Saturday, February 1, 2014

ATM වංචාවක්ද ? හොරකමක්ද? 2

"වැඩේ කෙරුනට පස්සෙම හොරා ගැන ලියන්නම් ඇ." කියල නැවැත්තුව එකේ ඉතුරු ටික කෝ හැබෑටම. Friday, April 26, 2013 කියල තමයි අන්තිම එකේ තියෙන්නෙ. මේ පැත්තට නොඑන්න හේතු කියනවට වඩා හොදයිනෙ ඉතුරු ටික ලියන එක.

ඉතින් එදා මං රුවන්වැල්ලෙ බැංකුවෙන් පිට වෙලා හිස් අතින් වගේම හිස් හිතින් ගෙදර ආව. හිස් හිතින් කිව්වට හිතට නිදහසක් නම් තිබුනෙ නෑ.මොකද එතකොට මං හොදින්ම දැනගෙන හිටිය මගෙත් එක්ක එකටම ඉන්න එකෙක් තමයි මට මේ ධාතු වැඩේ කරේ කියල. ගෙදර ඇවිත් හවස් වෙලා රඹුක්වැල්ල අයියට කෝල එකක් ගත්ත.

රඹුකේ මං හිතුව හරි, කවුරුහරි එකෙක් මගෙ අකවුන් එකෙන් සල්ලි ඇදල.

හරි පුතා එහෙනම් ෂුව එකටම චමත තමා ගේම දෙන්න ඇත්තෙ. එදා උඹ සල්ලි ගන්නකොට ඕකා වීදුරුවට අත තියලබලා හිටිය. ඇයි බං උඹ දැක්කෙ නැද්ද. අඩේ මටත් ආසයි බං දේශ් (එහෙත් ඔය නම කියනව) සල්ලි ගන්නව බලන්න. මාත් යන්නද ඇතුලට කියල ඇහුව. විහිලුවක් නිසා මං කිව්ව දෙන්නෙකුට ගන්න තරම් සල්ලි ඕකෙ නැතුව ඇති මෙන්න මෙහෙට වෙලා ඉදහං කියල.

ඒකත් එහෙමද. එහෙනම් ඇවිල්ලම කතා කරමුකො කියල ෆොන් එක තිබ්බා.

මට ඒක හො හෝඩුවාවක් උනා. මං දවස් ෙදකකට පස්සෙ ආයම වැඩට ගියා. මං නැති අතරෙ චමත් හදිස්සියෙන්ම ඇවිත් ගිහින් තිබුන.ඒ දවස් වල මැෂින් දවසට දෙතුන් පාරක් නවතිනව. ලෙඩ්ඩුන්ෙග ජීවිත අනතුරේ නිසා විනාඩි පහකට වත් එලියට බහින්න විදිහක් තිබුනෙ නෑ. බැංකුවට යන වැඩෙත් ඒ නිසාම මගහැරුන.

දැන් මට දින වකවානු මතක නෑ. එව්ව අමතක කරපු නිසා. ඒත් ඉක්මනින්ම දවසක චමත් ආයෙම ආව. හැං අතින්ම සැකය උගේ ගැන තිබුනත් මං වෙනසක් පෙන්නුවෙ නෑ. වෙනදටත් වඩා හොදට මං පිලිගත්ත. එදා උදේක තමයි මිනිහ ආවෙ. කව්රුත් හිටියෙ නෑ එනකොට. පස්සෙ වසන්ත (හොස්පිටල් ස්ටාෆ් එකේ යාළුවෙක්) රූම් එකට ආවා. "ආ මොකෝ වියදමට සල්ලි නැතුවද" කියාගෙනමයි ආවෙ චමත්ව දැක්ක ගමන්. මං වසාට මොකුත් කියන්න එපා කියල ඉගි කරල එලියට ගියා. මගෙ මුදල් පසුම්බිය හිතලම ඇතුලෙ තියෙද්දි ආවෙ. 

ටිකකින් වසා ගියා. මං ලග තිබුනු ඔක්ෂිජන් රූම් එකේ හිටපු අප්පච්චිත්(වැඩ කරන කෙනෙක්) එක්ක චැටක් දාගන හිටිය. හිතුව විදිහටම චමත් ටිකකින් එතනට ආව.

මං පොඩ්ඩක් ගුඩ්ෂෙඩ් එකට ගිහින් එන්නම්. කියල පොර ගියා.


මං සැනින් කාමරේට ගිහින් කාඩ් එක තියද බැලුව. බඩු නෑ. මං ඒ වෙනකොට සොටක් දාගෙන සැහැල්ලුවෙන් හිටියෙ. දවල් නිසා එහෙම ෆලො පාරක් දාන්න විදිහක් නෑ. අප්පච්චිට ගිහින් කිව්ව අදත් බඩු මිසින් කියල. 

එහෙනං ආවම අල්ලගෙන තලමු. ආය මොකක්ද. 

එහෙම බෑ අප්පච්චි. මට හරියට සාක්කි ඇතුව අල්ලන්න ඕන.

මං කාමරේට ගිහින් ෆෝන් එක ඕෆ්ලයින් දාල වීඩියෝ ඔන් කරල හැංගුව, පර්ස් එක තියන තැන ගානට සෙට් වෙන්න. තියල මං එලියට වෙලා හිටිය. යාළුව ආවම මට ඔන දේ කරන්න නිදහස දීල. 
විනාඩි දහයකින් විතර පොර ආව. කාමරේට ගිහින් ටිකකින් ගෙදර යන්ව කියල බෑග් එකත් අරගෙන එලියට ආවේ. ඒ වෙනකොට මං කේන්තියෙන් වෙව්ලනව. ඒත් වෙනසක් නොපෙන්වන්න් උපරිම ට්‍රයි කලා. මෑන් ගිය ගමං මං ගිහින් කාඩ් එක තියලද බැලුව. හපොයි මිනිහ මේ පාර අරගෙනම ගිහින්. දැන් ඉතින් වීඩියොවෙ මොන අහවල් එකක් තියෙන්නද.

අකවුන්ට එකේ තිබුනු සල්ලි ඔක්කොම ගත්තත් කමක් නෑ කියල හිතාන හවස් වෙනකල් හිටිය. හවස කාඩ් සෙන්ටර් එකට කොල් කරල බැලුව. ඒත් සල්ලි අරන් තිබුනෙ නෑ. කොකටත් මගෙ ආරක්ශාව ගැන හිතල කාඩ් එක කැන්සල් කරා.

පහුවදා මං KCC එකේ තියන කොමර්ෂල් බැංකුවට ගියා. ලස්සන ඇස් දෙකෙන් කතා කරන ගෑල්ලමයෙක්ට මගේ කතාව කිව්ව. atm එකේ වීඩියොව ගන්න ලියුමක් දෙන්න ආවෙ කියල මං කිව්ව්.

සර්ගෙ එකවුන්ට් එක තියෙන්නෙ රුවන්වැල්ලෙ නම් එහෙට තමයි ලියුම දෙන්න ඕන.

දැන් කාපන්කො හැලප. 

මට තව මොනව හරි කියවෙන්න කලින් අලුත් කාඩ් එහෙකට ඇප්ලයි කරල එතනින් ආව.

ටික දවසකින් මං නිවාඩු ආව. බැංකුවට යන්නත් එපා වෙලා තිබුනෙ. දවසකට පස්සෙ මං වෙනුවට නුවර නවත්තල ආපු සම්පත් කොල් කරල කිව්ව "අයියෙ චමත් ආව අද යන පාටක් නම් නෑ" කියල. මං සැනාන් ලෑස්ති වෙලා නුවර ගියා. කිසිම පලෑන් එකක් නම් තිබුනෙ නෑ.

මං එහෙට යනකොට යාලුව පුදුම උනා. මං වෙනසක් නැතුව විහිලුවක් කරගෙන හිටිය.එදා රෑ වසාත් ගෙදර ගියෙ නෑ වසාටයි,සම්පත්ටයි, චමත්ටයි මගේ රූම් එකේ නිදාගන්න කියල මං එහාපැත්තෙ තිබුනු රූම් එකට ගියා. උදේ පාන්දර ඔක්සිජන් සිලින්ඩර්ස් බාන සද්දෙට මං ඇහැරුනේ. ටිකක් එහෙමම ඉදල රූම් එකට ගිහින් මූණ හොදගෙන හීටර් එක ගැහුව. 

මසී අපෙ අයිය කෙනෙක් එනව කිව්ව ක්ලීනික් එහෙකට. දැන් ඇවිත් කොල් කලා මං පොඩ්ඩක් බලල එන්නම්.

එහෙම කියල වෙනදට නමය විතර වෙනකල් නිදියන චමත් ගියා ඔන්න. 

මං සැහැල්ලුවෙන් තේ හදන්න ලෑස්ති කලා. එතකොටම වසා කෝල එකක් ගත්ත. 

ඒ දේශ් කෝ චමත

OPD එකට යනව කියල ගියා

බලපංකො මේක ඔය ඩිංගට කපිලයගෙ (ඔක්සිජන් ලොරියෙ ඩ්‍රයිවර්) රුපියල් පන්සීයක් උස්සලනෙ.

අඩේ සිරාවටමද කියන්නේ?

ඹව් ඔව් ආවොත් යන්න දෙන්න එපා. ඉදපං අපි එනව. 

 එතකොටම කපිල අයියත් "කෝ ඕකා කොහෙටද ගියෙ" කියාගෙන ආවා.

මොකද උනේ කියනවකො. 

නෑ බං මල්ලි මං උදේ පේරාදෙනි ගිහින් එනගමං පල්ලෙ සෙඩ් එකෙන් තෙල් ගැහුව. පන්සීයෙ කොල තුනක් ඉතුරු අරන් පර්ස් එකට දාල තිබ්බ මට හොදට මතකයි. දැන් මේ තේ හදන්න පිටි පැකට් එකක් ගන්න කඩේ ලගදිබලනකොට දෙකයි තියෙන්නේ.

ඔය ටික කියනකොට නිදාන හිටිය සම්පතත් නැගිටල. 

කොහෙ ගියත් රෙදි මෙහෙ ආපහු එන්න එපැයි. බොටමක් දාගෙන ගියෙ. යමංකො හොයන්න. 

චමතට කෝල කරල කොහෙද ඉන්නෙ ඇහුව.
මිනිහ කිව්වෙ OPD එකේ ඉන්නනෙ කියල.
තේ හදල තියෙන්නෙ ඇවිත් බීල පලකො කියල මං ෆෝන් එක තිබ්බ

එතකොට රඹුක්වැල්ල අයියත් නයිට් එක කරල ඔෆ් වෙලා හිටියෙ. වෙලාව හයට විතර ඇති. සම්පත්ව OPD එක ඉස්සරහින් නතර කරල ෆොන් එකේ ලයින් එකේ තියාගෙන මායි,රඹුකයි,වසන්තයි, කපිල අයියයි OPD එකේ ඉහල පහල තට්ටු ඔක්කොම පීරල හෙව්ව. 

අයියෙ අන්න මිනිහ පහලින් එනව. එහෙම කිව්වෙ සම්පත්

සම්පත්ට හැංගිලා යන්නෙ කොහෙටද බලන්න කියල කට්ටිය එකතු කරගෙන පහලට බැස්ස.

මං රූම් එක ලොක් කරල ආවෙ. චමත් ගියෙ රූම් එක පැත්තට නිසා කඩෙන් කන්න දේවලුත් අරන්. ගිහිහින් දොර ඇරලතේ බොන්න ආරාධනාවක් කළා යාළුවට.හැමොම ඇතුලට ආව. මංම දොර ඇතුලෙන් ලොක් කළා. මං ඇතුලෙ කාමරේට යනකොට චමත් ඇදේ ඉදගෙන මැසේජ එකක් ටයිෆ් කරනව. ඒ වෙනකොටත් දුම් දාන තරම් රස්නෙට තිබුනු වතුර ජෝගුව මං බාත්රූම් එකට නිදහස් කළා. මේසෙ උඩ තිබුනු පිහිය  කාටවත් නොපෙනෙන්න මගේ බෑග් එකට දැම්ම. එතකොට කපිල අයිය චමත්ගෙන් ප්‍රශ්න කරන්න පටන් අරන්.

කෝ මගෙ පර්ස් එකෙන් ගත්තු රුපියල් 500 දියන්.

මොන පන්සීයක්ද? අනේ මං ගත්තෙ නෑ.

චමත් මේ උඹ හොදටම දන්නව මේ කපිල අයිය හොදට හොදයි නරකටත් ඒ වගේම තමයි ඇ.

අනේ අම්මාපල්ල කපිල අයියෙ මං ගත්තෙ නෑ. ගත්ත කෙනෙක්ගෙන් අහන්න.

උඹ විතරයි ලොරියට නැග්ගෙ. උදේ දාපු සල්ලලි දැන් නැතිවෙන්න බෑනෙ.

ඔය විදිහට දෙබස් ගලාගෙන යන අතරෙ මං ප්ලාන්ට රූම් එකේ තිබුනු බර ටුල්ස් ස්ලිප්ටර්,යතුරු වගේ එව්ව ලාච්චුවට දැම්ම. කවුරු කවුරුත් මාසෙක දෙකක ඉදන් චමත් එක්ක මරණ තරම් කේන්තියෙන් හිටියෙ. ඔය අතරෙ පිරිමියෙකුය තවත් පිරිමියෙක් නිසා ඇතිවන කේන්තියට ගතට වඩා හිතට රිදෙන්න ගහන්න පුළුවන් හොදම සහ සරලම පහර වෙච්ච කම්මුල් පාරවල් දෙක තුනක් වදින සද්දෙ ඇහුන.
මං ගිහින් ඇද ලග තිබුනු මේසෙ උඩ වාඩි උනා.

සැකය කොච්චර ප්‍රභල උනත් සාක්කියක් නැතුව චමත්ගෙ ඇගට අතක් වත් තියන්න මට මගේ හිත ඉඩ දුන්නෙ නෑ. වසන්ත මගේ කාඩ් එකෙන් සල්ලි ගත්ත කතන්දරෙත්, සම්පත් මං කිලිනොච්චියෙ හිටපු දවස් වල මං වෙනුවට හිටපු අමිලගෙ නැතිවුනු රුපියල් දාහක කතාවකුත් මතක් කරල සැලකුව. ඇත්තටම ඒ හැමොටම සාධාරණ අයිතියක් තිබුන ගහන්න. මොකද ඒ අය මගෙ කාමරේට යන එන එකට ඉන්න අය. හොරකම් කළේ චමත් උනත් සැකයක් ඒ අයගෙ පැත්තට යොමු වෙන නිසා එයාල හදවතින්ම ලැජ්ජ උනා. කොහොම වුනත් චමත් කිසිම වරදක් තමන් කරපු බව ඒ වෙනකොටත් පිළිගත්තෙ නෑ. මගෙ යටිහිතත් මට වද දුන්න ඇත්තටම මේ අහිංසකයෙකුටද මෙච්චර තලන්නෙ කියල. චමත් නිතරම අම්මාපල්ල ගත්තෙ නෑ කියල දිව්රුව. මෙච්චර වෙලාවක් මායි රඹුක්වැල්ලයි අත් බැදගෙන බලා හිටිය විතරයි.

දියන් උඹේ පර්ස් එකයි ෆෝන් එකයි.

මගේ සීමාවන් පැනගෙන එන නිසා උගෙ පර්ස් එකේ තිබුනු අයිඩින්ටි කාඩ් එකේ ෆොටෝ එකක් ගත්ත.

ගන්ං මුගෙ ගෙදරට කොල් එකක්.....

මට කලින් රඹුක ඉස්සර උනා.

අනේ ගෙදරට නම් කියන්න එපා මං සල්ලි ඔක්කොම දෙන්නම්. අමිලගෙ එව්වත් දෙන්නම්.

ඒ වචන කිසිම ගැටලුවක් නැතිව මගෙ ෆෝන් එකේ රෙකොඩ් වෙනකොට මෙච්චර වෙලාවක් එකට බැදිල තිබුනු රඹුක්වැල්ලගෙ දෑත් චමත්ගෙ මූණ හොයාගෙන ගියා. ඒත් එක්කම චමත්ෙග පපුව ඉලක්ක කරගත්තු දකුණු දනහිසත්. මූන ඉලක්ක කරගත්තු වම් අතත් ඇතිව මං ගුවන්ගත වුනා. පළමු ගැටීමෙන්ම ඔහු ඇද මත දිගා වුනා. ඊලග තත්පර කිහිපයේදී මගේ දෑත් ඔහුගේ ශරීරයේ සෑම තැනකම ස්පර්ෂ වූනා. කවුරන් හෝ මාව නැවැත්තුව.

චමත්ගෙ දෙරට කොල් කරා. උගෙ කටින්ම කරපු දේවල් කියන්න සැලැස්සුව. පොලිසියට භාර දුන්නොත් වෙන දේ පැහැදිලි කරා. ඒ අහිංසක දෙමාපියො හැම පාඩුවක්ම ගෙවන්නම් පොලිසියට භාරදෙන්න එපා කියල බැගෑපත් වුනා. වහාම සල්ලිත් අරන් නුවරට එන්න ඔව්න් පොරොන්දු වුනා. ඒත් මගේ හිතේ තිබුනු කේන්තියත් දුකත් නැතිවනතුරු එනම් චමත්ගේ මොපියන් එනතුරුම් (10:45 am) විටින් විට මාත් අනෙක් අයත් ඔහුට පහරදුන්නා.

කතාව දික් වන නිසා කෙටියෙන් ලියන්නම්. චමත්ගෙ දෙමාපියන්ගෙන් අපි හැමොගෙම නැති වුනු සල්ලි ආපහු ගත්ත. සල්ලි ගෙවල සමාදාන වුනු බවට ලියුමක් ගත්ත. මූණ ඉදිමිලා අමාරුවෙන් ඇවිදගෙන යන පුතා දිහා බලා ඉන්න තාත්තගෙන් ඉල්ලීමක් කළා. ඒ අසනීපෙකටවත් මූ ආපහු නුවර ඇවිත් ඉන්නව දකින්න ඉඩ තියන්න එපා කියල. ඒත් එක්කම තව දෙයක් කිව්ව. ඒක තමයි මේ හැම දේකටම මුල් වුනු ඇතුලාන්තය. ඒ ගැනත්. පසු කතාවත් තව පොස්ට් එහෙකින් ලියල තියනව. පසු කාලෙක මතකය අළුත් කරගන්නවත් පුළුවන්නෙ.

මේ දේවල් වලට මේක කියවන අයගෙන් ලැබෙන ප්‍රතිචාර බලලම කියන්නම්කො මට ගෙදරින් ලැබුන ප්‍රතිචාර.





Friday, April 26, 2013

ATM වන්චාවක්ද? හොරකමක්ද?



2013~4~05
හෙලෝ,

ඒ උඹ කොහෙද ඉන්නෙ.

රූම් එකේ තමයි බං. කොහෙ යන්නද.

තව කවුද ඉන්නෙ?
සම්පත් ක්ලාස් ගියා හවසට එයි. ප්‍රභාත් හවසට එනව කිව්ව. දැනට නම් මං විතරයි

හා හා

ඇයි ඒ

නිකන් නිකන්
පුලුවන් උනොත් මං අද ඔහෙ එනව ඇ. ඉන්න පුලුවන්නෙ?

වරෙන් වරෙන් එහා පැත්තෙ රූම් එකත් තියනවනෙ.

හරි හරි මං එන්නම්කො

පැය කිහිපයකට පසු ලොකු බෑග් එකක් එල්ලාගත් මිතුරා මගේ කාමරයට ආවා.

උඹ කොහෙ ඉදන්ද කෝල් කලේ එතකොට.

ගුඩ් ෂෙඩ් එකේ

නොදකින් අවලමා, මං හිතුවෙ උඹ තාම කඩුවෙල කියල.

හි හි

ගොඩ දවසකින් දැක්කෙ.
කොහොමද අලුත් ජොබ් එක හොදයිද?

අවුලක් නෑ.

මොකෝ අද ගෙදර යන්නෙ නැත්තෙ?

නිකන් ඕයි,
හෙට පොඩි වැඩක් තියනව. ඒක කරගෙනම යනව.

පැය කිහිපයක් මෙසේ ආගිය තොරතුරු කතා කරන්නට ඇත.

අඩෝ මේක මොකද මෙහෙ? ඒ සම්පත්

මල්ලි මොකද කලින් ක්ලාස් ඉවර උනාද?

නෑ අයියා, මට මාවනැල්ලෙ යන්න උනා. දැන් ගිහින් රෑ වෙලා එන්නම්.

චමත්, වරෙන් යන්න මාවනැලි.

මාවනැලි නෙමෙයි හුක්, කෝ උඹ දෙනව කිව්ව බෝතලේ

හරි උඹ අද ඉන්නවද? අද දෙන්නම්.

හරි මං ඉන්නව. එහෙනම් ෂුවර් ඇ.

මන් දැන් යනව. උඹල ගෙනත් තියපන්. සම්පත් 1000ක් දුන්නා. එය සැනින් චමත් ඇදල ගත්තේ සල්ලි පෙන්නල ආපහු දාගන්න විහිලුව දන්න නිසාය.

ඇයි උඹ හිතුවද බොරුවට දුන්නෙ කියල. පල ඩෝ යන්න. අපි දෙනව කිව්වොත් දෙනව.

මල්ලි සැලරි පොජ්ජ මන්ද කරලවත්ද?
මං ඇහුවෙ සම්පත් ලග මේ දවස් වල සල්ලි තිබුනෙ නෑ කියල දන්න නිසාමයි.

ඔව් අයිය දන්නෙ නැද්ද? මාත් දන්නෙ අද ඕයි. දෙවෙනිද දාල තියෙන්නෙ.

දැන් මගෙ බෝතලේ හරි චමත්ගෙ පාටිය කවද්ද දෙන්නෙ?

ඒක 12නෙ බං. අද සල්ලි නෑ. 10 පඩි

අයියෙ මං ගිහින් එන්නම් ඇ.

හරි මල්ලි, අපි පරිස්සමෙන් ඉන්නම්, අපිට බුදු සරණයි.

සම්පත් පිටත් වෙලා පැය කිහිපයක් ගත උනා. ඒ වෙනකොට රඹුක්වැල්ල අයියත් ඇවිත් හිටිය.

රඹුකෙ මොකද කියන්නෙ? බොමුද බෑ?

බොනව නම් බොමු,

එහෙනම් වයිට් රම් එකක් ගෙනත් ගහමු. මට නම් වැඩිය බෑ.
මට බොන්න කැමැත්තක් තිබුන දවසක් නොවුන නිස මං එහෙම කිව්ව.

6යි 30ට විතර ගියා බෝතලයක් ගේන්න.

රඹුක්වැල්ලත්, මමත් චමතුත් යන තුන් දෙනා තමයි ගියෙ.
එහෙමම නුවර දුම්‍රියපොලේ තියන කොමර්ෂල් atm එකට ගියේ.
මං ඒකෙන් රුපියල් 2000ක් ගත්ත. ඒ වෙනකොටත් මගෙ ලග රුපියල් 1500ක් පමණ තිබුන. නමුත් හෙට අනිද්ද දිනයක ෆෝන් බිල් ගෙවන්නත් වෙන නිසා 2000ක් ගත්තෙ.
මං සල්ලි ගන්නකොට රඹුක්වැල්ල සහ චමත් එලියෙ හිටියෙ. මං ඒ ගැන වැඩි තැකීමක් කලේ නෑ. එලියට ඇවිත් සම්පත් දුන්න 1000ට මං 500ක් එකතු කලේ වයිට් රම් බෝතලයක් රුපියල් 1400කට ආසන්න නිසාත්.චමත් ලග සල්ලි නෑ කියනව මට කලින් ඇහුන නිසා. නිල බයිට් සැපයුම්කරු උනේ රඹුක්වැල්ල.

එදා මං බේබදුකම අඩු කරගෙන සෙන්ටිමීටරේකින් දෙකකින් සෑහීමකට පත් වෙලා හිටිය.

නැවතත් atm එකෙන් සල්ලි ගන්න උවමනාවක් ඇති උනේ 11 වෙනිද. එදා මං සල්ලි ගත්තෙ හොස්පිටල් එක ඇතුලෙ තියන මහජන බංකුවෙ atm එකෙන්. සුපුරුදු පරිදි ඒකේ කොල ඉවර වෙලා. රිසිට් පතක් දෙන්ට බෑ කිව්ව. මං රුපියල් 2000ක් ගත්තෙ. කොහොමත් කමර්ෂල් එකේ කාඩ් එකෙන් සල්ලි ගත්තහම මහජන බැංකු atm එකෙන් දෙන රිසිට් එකේ බැලන්ස් එක ගැන මගෙ පැහැදීමක් නෑ. සල්ලි ගන්න කලින් තිබුන ගානම පෙන්නනවද කොහෙද.

ඒ දින කිහිපය ටිකක් වියදම් අදික උනාද කොහෙදො. මං නැවතත් 13 වෙනිද ගියා දුම්රිය පොල අසල ඇති atm එකට. නිකන් මොකටද රුපියල් 60ක් පූජ කොරන්නෙ. 13 පාරත් පාලුවට ගිහින් නිසා මං හෙමින් හෙමින් ගිහින් atm එකට ඇතුල් උනා. ඒදා මං බැලන්ස් එක බැලුවෙ ටිකක් වැඩිපුර මුදල් අතට අරගත්ත නම් ආයෙමත් මෙතෙන්ට එන්න ඕන නැහැනෙ ඉක්මනට, කියල හිතුන නිසා.
අම්මට සිරි වෙන්න මේකෙ සල්ලි අඩුයිනෙ බොල.
මගේ පර්ස් එකේ වත්, බැංකුවේ වත් තියන සල්ලි ගාන කවදාවත් තිතට ගැනල මතක තියාගන්නෙ නෑ. ඒත් එව්වයෙ තියන සල්ලි ගැන දල අදහසක් මගෙ හිතේ තියනව. රුපියල් 10ක් අඩු උනත් දැනෙනව. මං පියවි සිහියට ආවෙ කාඩ් එක නැවත එලියට ආපු නිසා. මං ආයෙමත් කාඩ් එක දාල 1500ක් අරන් හොස්පිටල් එකට ආව.

නිවාඩු දින කිහිපයක් තිබුන නිසාත්, නුවර බැංකු කාර්ය බහුල නිසාත්. මගේ බැංකු පොත අවුරුදු එක හමාරකින් පමන අප්ඩේට් කර නොතිබුන නිසාත් මම ටිකක් පසුබැස්ස. නිවාඩු ලැබුන පසු මේ පිලිබද සොයා බැලීමට හිතාගත්ත.

නිවාඩුව ටිකක් කල් ගියා පහුගිය 24 වෙනිද මං රුවන්වැල්ලෙ කොමර්ෂල් බැංකුවට ගිහින් පොත අප්ඩේට් කලා.
පොතේ සටහන් වෙන විදිහට රුපියල් 4200ක් සහ, 4000ක් මේ මාසය ඇතුලත දෙවරක් atmඑකකින් අරන් තිබුන.

බැංකුවෙන් එලියට ඇවිත් මං ආයෙමත් පොත පරික්ෂා කරල මගෙ මතකය ඇවිස්සුව. කවදාවත් atm එකෙන් එන රිසිට් පත් ලග තියාගන්නෙ නෑ මං. සල්ලි ගත්ත විදිහ කොහොමත් අමතකයි. ඒත් එකම එක පරහක් පේන්න තිබුන. ඒ තමයි 4200 ගත්ත එක. මං කවදාවත් එහෙම ගනනක් ගත්තෙ නෑ කියල විශ්වාසයි. කොහොමත් atm එකෙන් ගන්නව නම් ගන්නෙ සරලව කිව්වොත් රවුම් ගානක්. මේ මාසය ඇතුලත රුපියල් 13500ක් පමන ගිණුමෙන් අරන්. මං එහෙම ගත්ත නම් කරපු දෙයක් තියෙන්නත් එපැයි.
මං ආරක්ෂක නිලධාරි මහතාගෙන් විමසුව කාටද මේක දැනුම් දෙන්ට ඕන කියල. ඔහු මාව යොමු කලා තරුණ මහත්මයෙක් ලගට.

මට ගත්තෙ නැති බව හොදටම විශ්වාස 4200 පිලිබද මං ඇහුව.

සෑහෙන වෙලාවක් ඔහුත් සමග කතා කලා. මං දිගින් දිගටම එම මුදල් ආපසු ගැනීම මං නොකල බව කිව්ව නිසාත්, මං කාඩ් එකට අදාල පින් අංකය කාටවත් නොදුන් බව කිව්ව නිසාත්. ඒ ගනුදෙනු පිළිබද විස්තර හෙව්ව.

4200 අරන් තිබුනෙ 6 වෙනිද රෑ 8යි 50ට.
4000 අරන් තිබුනෙ 9 වෙනිද දවල් 1යි 30ට

6වෙනිද ගනුදෙනුව මං නොකරපු බව මට හොදටම විශ්වාස බව කිව්වහම ඔහු මාව ඉහල නිලධාරියෙකුට යොමු කලා.
ඔහුත් සමගත් සෑහෙල වෙලාවක් කතා කල. එම ගනුදෙනුවත් කරල තියෙන්නෙ දුම්‍රියපොලේ ඇති atm එකෙන් බව ඔහු කිව්ව. තවත් වැදගත් දෙයක් කිව්ව. මේ 4200 ගන්න කලින් ඔයා බැලන්ස් එක බලල තියනව. ඊට පස්සෙ තමයි ඔයාඑ මොකක් හරි උවමනාවකට 4200 ගන්න ඇත්තෙ.
මං ඇහුව කොහොමද බැලන්ස් එක බලපු බව කියන්නෙ කියල. බැලන්ස් එක බලල ඒකට රිසිට් එකක් අරන් තියන නිසා රුපියල් දෙකක් අය කරගෙන තියන බව ඔහු කිව්ව.

බැලන්ස් එක බැලුවත් ඒකට රිසිට් එකක් print කරගන්න තරම් උවමනාවක් මට කොහෙත්ම නැති බව මං ඔහුට කිව්ව. එහෙම දෙයක් උනා නම් මට හොදට මතක හිටින්න ඒක ප්‍රමානවත්නෙ.

ටික වෙලාවක කතාබහෙන් පසුව එම මහත්මයාටද මේ පිලිබද යම් සැකයක් ඇති බව මට පෙනුන. 4200ක් ගැනීමත්. බැලන්ස් එක print කිරීමත් කවදාවත් සිදුව නැති දේවල් නිසා ඔහු මට යෝජනාවක් කල.

ඔයාට සීයට සීයක් විශ්වාස නම්. කෝකටත් තව තවත් මතක් කරල බලල රික්වෙස්ට් එකක් දාන්න. මේ ගැන පරීක්ශනයක් ඕන කියල. අපිට පුලුවන් atmඑක ඇතුලෙ හයිකරල තියන cctv කැමරා එකෙන් ගත්ත වීඩිඕ ක්ලිප් එක බලන්න. සම්හර විට ඔයාට ඒකට ගෙවීමක් කරන්න වෙයි. එහෙම උනොත් යන වියදම දරන්න කැමතියි කියලත් ලියලම ලියුම දෙන්න. අපි හොයල බලමු.
මං දන්නෙ නෑ ගෙවීමක් කරන්න වෙනවද කියල හරියටම. මෙහෙම වෙලා නෑ මීට කලින්. ඔයා ලියුමක් දෙන්නකො.
කැමති නම් කැන්ඩි වලින්ම ලියුම දෙන්නත් පුලුවනි.


මම ඔහුට ස්තුතියි කියල ආව. ඔහු එන්න කලින් ඔහුගෙ දුරකතන අංකයත් මට දුන්න.

අද වෙනකොට මේ ගැන ගොඩක් දේවල් මට හිතාගන්න පුලුවන්. තාම වීඩිඕ එක ගත්තෙ නෑ. ඒත් මං ගොඩක් දේවල් හෙව්ව. සාධාරනව සැක කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව.



මට උදව්වකුත් ඕන. දන්නව නම් කියන්න මේ වීඩිඕ එක ගන්න මට කොච්චර විතර වියදමක් දරන්ට වෙයිද?

atm ගැන ලිපි ලියපු, බැංකු මහත්තුරු වැච්ච සුදීක අයියල එහෙම ඒ ගැන දන්නව ඇතිනෙ.
නැත්නම් ගහෙන් වැටුන මිනිහට ගොනත් ඇනපි කිව්ව වගේ සෑහෙන ගානක් ගෙවන්ට උනොත් එහෙම.

වැඩේ කෙරුනට පස්සෙම හොරා ගැන ලියන්නම් ඇ.

Monday, March 25, 2013

මූණුපොත සහ අපි




 මගෙත් මෙව්ව එකක් තියනව කියල මතක් උනා ඔන්න. බැහැනෙ මේ මාසෙ පාලුවට
තියන්ට. බබාට නමක් එකේ දෙවෙනි කොටස කියන්ට කියල හිතාන ෆෝන් කට්ට අතට
ගත්තෙ. එහෙම කිව්වම මතක් උනේ. හරිම අපරාදයක් මගෙ අතින් වෙලා තියෙන්නෙ.
මුකුත් නොලියම දිනපතා හිට්ස් වැඩි වෙන නිසා සැකේට හොයල බැලින්නම් මේකට
ඇවිත් තියෙන්නෙ ඇත්තටම බබාලට නම් හොයන ඇත්තො. අනේ සමාව භාජනේකට දාන්ට ඕන
ඒ උදවියට වෙච්ච අසාධාරනේට.

මක්ක උනත් බබාට නම් තියන එක පැත්තකට දාල බුකිය ගැන ලියන්ටයි හදන්නෙ. ඒ
කියන්නෙ මගෙ බුකි ජීවිතෙත්, මට උන හොද නරකත්. කාටත් හිතට ගන්ට යමක් තියෙයි
ඔන්න.

2010 අග හරියෙදි තමයි මමත් අන්තර් ජංජාලෙ හරි හරියට පාවිච්චි කොරන්ට
ගත්තෙ. ඒ වෙනකොට ගෙදර කොම්පීතර කබලක් තිබුනත් ඒකට ජංජාලෙ ඒකට ගේන එක නම්
හීනයක් වෙලා තිබුනෙ. 4න් එකෙන් ගොඩ කාලෙකට කලින් ඉදන් (ඒකියන්නෙ ඩයලොග්
එකෙන් නයටත් ජාලගතවෙන්ට ඇහැක්ව තිබුන කාලෙ ඉදන්.) ජාලෙට ගොඩ උනාට, ආව ගිය
අඩවි නම් මෙතන දාන්ට බැරි එව්ව. දැනන් උන්නෙ එව්ව විතරමනෙ. ඔහොම යද්දින්
තමයි මිතුරු සමාජ ජංජාලෙන් ගොඩනගන්ට ඇහැක් බව දැනගත්තෙ. ඒත් මුලින්ම ආවෙ
මූනු පොතට නම් නෙමෙයි. ගොඩ කාලෙක ඉදන් ඊ මේල් ගිනුමක් තිබ්බ නම් හොදයි
කියල හිතුනත්. ගූගලේ වගේම යාහූවෙත් ඒකට මට ඉඩ දුන්නෙ නෑ. හැමදාම කිව්වෙ
අලුත් ගිනුමක් හදන්ට නම් කොම්පීතරෙන් එන්ට කියල.

ඔහොම ඉන්නකොට තමය් මට මයිගැමා (mygamma) කියන අඩවිය සෙට් උනේ. හැදුව ඒකෙ
ගිනුමක්. හැබැයි මේ වගේම තමයි. ඒ ගිනුමත් ෆේක් එකක්. මට ඔනෑ කරන තවත්
දෙයක් ඒකෙ තිබුන. වෙන මක්කවත් නෙමෙයි. සෙල් මේල් කියල පහසුකමක්. ඒකත් ඊ
මේල් වගේම තමා. අන්න ඒ මයිගැමා එකේ සෙල් මේල් එක පාවිච්චි කොරල තමයි මගෙ
පලවෙනි බුකි අකවුන්ට් එක හැදුවෙ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ. ඒ
වගෙම ඒකත් ෆේක් එකක්. ඒකට වැඩි ආයුශ තිබුනෙ නෑ.

මට රට රැකියාවක ගොහින් ආපු අයියන්ඩි කෙනෙක්ගෙන් ලැබුන දැන් පාවිච්චි කොරන
නොකියා 6120 ෆෝන් එක. නිකන් නෙමෙයි. සහනදායි මිලකට. මං ඉතින් ෆෝන් එකෙන්
ජංජාලෙ හැම අස්සක් මුල්ලකම රිංගනවනෙ. එතකොට තමයි දැනගත්තෙ "ඔයාබටේ" එකේ
තියන වීඩියෝ මේකෙන් බලන්ට ඇහැක් බව. දවසක් ඔන්න එහෙම වීඩියෝ බලන අතරෙදි
මේකල කියනව මගේ වයස හරිහැටි දන්නෙ නැතුව මේක පෙන්නන්ට බෑය කියල. කාල
වරෙන්කො. වයස තහවුරු කොරන්ට ඔයාබටේ ගිනුමෙන් ලොග් වෙන්ටලු. මට එහෙම එකක්
නැහැනොවැ. ටිකක් විපරම් කොරල ගිනුමක් හදන්ට පටන් ගත්ත. ටිකක් දුරට හදාන
යද්දින් තමයි තේරුනේ මේකත් ගූගල් කාරයගෙම මැජික් පෙට්ටියට අයිති එකක්
කියල. අර කොම්පීතරයක් නැතුව ඊ මේල් හදන්ට දෙන්ට බෑය කිව්ව ගූගලය මෙතනදි
බලු උනා. ඒ කියන්නෙ ඔයාබටේ ගිනුම හදල අහවර වෙද්දි මට ජීමේල් එකකුත්
හැදිල. හෆ්ෆේ මට ආව සතුටක්. ඒ උනාට මගෙ කුපාඩිකම කියන්නෙ. සැනින් ලොග්
අවුට් වෙලා හැදුව තවත් එකක්. ඒක ඉතින් අහන්ට දෙයක් නෑ. ෆේක් එකක්. දැනට
මේ බ්ලොග් එකට පාවිච්චි කොරන්නෙත් ඒක තමා.

මගෙ පස්සෙ හදපු මේල් එකෙන් හැදුව බුකි අකවුන්ට් එකක්. ඒකෙ නම තමයි "දේශයේ
ශක්තිය." මොන අහවල් එකට ඒ නම දැම්මද කියල නම් දන්නෙ නෑ ඔන්න. ඒ කෙන් තමයි
අද වනතුරුත් බුකිගත වෙන්නෙ. කියන්ටම ඕන ඔය හැමෝම කියනව වගේ ඒක කවදාකවත්
බ්ලොක් වෙලා නෑ මොන විදිහකට වත්. වැඩිය යාලුවොත් නෑ.

මං බුකිගත උනා. බුකියත් තනියම ඉගෙනගත්ත. ෆේක් එකක් උනත් යාලුවො ගොඩක්
අදුනගත්ත. මගෙ ඇත්ත මූන දැකල මට සෙට් උන යාලුවන්ට වඩා වෙලාවකට මාව නොදැක
ගොඩක් ලං උන යාලුවො වටිනව කියලත් හිතෙනව.

ඒ දවස් වල නම් ෆේක් එව්ව නැති තරම්. මට හැමෝම ලේසියට කිව්වෙ දේශ් කියල.
හිතේ තියන පුරශ්න වලට බුකිය හොද බෙහෙතක්. මට නම් අදටත් එහෙමයි. හිනා වෙලා
ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න මට බුකිය ගොඩක් වටිනව. බුකියෙ පිස්සු නටල
විනෝදෙන් හිටිය හැමදාමත්. ගොඩක් වෙලාවට මං දුක්ගන්නාරාල කෙනෙක්. ඒ පිනට
වෙන්නැති මාත් දුකින් මිරිකුනු වෙලාවට මගෙ දුක අහන්නත් කස්ටිය බුකියෙ
උන්න. සමහර වෙලාවට දුකක් කේන්තියක් ආවහම මන් ඒක බුකියෙ හැමෝටම පේන්න
දැම්ම. අනේ ඉතින් මං මොන කතාව කිව්වත් සමහර එකාලට ජෝක්. ඒ කමෙන්ට් වලින්ම
මං කූල් වෙලා යනව. ඉතින් මට බුකිය වටින්නෙ නැද්ද.

කියන්ට අමතක උනා. ඔය අතරෙ මගෙ ඇත්ත ෆොටෝ දාපු රියල් බුකි අකවුන්ට් එකකුත්
හැදුව. මට ගොඩක්ම ලං උන යාලුවන්ට විතරක් ඒකට පාර පෙන්නුව.

මට නම් බුකියෙන් නරකක් වෙලා නෑ තාමත්. ඒකෙ රහස මං බුකියෙ ලව් කොරන්ට
උත්සහ නොකරපු එක වෙන්ටැ. මට බුකිය ඕනත් මේ බ්ලොග් එකේ තියනව වගේම "අඩන්න
හේතු දහසක් තිබුනත් හිනාවෙන්න එක හේතුවක් හරි හදාන හිනා වෙල ඉන්න."

මේ අවුරුදු කිහිපය තුල මං ගොඩක් දේවල් බුකියෙ දැක්ක. කොල්ලො කෙල්ලන්ව
රවට්ටනව. කෙල්ලො කොල්ලන්ව රවට්ටනව. බැදල ලමයි ඉන්න උන් උනත් බුකි ගත උනාම
තමන් කවුද කියන එක අමතක කරනව. ඇත්තටම බුකිය කියන්නෙ හොද තැනක් නෙමෙයි.
නරක තැනකුත් නෙමෙයි. අපි දැනගන්ට ඕන අපිට සීමාවන් තියාගන්ට. නැත්නම් අර
වදුරට දැලි පිහිය අහු උනා වගේ තමයි. ඇත්තටම ෆේස්බුක් නොතිබුනා නම් මගේ
ජීවිතේ මීට වඩා වෙනස් වෙන්ට ඉඩ තිබුන. ඒක හොදට නරකට දෙකටම වලංගුයි.

අන්තිමට කියන්නම්. හැම දේකම හොද නරක තීරනය කොරන්ට පුලුවන් වෙන්නෙ අපි
එව්ව පාවිච්චි කොරන විදිහ අනූව.

යාලුවො 5000ක් ඉන්න බුකි අකවුන්ට් තිබ්බට වැඩක් නෑ. එව්වගෙ මනුස්සකම තියන
යාලුවො ඉන්ට ඕන. අපිට හොද නරක කියාදෙන්ට පුලුවන් උන් ඉන්ට ඕන.

Sunday, February 3, 2013

බබාට නමක්(සානු 1)

අද නම් ඔන්න මඩක් ගහන්නයි සූදානම. මඩක් කිව්වට අපේ යාලුවෙක් තමන්ගෙ උප්පැන්නෙ තියන නමට අමතරව තවත් නම් ගොඩක් හදා ගත්ත විදිහ. මිනිහ කවදවත් බ්ලොග් බලන්නෙ නෑ. එහෙමයි කියල ගජබින්න ඇදබාල ආතල් ගන්නව එහෙම නෙමෙයි මේ. හා හා දැන් වැඩේකරමුකො.

අපි ඒ යාලුවට සමන් කියමු. එහෙම කියන්නෙ ඇත්ත නම කියල එයා අපහසුතාවයට පත් උනොත් කියල හිතල මිසක් ඇත්ත නම් ටයිප් කරන්න අමාරු නිසා එහෙම නෙමෙයි හරිය.

සමන් කරන්නෙත් මගේ රැකියාවම තමයි . මගෙ ඉතින් ස්ථීර පදිංචිය මහ නුවර මහ රෝහලේ කියල දන්නවනෙ. සමන් මාසෙකට සැරයක් දෙකක් මෙහෙට එනව. ඒ අවහම දවසක් දෙකක් ඉදලයි යන්නෙ. මිනිහ තවත් හොස්පිටල් වලට යන ගමනෙ නවාතැන්පොලක් කරගෙන ඉන්නෙ මගේ කාමරේ.

මොනව උනත් සමනට ගෑල්ලමයිගෙන් නම් හරිම අපලයි. හොද පෙනුමක් තියන නිසා යන තැනකින් එකක් සෙට් කරගෙන එන පුරුද්දක් තියෙන්නෙ. කොහොම උනත් එක හිතක් නැති නිසා ඒව මාසයයි දෙකයි. කොච්චර කිව්වත් මේ කැත පුරුද්ද නම් අතහරින්නෙම නෑ. සමහර දවසට බස් එකේ යනකොට එකක්, එනකොට වෙන එකක්. ඒත් මේ ලඟදි බස් එකකදි සෙට් උන ගෑල්ලමයෙකුට සමනගෙ හිත ටිකක් විතර වැඩියෙන් ඇදිල ගියා. දවස් පහක්, හයක් යනකොට ෆෝන් එකේ නය සීමාව ඉක්මවල නිසා ලයින් එකත් කැපුව. ඒ තරමට වැඩේ නැගල ගියා.

ඔය අතරෙ ගෑල්ලමයගෙ උසස්පෙළ විභාගෙ තිබුන. මේ දවස්ටික වත් මල් කඩන එක අඩුකරපන්. ඒකිට විභාගෙ ලියන්න දීපන් කියල දවසට පස් හය වතවක් මම කිව්ව. එතකොට නම් කතාව ටිකක් අඩු උනා. නැත්නම් රෑ නමයට පටන්ගන්න මල් කැඩිල්ල පාන්දර දෙක තුන වෙනකල් ඇදිල යනව.
මාත් එක්ක කතා කරන්නෙත් ගෑල්ලමය ගැනම තමයි.මම තොට සයිද යකො කියල අහපු වෙලාවලුත් තිබුන. ඒ තරමට උට ලව් පිස්සුවක් හැදිල තිබුනෙ.
ඔහොම ඉන්නගමන් ඔන්න දවසක් සමන සුපුරුදු කතාවට මුලපිරුව

අනේ මචො ඒකි නම් විභාගෙ ඇනගනීද දන්නෑ.

ඔව් ඉතින් විභාගෙට උබේ අහවල් එක ගැන ලියන්නයැ. පාඩම්කරන්න දෙනවයැ තෝ.
මාත් 4ක් ගැහුවහම බෝලෙ එවනකල් දානව වගේ පොඩි ඇඩ් එකක් දම්ම.

නෑ මචො මම ඇහුව
හෙට මොනවද තියෙන්නෙ කියල.
භූගෝලයලු.
පාඩම් කලාද ඇහුව.
ඔව්ලු.
ඒත් මං ප්‍රශ්නයක් ඇහුව. උත්තරේ දන්නෙ නෑ.

ටිකක් බරපතල කාරනයක් විදිහට සමච්චල් හිනාවකුත් එකතු කරල සමන විස්තර කලා.

ඉතින් යකෝ උබ දන්න ඒ උත්තරේවත් කියාදුන්නෙ නැද්ද.
මන් ඇහුවෙ මේක මෙච්චරටම ලකුණු දාගත්ත ප්‍රශ්නෙ මොකක්ද කියල දැනගන්න ලොකු උවමනවක් හිත පතුලෙන්ම ආපු නිසා.

සමන ටිකක් තමුන් ගැන ඕනවටත් වඩා හිතන. සිරස් පෙදෙස ඉදිමීමකටලක්වුන එකෙක්. ඒකයි ඇත්ත. ඌ ඉතින් මනමාල හිනාවක් එහෙම දාල, උරහිස් දෙකත් උස්සල කිව්ව
මොකද බං නැත්තෙ, මං පොර වගේ ටිකක් බැනල එහෙම උත්තරෙත් කියාදීල දැන් වත් පාඩම් කරන්න කියල ෆෝන් එක තිබ්බෙ
කියල

ඒත් ඉතින් මට දැනගන්න ඕන උනේ වෙන දෙයක්නෙ

ඇත්තටම සමනෝ උඹ ඔයතරම් ලකුණු දාගන්න ඒකිගෙන් ඇහුව ප්‍රශ්නෙ මොකක්ද කියපන්කො

ඒ පාර මේක මං කෙල්ල කියල හිතානද කොහෙද මගේ ඉස්සරහත් ටිකක් ආඩම්ඹර උනා. ආයෙමත් අර මනමාල හිනාව ඉස්සරහට දාල එක ඇහැක් හීං වෙන්න කටේ කොනක් කන ලගට අරන්

එච්චර අමාරු එකක් නෙමෙයි බං, මං ඇහුවෙ සානුවක් කියන්නෙ මොකක්ද කියල

හෆොයි ඒ මැට්ටි ඒකවත් දන්නෙ නැද්ද

මං සමනව තව ටිකක් අත්ත උඩට තල්ලු කරල

ඇත්තටම බං සානුවක් කියන්නෙ මොකක්ද කියල ඇහුව

ඒ පාර මූ මටත් නක්කලේට හිනා උනා(නක්කලේ කියන්නෙ මොකක්ද කියල අහන්න එපා, මං දන්නෙත් නෑ.)

උඹ දන්නෙත් නැද්ද, යකෝ සානුවක් කියන්නෙ කදු දෙකක් මැද තියන බෑවුමට.
සමන සුනාමි රැලි වලටත් වඩා ලොකු රැලි නලලෙ හදාගෙන මට ලැජ්ජ හිතෙන විදිහට කිව්ව.

විලි ලැජ්ජාවෙ සන්තෝසෙට පන යන හැගීමෙන් මං කියපු හූවට රූම් එක දෙදරුව.
මං ස්ත්‍රී ලිංග පරුෂ වචනයක් මුලට දාල "සානුවක් කියන්නෙ උස් බිමක තියන තැනිතලාවකට, මං නම් අහල තියෙන්නෙ එහෙමයි" කිව්වහම සමන ගැස්සුනා. මාත් වැරදිලා වගේ ඉස්කෝලෙ ගිය දවසක එහෙම දෙයක් ඉගෙනගත්ත වගේ මතකයක් තිබුන නිසා බ්ය නැතුව කිව්ව. ඒත් මටත් සැකයි.

ඒ ඇත්තද බං, නෑ නෑ මට හොදට මතකයි අපේ පුංචි කුමාරිහාමි ටීචර් කියාදුන්නෙ. එහෙම වෙන්න බෑ.

මෙන්න මේක තවත් පිලිගන්නෙ නෑ.

මගෙ හිතෙත් සැකයක් තිබුන නිසාත්, සමනට පෙන්නන්න ඕනම නිසාත් විකිපීඩියාවෙ සිංහලෙන් හොයල හොයල එක තැනක් යන්තම් හොයාගෙන පෙන්නුව. සමන කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙනම
ඒ මං පදිරිනෙ බං කිව්ව.

මාත් ඉතින් මගේ යුතුකම අකුරටම කරා. පොඩි වෙලාවකින් යාලුවො හැමෝම දැනුවත් කරල, වෙනත් නම් කියන කොටසට සානු කියල ඇතුලත් කලා.

එයාට තවත් නම් ගොඩාක් තියනව. ඒව පස්සෙ ලියන්නම්....

ප:ලි
ඇත්තටම අපි තවත් කෙනෙකුට මොනව හරි කියාදෙනව නම් ඒක හරියටම කියාදෙන්න ඕන. තමුන් ඒ ගැන නොදන්නව නම් හරි, තමන්ට නිවැරදිතාවය ගැන විශ්වාසයක් නැත්නම් හරි කෙලින්ම කියන්න ඕන මට හරියටම ෂුවර් නෑ. තව ටිකක් හොයල බලන්න කියලවත්, නැත්නම් දන්නෙ නෑ කියන එක හොදයි.

Sunday, January 27, 2013

මට සුන්දරයි ඒ මතකය හැම දාට

මේ වගෙ හොදට හඳ පායල ඇති දාට...
රහසෙම කොටු පැන්න මතකයි මම රෑට...
දවසක් දෙකක් අහුවුවත් මා පියට...
මට සුන්දරයි ඒ මතකය හැම දාට...

කීවත් නොකීවත් ඇත්තකි සැමට...
උඹ නැති දාට හඳ පායා කුමට...
වැඩි දුක දැනෙනව නුඹ අන් සතු උනු දාට...
හෙට යන නිසා නුඹ වින්දඹු ගෙයට...

මතකද දිනක් මට කිව්වා ලං වීලා...
දරුවන් වදන්නට බැරි බව බය වීලා...
උඹ හිටියොතින් මට එ ඇති කියලා...
කීවා එදා මම හැගුමෙන් බර වීලා...

නැති කර ගන්න බෑ දුක මට කවි ලියලා...
ඇතිකරගන්න වෙයි කඳුලැල් මාලා...
සතුටින් ඔබේ ලොව ඔබ කුමරියක වෙලා...
හිටපන් නගේ නොපෙනෙන ඇතක පිපිලා...

Thursday, January 24, 2013

දේශ්ගේ නිරුවත නැමති තිත්ත ඇත්ත....

මම, එහෙම නැත්නම් දේශ් කියන්නෙ කවුද???????



බ්ලොග් කියවන්න ගොඩක් කැමති මම, බ්ලොග් පිටුවක් හදා ගත්තෙ බ්ලොග් ලියන්න නම් නෙමෙයි. මං ආශාවෙන් කියවන බ්ලොග් වලට කමෙන්ට් කරන්න බ්ලොගර් ගිනුමක් ඕන කියල මට හිතුන. ඉතින් ඒ ගිනුම හදනකොට ඔන්න ඔහේ බ්ලොග් පිටුවකුත් හදනව කියල හැදුව. එහෙම හදපු මගේ බ්ලොග් සයිට් එකට පස්සෙන් පන්නන සාමාජිකයො එකොලොස්දෙනෙක්(දැන් නම් වැඩි වෙලා. මේක මෙච්චර කාලයක් නෝට් වල තිබිල) ඉන්නව කියල දැක්කහම මටත් මොනවාහරි දෙයක් කුරුටුගාන්න හිතෙනව. ඉතින් මාගැනම සටහනක් තියන්න හිතුන. මගෙ කමෙන්ට් දැකල බනින්න හරි මං කවුද කියල කව්රුහරි හෙව්වොත් එයාට මං ගැන මේකෙන් දැනගන්න පුලුවන් වෙයි.

මං ඉපදුනේ 1989 අවුරුද්දෙ. අවිස්සාවෙල්ල රෝහලේ, ඒ කිතුල්ගල ලස්සනම ලස්සන ගමක(ඉස්සර හොදේ) මව් පිය උරුමයෙන් කිසිවක් නොලැබ, හිතහොද මිනිසෙකුගෙන් ලැබුන කුඩා බිම්කඩක මැටිගසා තැනුව ගේකාමරයක දිවි ගෙවූ, යාබදව තැනුව තේ කඩ පොඩ්ඩකින් ජීවිකාව ගැටගැසූ අහිංසක මව්පිය යුවලකගේ දෙවෙනි පුතු ලෙසයි.

දුප්පත් අපි ගොඩාක් අමාරුවෙන් ජීවිතේ ගැටගහගත්ත. අම්ම තාත්ත බඩගින්නෙ ඉදල අයියටයි, මටයි කන්න දුන්න. චිත්රපටිවල තියනව වගේ කතාවක් උනත්, ඇත්තටම එහෙම වෙනව මට මතකයි. ඒත් එතකොට මං පොඩි නිසා ඒ ගැන එච්චරටම දැනුනෙ නෑ. අනික අම්මල එහෙම කලේ අපිට නොදැනෙන්න. මං මොනතරම් පව් කාරයෙක් උනත් මේලෝව හොදම අම්ම්යි, තාත්තයි මට ලැබුන එක ගැන මට සතුටුයි. එයාල හරිම උත්සහවන්තයි. ඒ නිසාම එයාල උත්සහයෙන් දියුනු උනා. රෑ දවල් නොබලා මහන්සි උනා. මට ඒ උත්සහයට හොද උත්තරයක් වෙන්න බැරි උන එකත්,මට එහෙම උත්සහවන්තයෙක් වෙන්න බැරි උන එකත් ගැන මං අදටත් පසුතැවෙනව.

මං ටික ටික ලොකු උනා, පෙරපාසැල් යන කාලය උදා උනා. අපේ ගෙවල් ලගම තිබුන පෙරපාසලක්. මාව ඒකට ඇතුලත් කලා. ඒත් දවස් දෙකකින් පස්සෙ මගෙ ටිකිරි මොලේට එක වැඩක් නෑ කියල හිතුන. අම්ම ගෙදරදි ගොඩක් දේවල් උගන්වල තිබුන නිසා මට ඒකෙ ගන්න දේයක් තිබුනෙ නෑ. අම්ම මට බලපෑම් කලෙත් නෑ. ඒ ගමන එහෙමම නතර උනා.

අපේ අයියා මට වඩා ඖරුදු 5ක් වැඩිමල්. ඉතින් එයා වැලි සෙල්ලම් කරනකොට මං නෑ. මන් වැලි සෙල්ලම් කරරනකොට එයා ඔට්ටු සෙල්ලම් කරනව. මන් ඔට්ටු සෙල්ලම් කරන වයසෙදි එයා ක්‍රිරිකට් ගහනවා. මන් ක්‍රිරිකට් ගහන කාලෙදි එයා සෙල්ලම් නවත්තල. ඒ නිස අපි දෙන්න එකට සෙල්ලම් කරපු අවස්ථා බොහොම අඩුයි. මං නිතරම තනි උනා. අදටත් වැඩියෙන් තනිකමට තමයි කැමති.

කිතුල්ගල පිරිමි පාසලට මාව 1වසරට ඇතුලත් කලා. 2වසරෙන් පස්සෙ 3වසරට මාව යටියන්තොට ජාතික පාසලට ඇතුලත් කලා. අම්මලට මොනතරම් අමාරුකම් තිබුනත් අපිට හොදට උගන්වන හීනයක් එයාලගෙ හිත් වල තිබුන. 5වසරෙ ශිෂශ්‍යත්ව විභාගය සමත් වෙලා මං රුවන්වැල්ල ජාතික පාසලට ගියා. එහෙදි මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. ඒ හොද විදිහට නම් නෙමෙයි.

මේ වෙනකොට අපේ කඩ පොඩ්ඩ ටිකක් දියුනු වෙලා තිබුන. හැමදමත් වගේ සතුටින් හිටිය. සුනාමියට කලින් මුහුද ඈත් උනා වගේ අපි ගොඩක් හොදට ජීවත් උනා.

නොහිතපු වෙලාවක, නොහිතපු විදිහට ආපු සුනාමියක් වගේ එකකින් ආයෙමත් අපි අසරණ උනා. අපේ කඩේ පැත්තකුත් එක්ක ගල් බැම්මක් ගැලවිලා ගියෙ ටිකක් ලොකු වැස්සකට. කඩේ නැවත හදා ගන්න වත් අපි සල්ලි ඉතුරු කරල තිබුනෙ නෑ. ණයට සල්ලි ගත්ත, ගිනි පොලියටත් ගත්ත. ඒත් කඩේ හරියට හදගන්න බැරි උනා (තාමත් එහෙමයි) ඒත් අපි ආයෙමත් මුල ඉදන් පටන්ගත්ත. කාලය ගත උනා.

මම කවදාවත් විභාගෙකට පාඩම් කරල නෑ. ඉගෙනගෙන අහවල් ජොබ් එක කරනව කියල හීන තිබුනෙත් නෑ. කිසිම දෙයකට ආශාවක් තිබුනෙත් නෑ. ඒත් අම්මල මොන ප්‍රශ්න තිබුනත් මට අවශ්‍ය හැම දෙයක්ම අරන් දුන්න. එයාලගෙ කදුලු වලට උත්තරයක් විදිහටද කොහෙද මං සාමාන්‍යපෙළ පාස් උනා. මට අදටත් ඒ ප්‍රතිපල විශ්වාස නෑ.

12 වසරෙදි මගේ ජීවිතය තවත් වෙනස් උනා. බොක්කෙන්ම ලව් කරන්න පටන්ගත්ත. ගෑල්ලමය නිසා නොවුනත් කොහොම හරි මං අධ්‍යාපනයෙන් ඈත් උනා. අවසානෙදි උසස්පෙළ ඇනගත්ත. ඒත් මට ඒක දැනුනෙවත් නෑ. ගෙදරින් කරා ආයෙමත් විභාගෙ කරන්න කියල. ඒත් මං හිතුවක්කාර උනා.

ගෙදර තිබුන සල්ලි ප්‍රශ්නත් එක්ක මං ජොබ් එකක් ගැන හිතුව. ලේසියටත් පහසුවටත් ගාමන්ට් එකක වැඩට ගියා. එතන මට ඉක්මනින්ම ඉදිරියට එන්න පුලුවන් උනා පුංචිම කාලෙකින්. ඒත් ඒ ජීවිතේට මට කැමති වෙන්න බැරි උනා. වගකීම් වැඩි වෙනකොට මං හෙම්බත් උනා. අර ගෑල්ලමයත් ඒකට එච්චර කැමති උනේ නෑ ඒකට. ඒ ජොබ් එක මාස තුන හතරකට සීමා උනා.

දෙවෙනි රස්සාව විදිහට සේල්ස් රෙප් කෙනෙක් විදිහට පුංචි කොම්පැනියකට බැදුන. ඒක ලොකල් පී.වී.සී බිස්නස් එකක්. රට වටේම ගියා. ගොඩක් දේවල් ඉගෙනගත්ත. විවිද පැති වල විවිද මිනිස්සු අදුනගත්ත. සමාජය තේරුම්ගත්ත. මං කවදාවත් නාස්තිකාරයෙක් උනේ නෑ. 4න් එකට පොඩි ගානක් වියදම් උනා,ඉතුරු හැම සතයක්ම ගෙදරට දුන්න. පොඩිකාලෙ ඉස්කොලෙ යනකොටත් අම්ම දුන්න සල්ලි මං ඉතුරු කලා. සමහර දවසට මං සල්ලි එපා කියල අඩල තියනව. අම්ම අදටත් ඒව මතක් කරනව.
කොහොමින් හරි පී.වී.සි වලට SLS ඕන කියල නීතියක් ආව. අපේ බිස්නස් අඩු උනා. ව්‍යාපාරය පාඩුලබන්න පටන්ගත්ත. මට ලැබෙන පඩියත් ටික ටික පරක්කු උනා. මං පඩි නැතුවත් වැඩ කලා. අවසානෙ මං ජොබ් එකෙන් අයින් උනා. දැනටත් සැලකියයුතු ගානක් මට ගන්න තියනව එතනින්(මං හිතන්නෙ මාස තුනක පඩියටත් වැඩී)

පස්සෙ මං දැන් කරන රස්සාවට ආව. ඒ ගැන වෙනම ලියන්නම්.

තවත් එකක් ඉතුරුයි. අර ගෑල්ළමය. ඇත්තටම මං එයාට ආදරේ කලාට වඩා එයා මට ආදරේ කලා. මං ඒක අදත් කියනව. අපි ආදරේ උපරිමයෙන් වින්දා. එතනින් එහාට ගිය දේවලුත් අන්තිම තැනට එනකල් වින්දා. ඒ ගැනත් වෙනම ලියන්නම්. දැනට මෙහෙම කියන්නම්. අවුරුදු 5ක් විතර මාත් එක්ක ආදරෙන් හිටපු. අපේ දෙරත් ආව ගිය, අපේ අම්ම මටත් වැඩියෙන් ආදරය කරපු එයා... බොහොම පොඩි කාලෙකින් වෙනස් වෙලා 2012/04/05 දින වෙන තුරුලකට ගියා.
2013/01/27 එනම් ගෙට්ටුව තියන දවසෙ ඇගේ කුළුදුල් දරුව ලැබෙන්න රොහලේ නවතිනව කියල කොල් කරල කිව්ව.

ඔන්න ඔහොමලු උනා කියන්නේ.........

දැන් හැම දෙයක්ම කිව්ව. තවත් දැනගන්න ඕන දෙයක් තියනව නම් අහපල්ල. මට හංගන්න දෙයක් නෑ බොල..................

Tuesday, January 22, 2013

හොරු අල්ලන සාස්තරේ

මුලින්ම කියන්ට ඕන බොලාලගෙ විචාර වලට පිලිතුරු දෙන්න පරක්කු වෙන එක ගැන. ගැටලුව තියෙන්නෙ දේශ් හැම මගුලක්ම කරන්නෙ දුකෙන්. දුකෙන් කිව්වෙ 4න් එකෙන්. පෝස්ට් එකක් දානව කියන්නෙ වහ කාල හොස්පිටල් එකේ ඉන්නවට වඩා අමාරු වැඩක්. මුලින්ම නෝට් වල සිංග්ලිශ් වලින් කොටනව. එතනින් ඒක කපල සිංග්ලිශ්4මොබයිල් කියන ඇප් එකේ අලවනව. ඒකෙන් ඒ ටික සිංහල යුනිකොඩ් වලට පෙරලනව. හත්වලාමෙ එතකොට මට පේන්නෙ කොටු ටිකක්. මගෙ දුකේ සින්හල යුනිකෝඩ් පේන්නෙ නෑ. කොටල තියන අකුරු වල වැරදි හදන්න ඒ ටික මගෙම ඊ තැපෑලට යවන්න වෙනව. ඔපෙරා මිනියෙන් ගිහින් ඒකෙ වැරදි තැන් බලල ආයෙමත් ඇවිත් හදනව. අහිංසක 4න් එකට මං දෙන වදයක්. මේ ඔක්කොම කිව්වෙ නිදහසට කරුනු. තේරුම්ගන්ට හොදේ.

දැන් තියෙන්නෙ දෙවෙනි ගැටලුව. කවුරුහරි කිව්ව කතාවක් කොහොමෙයි රස අඩු නොවෙන්න කියන්නෙ. මේක අපේ අප්පොච්ච කිව්ව කතාවක්. අප්පොච්ච කිව්වෙ ඔරිමජිනල් එක්කෙනා නෙමෙයි. එයත් හොස්පිටල් එකේ වැඩකරන කෙනෙක්. කතන්දරකාරයෙක්. මං ඉතින් දවස තිස්සෙ මිනිහගෙ කතන්දර අහගෙන තමයි ඉන්නෙ. අප්පච්චි කියන නම රෙජිස්ටර් කරේ මමම තමා. දැන් හැමෝම කියන්නෙ අප්පච්චි. මං මෙහෙම කරන්නම් ලුයන්න අගට දාල කියන්නෙ නැතුව. අප්පච්චිගෙ වචන වලින්ම හොරු අල්ලපු හැටි කියන්නම්.

මේක සිද්දවෙලා තියෙන්නෙ එකදාස් නමසිය බරගනන්වල. නම් ගම් වෙනස් වෙයි.
දැන් මං අප්පච්චි.

අපේ ගමේ හිටිය නෑදෑකමට මාම කෙනෙක් වෙන මනුස්සයෙක්. නම සිරිසේන. මිනිහ ටිකක් විතර යන්තර මන්තර වැඩ කරනව. හැබැයි ඉතින් මිනිහ නොදන්න දෙයක් උනත් දන්න විදිහට තමයි ඉන්නෙ. දවසක් මිනිහගෙ දැණුම ගැන කතාකරනකොට එකෙක් මිනිහව නෝන්ඩි කලා. මිනිහ කෙලින්ම කිව්ව රුපියල් 500ක් ඔට්ටු දාපන් මං උඹව ඔහොමම පුටුවෙ අලවනව කියල. මොන ඔට්ටුද බැරිවෙලාවත් ඇත්තටම ඇලෙව්වොත් කියල බයටද කොහෙද මිනිහට දිනුම දුන්න. එහෙම තමයි මිනිහ. මොන ජාතියෙන් හරි දිනනව. මිනිහ දන්න දේවලුත් තිබුන. ඒත් කවදාවත් නරක වැඩ නම් කලේ නෑ.

අපි දෙන්න ටික කාලයක් එක තැන වැඩකලා. තව අපේ ගමේ කොල්ලෙකුත් එතන වැඩකලා. සිරිසේන මාමටත් එතන හොද තත්වයක් තිබුන. මිනිහ කොහොමත් මිනිස්සු අල්ලනවනෙ. දවසක් පඩි දවසෙ මරු වැඩක් උනා. අර අපේ ගමේ කොල්ලගෙ පඩි පැකට් එක නැති උනා. පඩි දුන්න ගමන්මයි. කවුරු හරි ඉස්සුව. දැන් එතන ගිනි විජ්ජුම්බරයක්. සිරිසේන මාම තැනට සුදුසු නුවණ තියන පොර. මිනිහ ඉදිරිපත්වුනා හොරා අල්ලන්න.
හරි උඹට පඩි පැකට් එක හොයල දෙන්නම්. මෙතන ඉන්න ඔක්කොම යන්න ඕන අර හෝල් එකට.
කට්ටියම හෝල් එකට දැම්ම. අනිවාර්යෙන්ම ගත්ත කෙනත් එතන ඉන්න ඕන. කවුරුත් එලියට ගියෙත් නැහැනෙ.
සිරිසේන මාම අර කොල්ලට කතා කලා.
කුමාර උඹ මෙ බඩු ටික අරන් වරෙන් ඉක්මනට.

මොනවද බඩු,
කුකුලෙක්
නූල් බෝලයක්
අමු කහ කෑල්ලක්
දුම්මල
පන්දමක්
තෙල් බෝතලයක්


පැයක් විතර යනකොට බඩු ටිකත් ලෑස්ති උනා.
සිරිසේන මාම හෝල් එකේ මුල්ලකට ගිහින් වැඩේ පටන්ගත්ත. මොනවදෝ මතුර මතුර වැඩ. කහ කෑල්ල තලල කුකුලගෙ කකුල් වල ගෑව. නූල් බෝලෙන් කුකුලට ඇවිදින්න බැරි වෙන්න කකුල් දෙකත් ගැටගැහුව. දන් මතුරනව.පන්දමත් පත්තුකරල දුම්මල ගගහ මතුරනව. ඒ අස්සෙ තෙල් බෝතලෙන් තෙල් අරගෙන කුකුලගෙ ඇඟ පුරාම ගානව. ඔහොම ගාල ගාල කුකුලගෙ පිට පුරාම තෙල් බේරෙනව. දැන් වැඩේ අවසන් මොහොතට ආව. කුකුල ගෙනත් තිබ්බ හෝල් එකේ දොරට ටිකක් එහයින්. තියල කිව්ව. දැන් උඹල එක එකා ඇවිත් මේ කුකුලගෙ පිට අතගාල එලියට පලයල්ල. සල්ලි හොරකම්කරපු එකා කුකුලගෙ පිට අතගානකොට කුකුල හඩලයි.
එහෙම කියල මිනිහ එලියට බැස්ස.

දැන් එක එකා කුකුලගෙ පිට අතගගා එලියට යනව. එලියෙ මොකද වෙන්නෙ කියල ඇතුලෙ ඉන්න උන් දන්නෙ නෑ. ඔහොම ටිකදෙනෙක් යනකොට සිරිසේන මාම එකෙක්ගෙ අතින් අල්ලගෙන ඇදගෙන ආව ඇතුලට. මෙන්න මූ තමයි. අරන් තෙයෙන්නෙ කියාගෙන.
හැමෝම සැක කරපු එකා තමයි බඩු අරන් තෙයෙන්නෙ. පස්සෙ හන්ගපු තැනින් පඩි පැකට් එක අරන් දුන්න.

දැන් දේශ් කතා කරන්නෙ. බොලාලට හිතාගන්න පුලුවන්යැ හොරා අල්ලපු විදිහ.

සිසිසේන මාම එලියට වෙලා එන එන එකාගෙ අත් දෙක බල බල ඉදල තියෙන්නෙ.

තේරුනේ නැත්නම් හිතල බලපල්ලකෝ.
හිතාගන්න බැරිම උනොත් කියන්ට.

ප:ලි

මහා ලොකු ගැටලු, හිතුවොත් පහසුවෙන් විසදන්න්න පුලුවන්. ඕන වෙන්නෙ තැනට සුදුසු ණුවන

Saturday, January 19, 2013

ඇගේ මරණය


මං කිලිනොච්චි ගිහින් නුවර ආවෙ ගිය මාසෙ 8 වෙනිද, ඇවිත් දවස් 3කට විතර පස්සෙ, කලින්ම අදුරවැටුන දවසක හවස හයයි තිහට විතර මගෙ පුද්ගලික දුරකතනයට නාදුනන අංකයකින් ඇමතුමක් ආව. හැමදාම වගේ කෝල් එනවට මගෙ හිතේ තියෙන්නෙ අකමැත්තක් නිසා කම්මැලිකමෙන්ම පෝන් එක කනේ තියාගත්ත. එහාපැත්තෙන් ඇහුනෙ ගෑල්ලමයෙක්ගෙ කටහඩක්.

හෙලෝ මල්ලී......

ඔව් කියන්න.....

මල්ලි මං අහවල් නැන්දගෙ දුව කතාකරන්නෙ....

මං ඒ නැන්දව දන්නව,ඒත් ජීවිත කාලෙටම වචන 20ක් විතර තමයි කතා කරල තියෙන්නෙ. එයා අපේ ගමට යන පාරෙ පොඩි සිල්ලර කඩයක් කරගෙන ජීවත් උනේ. කතා කරල නැති උනත් මං ඉස්කෝලෙ ගිහින් හැමදාමත් පයින්ම එන පාර අයිනෙ නැන්දගෙ කඩේ තිබුන නිසා නැන්ද මටත්, මං නැන්දටත් හැමදාමත් හිනා වෙනව. නැන්දගෙ මහත්තය ගැන නම් මං අද වෙනතුරු දන්නෙ නෑ. හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඒත් ගෑල්ලමයි දෙන්නෙක් එක්ක තනියම ජීවත් වෙන බව නම් දැනගෙන හිටිය. මෙ කතා කරන්නෙ ඒ නැන්දගෙ දැකල තිබුනත් කවදාවත් කතා කරල නැති දුව.

ඔව් අක්ක කියන්න....

මල්ලි, ඔයාලගෙ තාත්ත නම්බර් එක දුන්නෙ. අනේ මල්ලි අපේ අම්ම නවත්තල ඉන්නව 51 වෝඩ් එකේ. හවස කවුරුත් බලන්න ආවෙ නෑ. මල්ලිට බැරිද පොඩ්ඩක් ගිහින් බලන්න.....
අනේ මල්ලි ලොකු උදව්වක්....

හරි අක්කෙ මං බලල කෝල් එකක් දෙන්නම්....

ඇමතුම එතනින් අවසන් උනා. මං 7ට විතර 51 වාට්ටුව පැත්තට හෙමින් හෙමින් ගියා. අවේලාවෙ වාට්ටු වලට යන්න තියන අකමැත්තත් එක්ක. ගමනට වැඩි වේගයක් එකතු කරගන්න මට බැරි උනා. ඒත් අසරන උන වෙලාවක උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටින නිසාම මං ගියා. ගෑනුළමයි දෙන්නෙක් එක්ක තනි උන අම්ම කෙනෙක් නිසා මට ඒ නැන්දට උපකාරයක් කරන්නම ඕන කියල හිතුන. ලොකු අක්ක නම් වසර කිහිපයකට පෙර පොලිසියට බැදුන බව දැනගත්ත. අනිත් අක්කත් මොකක් හරි රස්සාවක් කලා.

සිතුවිලි අස්සෙන් මං 51ට ආව. 51 නුපුරුදු තැනක් නොවුනත් සිස්ට හැර වැඩි හිතවත්කමක් කාත් එක්කවත් තිබුනෙ නෑ. රැකියාව පැත්තෙන් නම් සිස්ට එක්ක එකතු වෙලා එක අවස්ථාවක නර්ස්ල කිහිප දෙනෙකුටම දොස් කියපු නිසා නර්ස්ල සමහරවිට මාත් එක්ක අමනාපයෙන් ඉන්නව වෙන්නත් පුලුවන්. නර්ස් කෙනෙක් ලගට ගිහින් මුලින්ම මං කව්ද කියල අදුන්වල,මිස් මගෙ නැන්ද නවත්තල ඉන්නව මේ වෝඩ් එකේ. මට එයාට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද.
අවේලාවෙ ගැහැනු වාට්ටුවක හැසිරෙන්න ඕන විදිහට මං කතා කරන්න උත්සහ කලා.
නර්ස් නැන්දගෙ නම අහගෙන ඉන්න ඇදත් පෙන්නල එයාගෙ වැඩකට ගියා.

ඒ නැන්ද ඒ වෙනකොටත් අඩනින්දක හිටියෙ. ඔලුවෙ ලොකු ප්ලාස්ටර් එක සැත්කමක් කරපු බව හිතන්න හේතුවක් උනා. මං ලගට ගිහාම නැන්ද මාව අදුරගත්ත. එතකොට එයාට නැගිටින්න බැරි උනත් හොඳට කතා කලා. අවුරුදු ගානක් තිස්සෙ මාව ගමේදි වැඩිය දකින්න නොලැබුනත් එයාට මාව මතක තිබ්බ. පුතා මේ දවස්වල යාපනේ කියල දුවට තාත්ත කියල තිබුන..... නැන්ද තමන්ගෙ අසනීපෙ ගැනත් මට මුල ඉදන් අගටම කිව්ව. ඉස්සර මං ඉස්කෝලෙ යනකොට දැක්ක ගැහැනියගෙ ශක්තිය ඇඟෙ නැතත්, වචන වල තිබුන.

නැන්දට මොනවද ඕන. කඩෙන් මොනව හරි ගෙනද්දෙන්නද?
හිස්අතින්ම ලෙඩෙක් බලන්න ආපු ලැජ්ජාව වහගන්නද මංද මං එහෙම ඇහුවෙ.

අනේ මොනව ගේන්නද පුතේ ආව එකම ඇති

නැන්ද දිවෙන් වේලුන තොල් තෙත් කරගෙන පුලුවන් නම් මට තේකක් හදල දෙන්න කියල කිව්වෙ පිපාසය උහුලගන්න බැරිම නිසා වෙන්නැති.

තේකක් හදල, නිමල චුට්ට චුට්ට පොවනකොට මට අම්මව මතක් උනා

තේක බීල අනේ පිංසිද්දවෙනව පුතේ කියනකොට, ඇස් වලට නාවත් හිතට කදුලු ආව. මං නැන්දගෙන් සමුඅරන් නර්ස්ටත් ස්තුති කියල එලියට ආවේ අර අක්කට ඇමතුමක් ගන්න ගමන්මයි.

අනේ මල්ලි අපි උදේ ආවහම දවලුත් අම්මව බලලයි එන්නෙ. හවස බලන්න හිටියොතින් ආපහු එන්න බස් නෑ. උදේටත් පාන්දර දෙකට තුනට ගෙදරින් එන්නෙ.

අක්ක කිව්වත් නැතත් මං ඒව දන්න නිසා, මගේ තීරනේ මං කිව්ව.

අක්කල උදේටයි දවල්ටයි ඇවිත් බලන්න, හැමදාම හවසට මං යන්නම්.

එදා ඉදන් මාසයක් විතරම නොවරදවාම මං ඒ නැන්ද බලන්න ගියා. පුලුවන්වුනු දවස් වල දවල්ටත් ගියා. මං උදේ පාන්දර 9ට විතර නැගිටින නිසා උදේට නම් බැරි උනා. අක්කලට හැමදාමත් විස්තර කිව්වා. යොගට් වලට, කඩෙන් ගේන සුප් වලට නැන්ද කැමති නිසා මං නිතරම ඒව ගිහින්දුන්න. අක්කල කොල් කරල හැමදාම කිව්වෙ මල්ලි සල්ලි වියදම් කරල මොනවත් ගෙනියන්න එපා කියල. නැන්දත් එහෙමම කිව්ව.අදටත් හිත රිද්දන තවත් වචනයක් කිව්ව. ඒ තමයි මං හොදවෙලා ගිහාම ** අයියට මේව ගෙවනව කියල. ඒ අපේ තාත්තට මං වියදම් කරපුව ගෙවනව කියලයි කිව්වෙ.
51 කියන්නෙ ස්නායු සම්බන්ද වාට්ටුවන්. මේකට එන ලෙඩ්ඩු ගැන මං දන්න නිසාත්. තවත් හිතට දැනුන වචන කරන්න බැරි හැගීමක් නිසාත් මං නිතරම නැන්ද කැමති දේවල්ම දෙන්න උත්සහ කළා.

කාලය ගෙවිල ගියා. නැන්ද තනියම වාඩිවෙන්න පුලුවන් තත්වයට සුව උනා. අපේ බාප්පගෙ දුවත් හෙද පුහුනුවේ ඒ වාට්ටුවෙම වැඩකලා.එයත් ගොඩක් උදව් කළා.

දින කිහිපයකට පෙර නැන්දට උන හැදුන.කෑම බීම වර්ජනය කළා. දියර ආහාර දෙන්න නහයෙන් දාන බටය මං බලාඉද්දිම එයා ඇදල දැම්ම. ඊලග දවසෙ මං යනකොට නැන්දගෙ අත්දෙක ගැටගහල තිබුන. එයා අසිහියෙන් දැගලුව. මට යමක් සිදුවීමට යන බව දැනුනත් කලහැකි දෙයක් තිබුනෙ නෑ. පසුදා ඇයව එම වාට්ටුවේම දැඩිසත්කාර ලබාදෙන කොටසට ඇතුල් කලා. එදා රාත්‍රිය ඇය මෙලොව ගතකල අවසන් රැය උනා. පසුදා උදෑසන නැන්දා මෙලොව හැරගොස් තිබුනා.

ඕනෑ තරම් අවස්ථාව තිබුනත් ඇයගේ මළසිරුර බැලීම මා හිතාමතාම මගහැරියා.

 දින තුනක් ගතවන විටත්, ඇය ජීවිතයේ අවසන් දින කිහිපය මට මෙතරම් සමීප වීමත්, තවමත් ඇය මියගිය බව මට ඇතැම් වෙලාවල් වලදී අමතක වීමත් තේරුම්ගත නොහැකිව මේ සටහන ලියා තැබීමට සිතුවා

Thursday, January 10, 2013

රිසානා නිදහස් කරයි....

දුරකතනයට නොමිලේ ලැබෙන නිව්ස් එකකින් දැනගත්තෙ, රිසාන නිදහස් කරලලු නේද?

දෙතුන් වතාවක් ලෝඩ් නොවුනු නිසා මලම පැන බ්ලොගර් වෙත එන විට රිසානා හැර අන් කිසිවක් කියවීමට නැතිතරම් විය. ඒ නිසා ඒ පිලිබද වූ සියලු පෝස්ටු මා කියවන්නට ඇත. පෝස්ට් වලින් පමණක් නෝව කොමෙන්ට්ස් වලින්ද ඒ පිලිබදව විවිද මතවාද ගොඩනගා තිබුනි. ජාතිවාදය, දේශපාලනය, ආගම්වාදය කැටිවූ සියල්ල කියවීමෙන් ඔල්මොරොන්දම්වූ මටද ඒ පිලිබද සටහනක් තැබීමට සිත්වීම, මටම අදහාගත නොහැකි පුදුම වෙනසකි.

කෙසේ වෙතත් මට නම් හැඟෙන්නේ රිසානා නිදහස්වී ඇති බවකි. එහෙම කියන්නේ කලින් කී ඔල්මොරොන්දම් ගතිය නිසා නොව. ඈපිට තවමත් ලබගත නොහැකිවූ නිදහස ඇය ලබා ඇති හෙයිනි.

මේ පුවත අසා මට දුකක් දැනුනා කිවහොත් එය අමූලික බොරුවකි.මට නම් ඇය තවත් එක් නිව්ස් එකක් පමණි. මන්ද මා එය බොහෝ කල් සිට බලාපොරොත්තුවෙන් සිටි පුවතකි. ඇත්තටම මා වෙනුවෙන් වත් කිසිවක් කරගත නොහැකිව සිටින මට. ඇය වෙනුවෙන් යමක් කිරීමට සිතීමත් එදා මෙන්ම අදත් සිහිනයකි. රිසානා මේ කුරිරු සමාජයෙන් නිදහස්ව පිටව යෑම මට නම් කාලකන්නි නොවූ සතුටකි. දුක් වීමට ඇති එකම කරුන නම් ඇය අවසන් මොහොත තෙක්ම වරද කාරියක්ව සිට මියයෑමයි.
රිසානා අතින්, චෝදනාවල ඇති ආකාරයේ වරදක් සිදු වුනිදැයි මා නොදනිමි. නමුත් ඇය එක් පැත්තකින් වැරදිය. ඇයව හොර සහතික හදා බලහත්කාරයෙන් රට යැව්වා විය නොහැක. එසේ කරන තුරු ඇය අඳ, ගොලු, බිහිරි එකියක සේ සිටියා විය නොහැකියි. තමා මෙහෙකම් කල නිවසේ දරුවා මියයාමට රිසානා වරද කාරියක් වන්නේ එතැනය. නමුත් දුප්පත්කම මා හොදින් අත්දැක ඇති නිසා එලෙස රිසානා වරදකාරියක් කිරීම මගේ සිතට එකඟ නැත.

තම නිවසේ සේවයට විදේශයකින් පැමිනෙන කාන්තාවකගෙන් අරාබි යුවල බලාපොරොත්තු වූවේ පාසල් යන වයසේ දරුවෙකුගෙන් බලාපොරොත්තු වන සේවයක් නොවන බව සහතිකය. ඒ පිලිබද සිතීමේදි නම් රිසානා රට යැවීමට හවුල් සියලුම දෙනාට හෙන වැදිය යුතුයැයි සිතීම අසාධාරන නොවන්නේ අප කතා කරන්නේ එක ජීවිතයක් පිලිබදව පමණක් උවද මේ කතාවේ ජීවිත දෙකක්ම අහිමිව ඇති නිසාය. සියල්ල සිදුවූ පසු කාට හෝ වරද පටවා, බැනවැදි කෝපයෙන් රත්වුනු ලේ නිවා සිසිල් කරගැනීමට උත්සහ කිරීම නම් අනුවන කමකි.

රිසානා යනු තවත් එක් වීරවරියක් නොවේ, පුවත් මවන්නියක් පමණි. මන්ද මෙහෙකාර සේවයේ ගොස් පෙට්ටියෙන් වත් ගෙදර නොපැමිනි අය ඕනෑ තරම් අතීතයේ සිටී. නමුත් ඔව්න් අප මතකයෙන් ගිලිහී ඇත. ඔව්නුත් රිසානාත් අතර ඇති එකම වෙනස නම් රිසානා නීතියෙන් වරද කාරියක් වීමත් අනෙක් අය කැලෑ නීතියෙන් වරදකාරියන් වීමත් පමණකි.

ජීවිතය වරක් නොව, කිහිප වරක්ම වරදවාගත් මට එක දෙයක් මෙයට එකතු කල හැකිය. එනම් ජීවිතයෙ සිදුවන එකම වරදකින් තවත් වැරදි ගනනාවක් සිදුවේ. එය නැවතීමට සමතෙක් ලොව නැත. රිසානාගේ කතාවටද එය අදාලය.

තම දරුවාගේ මරනයට වගකිවයුතු උවත්, තවත් එවැනිම දරුවෙක් නේදැයි සිතා රිසානාට සමාව දීමට තරම් ඒ දෙමාපිය යුවලගේ හදවත් උනු නොවුනේ ඇයිදැයි මා නොදනිමි. නමුත් එය එලෙස සිදුවුනි නම්, අප සැම දෙනාටම එලෙස සිතන්නට හැකිවූවානම් මේ ලෝකය කෙතරම් ලස්සන වේවිද.

ප:ලි

සමාව දිය හැකි කිසිම වරදක් නැත.
සමාව දිය නොහැකි කිසිම වරදක්ද නැත.


ප:ප:ලි
ඊයෙ රෑ ලියූවත්, දුරකතනයේ ගැටලුවක් නිසා බ්ලොගර් වෙත මේල් කිරීමට නොහැකි විය.

Friday, January 4, 2013

මතක බැරි උනා

2012?

ඔව් ඉතින්. මං දන්නව.

ඇයි මොකක්ද වෙන්න ඕන?

ඉවරයි?

බොරු....

වෙන්න බෑ.

මොකක්?

කවද්ද?

ඊයෙ පෙරේද?

දැන් 13ද එතකොට.

හරි හරි මං මතක තියාගන්නම්.

එහෙනම් මං ගියා.

ඇයි?

ඉතින් දැන් හරිනෙ මං යන්නම්

එහෙමත් එකක්ද?

හරි කොහොමද දැන් මං සුබපතන්න ඕන.

ඒක අමරුයි නේද.

නෑ ට්යිප් කරන්න අමරුයි නේ.

මට නම් අදහස් එන්නෙ නෑ.

ඔව් මැසේජ් නම් දෙකතුනක් යැව්ව තමයි

නෑ ඒව යැව්වෙ "සේම් ටු යූ" කියල.

නෑ එයල එව්වහම තමයි මතක් උනේ.
ඔව්

මං එහෙම කිව්වද.

නෑ නෑ මට මතක තිබුන. ඒකනෙ 31 හොදටම බිව්වෙ.
ඉට පස්සෙ තමයි අමතක වෙන්න ඇත්තෙ.

මොකද නැත්තෙ.
ලගින්ම ඉන්න යාලුවන්ට මැසේජ් කරන්න හිතාගෙන ස්ටාර් පොයින්ට් 100කින් බිල ගෙව්ව.

නෑ.

මං කිව්වෙ, මට අමතක උනා.

බුකියෙද?

එක නන්ගියෙක් නම් මැසේජ් කරා.

නෑ කිව්වනෙ. මට අමතක උනා.

දැනට නම් මතකයි.

එව්ව කියන්න බෑ.

හරි හරි දැන් ඒක කරන්නම්.

¥කස්ටියටම සුබ නව වසරක් වේවා !¥

නෑ බොක්කෙන් නෙමෙයි පෙනහැල්ලෙන් කිව්වෙ. ඇයි යකෝ.

සැකද?

එහෙමත් ඕනද?
හරි හරි

¥සොරි හොදේ පරක්කු උනාට විශ් කරන්න.¥

හරි කිව්ව.

බොරුවක් කියමු.

එහෙනම්?

ඕන නෑ එයාල දන්නව මට ඕව ගානක් නෑ කියල.

මට බෑ.

අනේ, මල කෝලම්. මං යනව යන්න.

එහෙනම් කස්ටියටම අලුත් අවුරුද්ද සුබ වේවා. රජාගෙන් වත් රාජ සම්පත් ලැබේවා.
රාජ යෝග, ධන ලාබ, මංගල යෝග උදාවේවා.
ලෝක විනාශ සිදු නොවේවා.

Friday, December 21, 2012

නැවත උපන්නෙමි

සොඳුරු අහස්ගැබ,(නොහිතන වෙලාවට අදුරු වන)
පුලුන් වලා කැට,(විටෙක අකුනුසර මවන)
සොමිය බෙදනා සඳු,(වඩදියට වගකියන)
පියෙකු මෙන් දුටු හිරු,(විටෙක ගත දවාලන)
රටා මවනා තරු,(ලන් උවන් අලු කරන)
සිසිල බෙදනා සුලඟ,(විටෙක සැඩ වෙස් ගන්න)
සාර කරනා වැස්ස,(විටෙක සැම යට කරන)
මියුරු සර බෙදනා සයුර,(ගොඩටවිත් බිලි ගන්න)
මව්ට සමවූ මහී කත,(විටෙක සොලවන සිරුර)
ගිනිකන්ද නිහඩව නිදන,(විටෙක පුපුරා හඩන)
නුබලාට පුලුවන්ද, වනසන්න මේ ලොවම එක රැයෙන්,.....
විශ්වාසයි මට නුබලා... එහෙම නොකරන බව....
ඒත්, අවිශ්වාසයි එකෙක්...
වනසාවි මුලු ලොවම...
සැනින් ඔහු..,
උගේ නම......
මිනිසා.... මිනිසා... නිසා.... සා

Friday, December 7, 2012

ගොරකා කන්න

මාම කෙනෙක් දවසක් ඇත කියාලා
අරහෙන් දෙන්නෙ බලු තීන්දු කියාලා
මම දැනගතිමි එය පත්තර කියෝලා


මහ උලු ගෙදර නැවතී සිටි ඒ මාමා
කට හොද නැතිව හිරබත් හොද හැටි කෑවා
දුන්නා සමාවක් දවසක කොකු මාමා
මස් කටු කන්න කුත්තෙක් එලියට ආවා


මාමට මතක නෑ දැන් නම් එහෙම කතා
දැන් කියනවා අධිකරනය ගැනම කතා
මට සිහිවෙනව අම්මප රස මියුරු කතා


දඩමස් මල්ල ගොරකා කල ලොකු මාමා
ගොරකා කන්න ඒ ගොරකාවෙන් කියනා
අහනා උන්ගෙ පස්සට එබුනොත් හේමා
නැති දත් උනත් එතකොට නම් පේනා

Tuesday, December 4, 2012

නෑනේ

පොත් අරන් පාසල් ගිය නෑනේ.....
මල් අරන් ටියුසන් ගිය නෑනේ....
සිල් අරන් අවලමෙ ගිය නෑනේ....
මව් පියන් අතරැර ගිය නෑනේ....
බඩ අරන් ඇයි ආපහු ආවේ....

Thursday, November 8, 2012

වෙනස

ඔරලෝසු වෙලාවෙන් අලුයම එකට විතර අමාරුවෙන් හිත කැමති කරගෙන දොයි බබා කියන, ආයෙමත් පාන්දර නමයට, දහයට නැගිටල දවස ගෙවාගන්න විදිහක් හොයන ජීවිතේට දේශ් කොල්ල තිතක් තිබ්බ. දවස් 10කට විතර කියල හිතගෙන හීනියට තිබ්බ ඒ තිත දැන් නම් ජීවිත කාලෙටම තියපු එකක් වගේ කියල පුන්චි හිතට දැනෙනවලු.

ගිය මාසෙ 24වෙනිද හවස් වරුවෙ, යාල්පානම් බස් එකකට නුවරින් පටවාපු ඒ ජීවිතේ අද වෙනකොට ගොඩාක් වෙනස් වෙලා.

පැය 7ක විතර බස් ගමනකින් පස්සෙ බස් එකෙන් බාපු ඒ ජීවිතේට මග පෙන්නුවෙ මනෝජ් අයියා. සැතපුමක් විතර පයින්ම අපෙ නවාතැන්පොලට ආවෙ අතීතයට එකතු උන එල්.ටී.ටී.ඊ කදවුරු මැදින්, එල්.ටී.ටී.ඊ කාන්තා කදවුරක් කියල මට පෙන්නපු තැන තියන ලොකු විදුලි ජනන යන්තරය කදවුරට විතරක් නෙමෙයි අහල පහල ගෙවල් වලටත් විදුලිය සපයපු බව මනෝජ් අයිය කිව්වෙ අල්ලපු ගෙදර අයියගෙන් දැනගෙන තියන විදිහට. එල්.ටී.ටී.ඊ ආරක්ශිත පස් බැමි වල ඉතුරු වෙච්ච කොටස් තවමත් තියනව. එව්වට බය නොවුනත් දෙශ් කොල්ල එක දෙයක් අහල නම් සුලු දිය බරක් හදගත්ත. ඒ තමයි "අපෙ නවතැන කිට්ටුවම තියන ගෙදර පොර අපේ කස්ටිය දිහා රවල බලනවය, උන්දැගෙ එක අතක් නැතිය, පිටේ ලොකු තුවල කැලලක් තියනවය" කියල මනෝජ් අයිය කිව්ව කතාව. ඒත් ඉතින් ඒ දේවල් අද වෙනකොට නම් දේශ් ගනන් ගන්නෙවත් නෑ. දවල්ට පාරට බැස්සම අත් කලුල් නැති අය එමටයි. ඒ අය කවුද කියන්න හැමොම දන්නව. ඒ අය දැන් ජීවිතෙ අලුතින්ම පටන් අරන්, රස්සාවක් කරගෙන, දරුමල්ලො හදාගෙන අගේට ජීවත් වෙනව. ඒත් ඉතින් නැති වෙච්ච අතපය වගේම නැති වෙච්ච ජීවිතත් ආය කවදවත්ම ලැබෙන්නෙ නෑ.
කකුලක් නැති ලස්සන ගෑල්ලමයෙක් අත් වාරුවෙන් යනව දැක්කම දුකත් හිතුන. සි0හල කතා කරන අය බොහොම ටික දෙනෙක් විතරයි ඉන්නෙ. මට හිතා ගන්න බැරි උන එකම දේ තමයි. මෙහෙ මිනිස්සු ඉස්සර හිටපු විදිහටද කැමති, දැන් ඉන්න විදිහටද කැමති කියල.

මොනව කිව්වත් මෙ කියන්නෙ කොහෙ ගැනද කියල කිව්වෙ නැහැනෙ. ම්ං දැන් ඉන්නෙ කිලිනොච්චියේ.

උදේම නැගිටල ලැස්ති වෙලා කඩේට ගිහින් ආර ඉදිආප්පම්,(එව්ව ටිකක් ලොකුයි හොදේ) ඔරු වඩ දාපු පිගානට, සම්බල් ටිකක්, සාම්බරු ටිකක්, පාල් සොදි ටිකක් දාගෙන කාල රෝහලට ගිහින් වැඩ. පාන්පිටි කාලම දැන් ඇති වෙල. ආපහු නවාතැන්පොලට එන්නෙ රැ වෙලා. නුවර වගේ නිදහස නෑ.

ලියන්න කතන්දර ගොඩාක් තියනව. ඒත් මදුරුවො මාව වට කරල. ඒ නිසා මේක මෙහෙමම නවත්තල පොටෝ ටිකක් අමුනල මේල් කොරන්න තීරනය කලා.

තවමත් වෙඩි සලකුනු තියන ගස් තියන කිලිනොච්චියෙන් සමුගත්ත ගමන්ම ආයෙමත් පුරුදු විදිහටම එන්නම්

Thursday, October 18, 2012

මිනිසෙක්

සිනාසෙන, ඇවිදින
පය පොළව හාරන
අහසට සුසුම් දෙන
මිනිසෙක්
කන වසා එක් අතකින්
කතාකරයි තනිවම
විටින් විට කාසි දමමින්
පිටරට ලාච්චුවකට
බැති සිතින්.

Wednesday, October 17, 2012

දුප්පතුන්ගේ දිනය අදයි.

දුප්පතුන්ගේ දිනය අදයි.
අපි වෙනුවෙන් වෙන් කරපු අපේ දිනය ගෙවිල ගියෙ අපිටත් හොරෙන්. අපේ කිව්වට දේශ්ගෙ හොදේ.
ඉතින් අද දවසෙ මක්කවත් වෙනසක් උනේ නෑ. කාසි දාන්න බැරි තරම් හිල් තියන මුදල් පසුම්බියෙ උදේ තිබුන 170න් දැන් තියෙන්නෙ 10යි. රැට(ruta nemei reta) කන්න ඕන කියල හිත නොකිව්වට බන්ඩිය කියන හින්ද දැන් යනව දුම්රියපොල ලග තියන ATM මැසිමෙ ඉතුරු වෙච්ච කීයක් හරි තියද බලන්න.

wishwasaya

මේ නොනිදන රාත්රියේ හිමිකාරියයි ඔබ.....

අයාලයෙ යන ජීවිතයෙ අන්දකාරය ඔබ.....

සුසුම් අතරින් ඇත්වන ඒ හීනයයි ඔබ.....

මළ, නොමළ මා හද අමරනීයයි ඔබ.....


පිය රජ මරා රජවන පුත් කුමරුවෙක් සේ කෙලෙසක හෝ ඔබ ලබා ගැනීමෙ අරමුනක් එදා මෙන් අද මෙන් හෙටත් නැත. මත් වත් කොට සගවන්නට වෙරදැරූ දියවන කදුලු කැට දැන් මාලග ඉතිරි නැත. හැරගියදා නොදැනුනු, ටික කලකින් හිතට දැනුනු, තවත් කලකින් නෙතට දැනුනු තනිකම පෙරටුකොටගත් ඒ මහා දුක මට නැත. මන්ද තනිව ඉපදෙන, තනිව මියයන සසර පුරා තනිකමේ මතකය මා ලග තනි රකී, ආදරයෙන් කණ උනු, විරහවෙන් අන්ද උනු මගේ ජීවිතයට ඔබේ මතකය නම් අන්දකාරය භාදවක් නොවේ. මගේ ජීවන සතුට ඔබෙන් උගත් විශ්වාසයෙ පාඩමයි. එනම් "විශ්වාසය යනු මරණයයි." විශ්වාස කලහැකි එකම දෙය මරණය පමනයි. උපත වත් අන් කිසිවක් වත් නොවේ.

Sunday, October 14, 2012

ආදරය උතුම්

සසර පුරාවට
හමන සුවද
ඔබේ
මට දැනුනා
මේ භවයෙත්
සුපුරුදු ලෙස
දිවි ගමනේ
අතොරක් නැති
දුක් ගල් මතින්
යන්නට අතදුන්නු
මගකදි හමුවී
සිහුමැලි
ඇඟිලි තුඩුවල
එල්ලෙන්න කියා
කිවත් මට
ලෝබයි

කිලිටු වෙයි කියා
සිතෙන නිසාවෙන්
ඇල්ලුවේ නොරිදෙන්න
අතහරින්නට
සිත
නොදුන්නත්
බරක්
නොවන්නට
හැමදාමත්
දැනුනු
තනිකම
මකාගන්නට
නොසිතුවත්
ඔබත් තනිවන
මාත් තනිවන
රුදුරු ගමනට
වඩා හොද
එක්ව
යාමම බව
කතරේදි දැනුන
හැගුමෙන්
ඔබ තනි නෙකර
මා තනි නොවී
දුක සතුට ලෙස
විඳගන්නෙමුයැයි
කොඳුරයි හදවත
හීනියට
ඔබට ඇසෙනවාද
ගැහෙනහඩ
මේ හදවත ආදරයෙන්
කියාදෙමින්
ජීවිතයේ
ඉදිරි 
සුභ පැතුමන්
හැබෑ වන පනිවිඩය
දෙහදක රැඳි
උනුහුමට
පෙම්බඳින
සිතුවිල්ලේ
ගලන
නදියක
රිද්මයෙන්
පාවෙන
වත්තමක්
තෙටුපල මානයේ
විඩා නිවනවද
කඳුලු රැලි
පිසදමා
වියලන්න
ඇස්
අග දිලෙන
කාලවර්ණ
දීප්තිය
කියන්නේ
සභ නිමිති
මරණයත්
ජීවිතයත්
එකම ලෙස
ලංව ඇති
විශ්වාසයේ බැඳීමක
අරුමයයි
හැමදාම
ආදරය
උතුම්

Saturday, October 13, 2012

රජ පැටියෙක් ගේ ඉපදිම



හිගන්නාගේ පැටියා හිගන පැටියෙක් වෙන්නේ, හිගන්නෙකුට දාව හිගන්නියක විසින් බිහිකරන නිසාය. එමෙන්ම රජෙකුට දාව බිසව වදන්නේ රජ පැටියෙක්ය. මේ සියල්ලොම අපසමාජයේ සිටී. සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය දරුවන්ද උපදී.

ඒ උදින හිගන පැටියා හො සාමාන්‍ය දරුවා අනාගතයේ රජ පැටියෙකු බිහි කිරීමටද හැකිය. එවිට එය රජ උපතක්ම වේ. කිසිවිටකත් හිගන උපතක් නොවේ.

හිගන්නෙකු ලෙස දරුවන් උපද්දවනවට වඩා, තම ජීවිතය ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික දියුනුවකට ගෙනගොස් ඉන් පසුව දරු සිහින සැබෑකරගන්නට උත්සහ ගන්නවා නම් හොදය. මන්ද හිගන පැටියෙකු උස්මහත්වී දියුනුවට පත්වීම අනාගත ලොකයේ සිහිනෙන් දකින සිහිනයක් වන නිසාය. එසේ දියුනු වීමට උත්සහය මෙන්ම වාසනාවද අවශ්‍යවේ.

විවාහය යනු හදිසි තීරන වලින් හො හැගීම් වලට වහල්වී ඉක්මන් කරගතයුතු සරල ක්‍රියාකාරකමක් නොවේ.

ගැටලුවක්ද නැත්තේම නොවේ. මා මෙසේ පන්ඩිත වදන් කියනවිට, පෙර මගේ ආදරවන්තිය දරු සුරතල් බැලීමට ආසන්න අවස්ථාවක සිටී.

එනමුදු මගේ හිත තුල ඒ පිලිබද දුකක් නොවන්ද, දුක් වන්නේද ඇයගේ හදිසි තීරන නිසා, ඇය බියිකරන්නේ රජ පැටියෙකු නොවන බව මා හොදින්ම දන්නා හෙයිනි. ඒ පිලිබද ඇය දැන් පසුතැවෙනමුත්, ඒ පිලිබද අතීතයේ මා ඇයට නොයෙක්විට කියා ඇතිමුත් ඇය තේරුම් නොගත් බව මා දනිමි. ඉකුත් දිනක ඇය මා අමතා මා කිව් දේ හරි බවත් දැන් ඇය සිදුවු දෙය පිලිබදව පසුතැවෙන බවත් පැවසූ හෙයින් දැන් ඇය තේරුමගෙන ඇති බවත් මා දනිමි. නමුත්
සියලු සිදුවීම් අවසානයේ පස්ස අතගානවාට වඩා  සාමාන්‍ය බුද්ධියෙන් සිතා කටයුතු කරනවානම් හොදය.

මා තනිවීමත්, අනාගතය සුනුවිසුනු වීමත් මා ඔසවා දරා සිටින්නේ එකම සතුටක් නිසාය ඒ සිගන පැටියෙක් බිහිකර රටට, ලෝකයට බරක් නොවුනු නිසාය.

සමහරුන් මෙසේ කියන්නට ඉඩ ඇත.ඒ අපි ඉබ්බන් මෙන් වසර 300ක් පමන ජීවත් නොවන නිසා ජීවිතයේ උපරිම සතුට ලැබ මියයාමට නම් ඔතරම් සිතිය යුත්තක් මෙහි නෙවන බවයි.

ඇත්තය. ඒත් මේ අපගේ මුතුන්මිත්තන්ගේ කාලය නොවේය. දැන් එසේ බැරිය. ජීවත්වෙනවා යනු ජීවිතයේ ගැටලු වලට පිලිතුරු දෙමින් මරණයට ලගාවීම බව මා පිලිගන්නා කරුනකි. නමුත් තවත් කෙනෙක් ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ කෙනාටත් දුක් විදින්නට ඉඩ දී, දරුපැටව් හදාගෙන උන්ගේ ජීවිතත් අගාදයට යවන්නට පුද්ගලිකව මා නම් කැමති නැත. මන්ද ඒ පවින්  මා නැවතත් හිගන පැටියෙක්ව උපදිනවා නොඅනුමානය.

එබැවින් මා මේ ලොවට කවදා ‍හෝ බිහිකරතොත් බිහිකරන්නේ රජ පැටියෙක්ම පමණකි......


Thursday, October 11, 2012

ඊ love

සංසාරේ සමහරු පතාගෙන එයි, තවත් අය ඔතාගෙන එයි. හත්වලාමේ අපි පතාගෙන ඇවිල්ලත් නැතිය, එක්කෝ ඔතාගෙන ආපු එක කොහේ හෝ වැටිලාය. මක්ක උනත් කම් නැත. ඩබල් දමා ජීවත් උන කාලයට වඩා දැන් නම් ජීවිතය මල්ය.

ඒ කාලයෙ මෙන් නොව දැන් කැමති වෙලාවක කන්න පුලුවන්ය, නොකා හිටියත් කන්න කියා කාගෙන් වත් කරදරයක් නැත.කන්න කලින් SMS කොටන්නට ඕන නැත, එහෙම නැතිනම් කලින් කතාකරගත් ආකාරයට ගණන් කර කර ring කරන්නටද ඕනැ නැත. බඩගින්නක් තියනවා නම්, කන්න දෙයක් තියනවා නම් කතහැකිය. තෑවේ මොනවාදැයි මතක තබගෙන පසුව ගිරවා මෙන් කියවන්නට ඕනෑ නැත.කෑවද කියල අහන්න අමතක උන දවසට බරවා රොගියෙක්ගෙ කකුල මෙන් ඉදිමුනු මූන මතක් කරගන්නටද ඔන නැත. 


ඕන නම් බොන්න පුලුවන්ය. මේ මාසෙ කීපාරක් බිව්වදැයි අසන්නට කෙනෙක් නැත. බොන්න හෙතුවක් හදාගන්නට ඕන නැත. බීල යාලුවොත් එක්ක සතුටු උනා මාව අමතක උනා කියල දනිස් ලගට මුන එල්ලගන්නටද කව්රුත් නැත. බීල ආතල් ගන්න වෙලාවේ මල් කඩනවා කියා සෙට් එකේ උන්ගෙන් කතන්දර අහන්න ඕනෙද නැත. කරුමෙටද, හොදටද මන්දා දැන් මං බොන්නේද නැත.


දැන් දවසේ පැය 24න් 26ක්ම කංඈයා කනෙ ගහගෙන  ඉන්නට ඕනේද නැත. Podi wedaka inne කියා දවසට මැසේජ් 50ක් පමන යවන්නට ඕනේද නැත. නිදහසේ බ්ලොග් බලන්නට තිබු කරදරය දැන් නැත.


යන එන ගමන් විස්තර ඉදිරිපත්කර අවසර ගන්නටද ඕනැ නැත. යන තැනක යන්නත්, ඕන වෙලාවක ඕන දෙයක් කරන්නත් දැන් භාදාවක් නැත. දැන් මට කිසිම ප්‍රෂ්නයක්ද නැත.


නමුත්,


පණ වාගේ ආදරය කළ ඇය දැන් මා ලග නැත,

ඇගේ සිනහවෙන් ජීවය ලද මගෙ හිතේ ජීවය මගෙ ලග නැත.
දැන් මගේ ජීවිතයම මට නැත.
අතීතය, වර්ථමානය මෙන්ම අනාගතයක්ද මට නැත.
මෙහෙම වන්නට හේතුවක් මා දන්නෙ නැත.
වෙලාවට ඇය මේ ආත්මෙදි බ්ලොග් බලන්නෙ නැත.

ඒකම දෙයක් නම් ඒ විදිහටම තවමත් ඇත.


දැනට වසර 5ක සිට ඇය මට උපන්දිනයට සුභ පැතුවේ කාට හො හොරෙන්, අහුවේවි යන බියෙන්ය.
මුලින් නම් අම්මාට, අච්චම්මාට, පුංචිට හොරෙන්න. පසුගිය දිනක එවු කෙටිපනිවිඩය නම් සැමියාට හොරෙන්ය.