඇහුවා...හි හි හී... ඌත් ඒක දන්නෙ නෑ. අර සමන්ගේ උත්තරය වගේ එකක් තමා දුන්නේ..මම කලේ බඩ අල්ලන් හිනා උන එක..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක හැමෝම පටලගන්නව. මං දන්න විදිහට එයාල කියන ඒවට කියන්නෙ "නිම්න" කියල. ඒ කියන්නෙ කදු වලින් වට උන පහත් බිමක් වෙන්න ඕන.

      ඕක ටැපලෙනව ඇත්තෙ සානු කිව්වහම ඒ ලගින්ම යන වචනෙ කාණු නිසා වෙන්ටැ.

      දැන් අසනීපත් හොද එකේ ඇති තරම් හිනා වෙන්ටකො. ඔෆීසියෙන් එලවයි, බලාගෙන ඇ.

      Delete
  8. ගොඩක් (මේ මාත් ඇතුලුව :D) උන් ඔහොම තමා බන් . .

    තමන් මෙලෝ දෙයක් දන්නේ නෑ උනාට දන්නවා වගේ අනිත් උන්ට කියලා දෙන්න හරි දස්සයි . .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්ප. ඒ දක්ෂයිට තැනක් නැද්ද මන්ද
      :p

      Delete
  9. අඩේ මේ මම අදද මෙහෙ ආවේ , වෙන්න බැහැනේ o.o

    ReplyDelete
    Replies
    1. වෙන්ට බැරි උනත්, වෙලා තියනව. මාත් එ පැත්තට එනව, ඒත් rss feed වලින්. බොලාල මොබයිල් ව(ර්)ෂන් එකට හරියට සලකන්නෙ නැහැනෙ. ඉතින් කමෙන්ට් කරන්නත් බෑ. හදාගන්ට කියල කියන්න විදිහක් සෙට් උනෙත් නෑ.
      දැන් වත්
      මොබයිල් ව(ර්)ෂන් එකේ ටෙම්ප්ලේට් එක මාරු කරනව නම් කැමතියි.

      Delete
  10. තමන් දන්න දෙයක් නොදන්න කෙනෙක්ට සත් භාවයෙන් කියා දීම ඉතාමත් වටිනා වැඩක්...පරිගණක ක්‍ර‍මලේඛ එක්ක වැඩ කරන මම නම් නොදන්න දේවල් අහන ඕන කෙනෙක්ට කියා දෙනවා...අපේ ගුරුවරුත් අපට ඉගැන්වූවෙ ඒ දේ කරන්න කියලා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දන්න දේවල් නම් හැම දෙයක්ම මාත් කියාදෙනව ඕන කෙනෙකුට. ඒ වගේම නොදන්න දේවලුත් අහගන්නව ලැජ්ජ නැතුව. එහෙම තමයි ඉන්ට ඕන සිරා

      Delete
  11. ඕං අපි වගේ අය.. දන්න දේකුත් නෑ.. නොදන්න දේකුත් නැතෙයි කියල තමා පෙන්නන්නේ.. හැක්...සිරාවට බං.. ඔව වගේ සීන්කෝන් අනන්තවත් තියෙනවා.. මේ මම දන්නෑනේ තෝ නුවර මහ ඉස්පිරිතාලේ නැවතිල ඉන්න විත්තියක්.. යකෝ මම එනවනේ එහේ නිතරම.. කාසෙට බෙහෙත් ගන්න.. හිකිස්...

    ReplyDelete
    Replies
    1. හැක්, දැන් කාසෙත් තියනවයැ. ආවොත් එන්ට, බුලත් විටක් එහෙම කාල යතහැකි, මුඛ පිලිකාවකුත් හදාගන්ට බැරියැ.

      Delete
  12. තමන් දන්න දේට වඩා නොදන්න දේ වැඩියි කියලා පිළිගන්න හුඟ දෙනෙකුට හිත දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ මෝඩ පන්ඩිතකම කියල නේද අයියන්ඩියෙ.

      Delete
  13. ඔහොම දෙයක් කිව්වට පස්සේ වැඩේ මාට්ටුවෙගෙන වගේ යනවනම් කියන්න තියෙන්නේ '' මං ඒකට කියන්නේ එහෙමයි '' කියලා , සිම්පල්

    ReplyDelete
    Replies
    1. හැක්, සුජිය හුලං ටෙල්ද පාවිච්චි කොරන්නෙ

      Delete
  14. ඒ කෙල්ල තාමත් ඌ එක්ක ඉන්නවද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තාම සිටී. මං හිතන්නේ කොල්ල මේ පාර කෙසෙල් ගහකට කොටල, හොට ටැපලිලා

      Delete

ලියන්නකො බලන්න