මම, එහෙම නැත්නම් දේශ් කියන්නෙ කවුද???????
බ්ලොග් කියවන්න ගොඩක් කැමති මම, බ්ලොග් පිටුවක් හදා ගත්තෙ බ්ලොග් ලියන්න නම් නෙමෙයි. මං ආශාවෙන් කියවන බ්ලොග් වලට කමෙන්ට් කරන්න බ්ලොගර් ගිනුමක් ඕන කියල මට හිතුන. ඉතින් ඒ ගිනුම හදනකොට ඔන්න ඔහේ බ්ලොග් පිටුවකුත් හදනව කියල හැදුව. එහෙම හදපු මගේ බ්ලොග් සයිට් එකට පස්සෙන් පන්නන සාමාජිකයො එකොලොස්දෙනෙක්(දැන් නම් වැඩි වෙලා. මේක මෙච්චර කාලයක් නෝට් වල තිබිල) ඉන්නව කියල දැක්කහම මටත් මොනවාහරි දෙයක් කුරුටුගාන්න හිතෙනව. ඉතින් මාගැනම සටහනක් තියන්න හිතුන. මගෙ කමෙන්ට් දැකල බනින්න හරි මං කවුද කියල කව්රුහරි හෙව්වොත් එයාට මං ගැන මේකෙන් දැනගන්න පුලුවන් වෙයි.
මං ඉපදුනේ 1989 අවුරුද්දෙ. අවිස්සාවෙල්ල රෝහලේ, ඒ කිතුල්ගල ලස්සනම ලස්සන ගමක(ඉස්සර හොදේ) මව් පිය උරුමයෙන් කිසිවක් නොලැබ, හිතහොද මිනිසෙකුගෙන් ලැබුන කුඩා බිම්කඩක මැටිගසා තැනුව ගේකාමරයක දිවි ගෙවූ, යාබදව තැනුව තේ කඩ පොඩ්ඩකින් ජීවිකාව ගැටගැසූ අහිංසක මව්පිය යුවලකගේ දෙවෙනි පුතු ලෙසයි.
දුප්පත් අපි ගොඩාක් අමාරුවෙන් ජීවිතේ ගැටගහගත්ත. අම්ම තාත්ත බඩගින්නෙ ඉදල අයියටයි, මටයි කන්න දුන්න. චිත්‍රපටිවල තියනව වගේ කතාවක් උනත්, ඇත්තටම එහෙම වෙනව මට මතකයි. ඒත් එතකොට මං පොඩි නිසා ඒ ගැන එච්චරටම දැනුනෙ නෑ. අනික අම්මල එහෙම කලේ අපිට නොදැනෙන්න. මං මොනතරම් පව් කාරයෙක් උනත් මේලෝව හොදම අම්ම්යි, තාත්තයි මට ලැබුන එක ගැන මට සතුටුයි. එයාල හරිම උත්සහවන්තයි. ඒ නිසාම එයාල උත්සහයෙන් දියුනු උනා. රෑ දවල් නොබලා මහන්සි උනා. මට ඒ උත්සහයට හොද උත්තරයක් වෙන්න බැරි උන එකත්,මට එහෙම උත්සහවන්තයෙක් වෙන්න බැරි උන එකත් ගැන මං අදටත් පසුතැවෙනව.
මං ටික ටික ලොකු උනා, පෙරපාසැල් යන කාලය උදා උනා. අපේ ගෙවල් ලගම තිබුන පෙරපාසලක්. මාව ඒකට ඇතුලත් කලා. ඒත් දවස් දෙකකින් පස්සෙ මගෙ ටිකිරි මොලේට එක වැඩක් නෑ කියල හිතුන. අම්ම ගෙදරදි ගොඩක් දේවල් උගන්වල තිබුන නිසා මට ඒකෙ ගන්න දේයක් තිබුනෙ නෑ. අම්ම මට බලපෑම් කලෙත් නෑ. ඒ ගමන එහෙමම නතර උනා.
අපේ අයියා මට වඩා ඖරුදු 5ක් වැඩිමල්. ඉතින් එයා වැලි සෙල්ලම් කරනකොට මං නෑ. මන් වැලි සෙල්ලම් කරරනකොට එයා ඔට්ටු සෙල්ලම් කරනව. මන් ඔට්ටු සෙල්ලම් කරන වයසෙදි එයා ක්‍රිරිකට් ගහනවා. මන් ක්‍රිරිකට් ගහන කාලෙදි එයා සෙල්ලම් නවත්තල. ඒ නිස අපි දෙන්න එකට සෙල්ලම් කරපු අවස්ථා බොහොම අඩුයි. මං නිතරම තනි උනා. අදටත් වැඩියෙන් තනිකමට තමයි කැමති.
කිතුල්ගල පිරිමි පාසලට මාව 1වසරට ඇතුලත් කලා. 2වසරෙන් පස්සෙ 3වසරට මාව යටියන්තොට ජාතික පාසලට ඇතුලත් කලා. අම්මලට මොනතරම් අමාරුකම් තිබුනත් අපිට හොදට උගන්වන හීනයක් එයාලගෙ හිත් වල තිබුන. 5වසරෙ ශිෂශ්යත්ව විභාගය සමත් වෙලා මං රුවන්වැල්ල ජාතික පාසලට ගියා. එහෙදි මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. ඒ හොද විදිහට නම් නෙමෙයි.
මේ වෙනකොට අපේ කඩ පොඩ්ඩ ටිකක් දියුනු වෙලා තිබුන. හැමදමත් වගේ සතුටින් හිටිය. සුනාමියට කලින් මුහුද ඈත් උනා වගේ අපි ගොඩක් හොදට ජීවත් උනා.
නොහිතපු වෙලාවක, නොහිතපු විදිහට ආපු සුනාමියක් වගේ එකකින් ආයෙමත් අපි අසරණ උනා. අපේ කඩේ පැත්තකුත් එක්ක ගල් බැම්මක් ගැලවිලා ගියෙ ටිකක් ලොකු වැස්සකට. කඩේ නැවත හදා ගන්න වත් අපි සල්ලි ඉතුරු කරල තිබුනෙ නෑ. ණයට සල්ලි ගත්ත, ගිනි පොලියටත් ගත්ත. ඒත් කඩේ හරියට හදගන්න බැරි උනා (තාමත් එහෙමයි) ඒත් අපි ආයෙමත් මුල ඉදන් පටන්ගත්ත. කාලය ගත උනා.
මම කවදාවත් විභාගෙකට පාඩම් කරල නෑ. ඉගෙනගෙන අහවල් ජොබ් එක කරනව කියල හීන තිබුනෙත් නෑ. කිසිම දෙයකට ආශාවක් තිබුනෙත් නෑ. ඒත් අම්මල මොන ප්‍රශ්න තිබුනත් මට අවශ්‍ය හැම දෙයක්ම අරන් දුන්න. එයාලගෙ කදුලු වලට උත්තරයක් විදිහටද කොහෙද මං සාමාන්‍යපෙළ පාස් උනා. මට අදටත් ඒ ප්‍රතිපල විශ්වාස නෑ.
12 වසරෙදි මගේ ජීවිතය තවත් වෙනස් උනා. බොක්කෙන්ම ලව් කරන්න පටන්ගත්ත. ගෑල්ලමය නිසා නොවුනත් කොහොම හරි මං අධ්‍යාපනයෙන් ඈත් උනා. අවසානෙදි උසස්පෙළ ඇනගත්ත. ඒත් මට ඒක දැනුනෙවත් නෑ. ගෙදරින් කරා ආයෙමත් විභාගෙ කරන්න කියල. ඒත් මං හිතුවක්කාර උනා.
ගෙදර තිබුන සල්ලි ප්‍රශ්නත් එක්ක මං ජොබ් එකක් ගැන හිතුව. ලේසියටත් පහසුවටත් ගාමන්ට් එකක වැඩට ගියා. එතන මට ඉක්මනින්ම ඉදිරියට එන්න පුලුවන් උනා පුංචිම කාලෙකින්. ඒත් ඒ ජීවිතේට මට කැමති වෙන්න බැරි උනා. වගකීම් වැඩි වෙනකොට මං හෙම්බත් උනා. අර ගෑල්ලමයත් ඒකට එච්චර කැමති උනේ නෑ ඒකට. ඒ ජොබ් එක මාස තුන හතරකට සීමා උනා.
දෙවෙනි රස්සාව විදිහට සේල්ස් රෙප් කෙනෙක් විදිහට පුංචි කොම්පැනියකට බැදුන. ඒක ලොකල් පී.වී.සී බිස්නස් එකක්. රට වටේම ගියා. ගොඩක් දේවල් ඉගෙනගත්ත. විවිද පැති වල විවිද මිනිස්සු අදුනගත්ත. සමාජය තේරුම්ගත්ත. මං කවදාවත් නාස්තිකාරයෙක් උනේ නෑ. 4න් එකට පොඩි ගානක් වියදම් උනා,ඉතුරු හැම සතයක්ම ගෙදරට දුන්න. පොඩිකාලෙ ඉස්කොලෙ යනකොටත් අම්ම දුන්න සල්ලි මං ඉතුරු කලා. සමහර දවසට මං සල්ලි එපා කියල අඩල තියනව. අම්ම අදටත් ඒව මතක් කරනව.
කොහොමින් හරි පී.වී.සි වලට SLS ඕන කියල නීතියක් ආව. අපේ බිස්නස් අඩු උනා. ව්‍යාපාරය පාඩුලබන්න පටන්ගත්ත. මට ලැබෙන පඩියත් ටික ටික පරක්කු උනා. මං පඩි නැතුවත් වැඩ කලා. අවසානෙ මං ජොබ් එකෙන් අයින් උනා. දැනටත් සැලකියයුතු ගානක් මට ගන්න තියනව එතනින්(මං හිතන්නෙ මාස තුනක පඩියටත් වැඩී)
පස්සෙ මං දැන් කරන රස්සාවට ආව. ඒ ගැන වෙනම ලියන්නම්.
තවත් එකක් ඉතුරුයි. අර ගෑල්ළමය. ඇත්තටම මං එයාට ආදරේ කලාට වඩා එයා මට ආදරේ කලා. මං ඒක අදත් කියනව. අපි ආදරේ උපරිමයෙන් වින්දා. එතනින් එහාට ගිය දේවලුත් අන්තිම තැනට එනකල් වින්දා. ඒ ගැනත් වෙනම ලියන්නම්. දැනට මෙහෙම කියන්නම්. අවුරුදු 5ක් විතර මාත් එක්ක ආදරෙන් හිටපු. අපේ දෙරත් ආව ගිය, අපේ අම්ම මටත් වැඩියෙන් ආදරය කරපු එයා... බොහොම පොඩි කාලෙකින් වෙනස් වෙලා 2012/04/05 දින වෙන තුරුලකට ගියා.
2013/01/27 එනම් ගෙට්ටුව තියන දවසෙ ඇගේ කුළුදුල් දරුව ලැබෙන්න රොහලේ නවතිනව කියල කොල් කරල කිව්ව.
ඔන්න ඔහොමලු උනා කියන්නේ.........
දැන් හැම දෙයක්ම කිව්ව. තවත් දැනගන්න ඕන දෙයක් තියනව නම් අහපල්ල. මට හංගන්න දෙයක් නෑ බොල..................

දේශයෝ මේක හරිම අනුවේදනීය කතාවක්නේ කොල්ලෝ. ඒ වුණත් නුඹේ අව්‍යජ කමට මං ගරු කරනවා. ඒකි ගියා 27 උඹ වරෙන් අදුන ගන්න ආසයි. දරුව ලැබුණාම බැරියැ බලන්න යන්න. අනික එදාට උඹ ගියොත් මිනිහා සැක කරන්ත් බැරි නැනේ.
ReplyDeleteහිත තාම දිරිමත් කරගනින් ජිවිතය ජය ගන්න...
නෑ අයියෙ. එදාට නෙමෙයි කවදාවත් ඒ දරුව බලන්න තරම් මගෙ හිත ගල් කරගන්න බැරි වෙයි. 27 දවස මට ඔයාල එක්ක ගෙවන්න බැරි බව දන්න නිසාම තමයි නොඑන බව කිව්වෙ. එදා දවස ගෙවාගන්න පුලුවන් හොදම තැනට මං ඇවිත් ඉන්නෙ. මං නිවාඩු අරන් ගෙදර ආව.
ReplyDeleteඔයාල අදුනගන්න ආසයි. ඉක්මනිනම පුලුවන් වෙයි.
ගෑනු හින්දා ජීවිතේ නාස්ති කර ගන්ඩ එපා මචං.ගෙදර මිනිස්සුන්ට හොඳට සළකපං.පුළුවන්නං රස්සාව කරන ගමං තව මොනවා හරි ඉගෙන ගනින්.( උඹ මට වඩා බාලා හින්දා මට උඹට උපදෙස් දෙන්ඩ ඇහැක් හරිය? ) වැදියෙන්ම කට්ට කාපු එකා තමයි කවදා හරි වැඩියෙන්ම සැප විඳින්නේ.මේවා මම කියපුවා නෙමෙයි ඇලෙක්සැන්ඩර් දියුමා මහත්තයා කිව්ව ඒවා.
ReplyDelete//( උඹ මට වඩා බාලා හින්දා මට උඹට උපදෙස් දෙන්ඩ ඇහැක් හරිය? )// උපදෙස් දෙන්ට වැඩිමාල් වෙන්නම ඕන නෑ අයියන්ඩියේ. මං දැන් හිතන්නෙ ගෙදර අය ගැන විතරයි බං
Deleteඋඹ සතුටු වෙයන්. උඹට තාමත් වෙන කෙනෙක් තෝරා ගන්න අවස්ථාව තියෙනවා. මාව ගෑනි රවට්ටලා දාල යත්දී පොඩි එකාට අවුරුදු දෙකයි මාස හයයි. ඇත්ත කෙලින්ම කියන එකට මාත් හරි කැමතියි මොකද මමත් එහෙම නිසා.
ReplyDeleteමං ඔයාගෙ කතාව ටිකක් විතර දන්නව අයියෙ. මට හිතල සතුටු වෙන්න පුලුවන් දෙයක් කියනව. ඒ ඔයාට උන දේ නොවී මෙහෙම උන එක ගැන.
Deleteඅනෙ සුදීක අයියට ඒම අත්දැකිමකට මූන දෙන්න උනාද.. ම්ම් ගොඩක් කනගාටුයි අහන්න ලැබුන එකට.. හ්ම්ම්
Deleteඅපොයි :(
ReplyDeleteඒත් අපි හිනාවෙලා ඉන්නව
Deleteදෙශ් උඹ දවසක ජීවිතෙ ජයගන්නම ඕනි කොල්ලො.
ReplyDeleteඒකට දැන් උපරිම ට්‍රයි එක මචෝ
Deleteඅඩේ දෙශ්ගේ ස්ටෝරිය හින්දි ෆිල්ම් එකක් වගේනෙ anyway best wishes කොල්ලෝ ....!!!
ReplyDeleteකාගෙත් ජීවිත වල මෙහෙම කතා තියනව රුවා.
Delete//එදාට නෙමෙයි කවදාවත් ඒ දරුව බලන්න තරම් මගෙ හිත ගල් කරගන්න බැරි වෙයි//
ReplyDeleteඔය අත්දැකිම මාත් විදලා තියනවා , ඒකට මූණදෙන එක හරි අමාරුවැඩක් , යන්ඩ එපාබං ඔය වේසිත් එක තවත් පයුරුපාසානමට
ඇත්ත බං. මාත් කැමති නෑ තවත් කතා කරන්න. ඒත් බඩදරු අම්මෙක් නිසා ෆොන් එක ගත්ත. දැන් නම් ඒකත් නවත්තන්න පුලුවන් වෙයි.
Deleteමට දුක හිතෙනවා.නව කතාවක් කියෙව්වා වගේ...ජිවිතේ ඔහොම තමා දේශ්,දුක සතුට දෙකම අපිට උරුමයි.එත් දුක වැඩිපුර උරුම වෙනකොට තමා තවත් දුක...ජිවිතේ ජයගෙන සතුටින් දෙමාපියන් රැක බලාගෙන සිටීමට වාසනාවන්ත වේවා...
ReplyDeleteමෙහෙම කිව්වේ දුක හදුනන හිත හොද මනුස්සයෙක්...
ස්තුතී රොෂාන්. ජීවිතේ අපි ලැබෙන දෙයක් භාරගන්න එපැයි නේද
DeleteAhamben hari muna gahila thiyenne allapu gamè kenek:)
ReplyDeleteMaath rajasinghe ta yanna hadala seethawaka giya a/l karanna:).
Hithata gammak Aran wada karanna. Thama parakku na igeneemen idiriyata yanna. Hamadema subawadeewa balanna. Dakinna purudu wenna.
Ayemath ennam dawasaka.
ස්තුතී. අල්ලපු ගමේ කිව්වම ගොඩක් සතුටුයි. එන්න ආයෙමත් අදුනගන්න ආසයි.
DeleteAhamben hari muna gahila thiyenne allapu gamè kenek:)
ReplyDeleteMaath rajasinghe ta yanna hadala seethawaka giya a/l karanna:).
Hithata gammak Aran wada karanna. Thama parakku na igeneemen idiriyata yanna. Hamadema subawadeewa balanna. Dakinna purudu wenna.
Ayemath ennam dawasaka.
අනේ... මං කවිය කියෝලා ඉවර වුනාට පස්සෙයි මේ ලිපිය දැක්කේ....... :(
ReplyDeleteජිවිතේ හැටි ඔහොම තමයි මල්ලි..... වැඩිය හිතන්න යන්න එපා. හැමදේම හොද විදියට විසදේවි.... පරණ දේවල් අමතක කරලා දාන්න.... ඔයාට ජය!
ආ ඔයා ගොඩ දවසකින් තමයි දැක්කෙ.
Deleteතවත් ඉතින් මොනව හිතන්නද. ලැබුන දේවල් ඇති සතුටු වෙන්න.
දේශ්.... අසම්පූර්ණ ජීවන සටහනක්. ඒත් හුගක් දේ තියෙනවා. උඹට ජීවිතේ දින්නනම වෙනවා බං, අම්මලගේ සතුටු කදුලු දකින්න.. ඒක එහෙමම වෙන්න කියල ප්‍රාර්ථනා කොරනවා.. ජය
ReplyDeleteස්තුතියි දේශෝ, මටත් තියනව නම් තියන එකම හීනෙ, අම්මගෙයි තාත්තගෙයි සතුටු කදුලු තමයි බං.
Deleteගිය එක හොඳයි, නැත්තම් අනුන්ගේ දරුවෙකුට තාත්ත වෙන්නයි නේද වෙන්නේ?
ReplyDeleteඅනිවා. කල් ඇතුවම දැනගත්ත එක ගැන නම් සතුටුයි. ඔව්වට කියන්නේ කෙස් ගහෙන් බේරුනා කියල නේද.
Delete