Thursday, January 10, 2013

රිසානා නිදහස් කරයි....

දුරකතනයට නොමිලේ ලැබෙන නිව්ස් එකකින් දැනගත්තෙ, රිසාන නිදහස් කරලලු නේද?

දෙතුන් වතාවක් ලෝඩ් නොවුනු නිසා මලම පැන බ්ලොගර් වෙත එන විට රිසානා හැර අන් කිසිවක් කියවීමට නැතිතරම් විය. ඒ නිසා ඒ පිලිබද වූ සියලු පෝස්ටු මා කියවන්නට ඇත. පෝස්ට් වලින් පමණක් නෝව කොමෙන්ට්ස් වලින්ද ඒ පිලිබදව විවිද මතවාද ගොඩනගා තිබුනි. ජාතිවාදය, දේශපාලනය, ආගම්වාදය කැටිවූ සියල්ල කියවීමෙන් ඔල්මොරොන්දම්වූ මටද ඒ පිලිබද සටහනක් තැබීමට සිත්වීම, මටම අදහාගත නොහැකි පුදුම වෙනසකි.

කෙසේ වෙතත් මට නම් හැඟෙන්නේ රිසානා නිදහස්වී ඇති බවකි. එහෙම කියන්නේ කලින් කී ඔල්මොරොන්දම් ගතිය නිසා නොව. ඈපිට තවමත් ලබගත නොහැකිවූ නිදහස ඇය ලබා ඇති හෙයිනි.

මේ පුවත අසා මට දුකක් දැනුනා කිවහොත් එය අමූලික බොරුවකි.මට නම් ඇය තවත් එක් නිව්ස් එකක් පමණි. මන්ද මා එය බොහෝ කල් සිට බලාපොරොත්තුවෙන් සිටි පුවතකි. ඇත්තටම මා වෙනුවෙන් වත් කිසිවක් කරගත නොහැකිව සිටින මට. ඇය වෙනුවෙන් යමක් කිරීමට සිතීමත් එදා මෙන්ම අදත් සිහිනයකි. රිසානා මේ කුරිරු සමාජයෙන් නිදහස්ව පිටව යෑම මට නම් කාලකන්නි නොවූ සතුටකි. දුක් වීමට ඇති එකම කරුන නම් ඇය අවසන් මොහොත තෙක්ම වරද කාරියක්ව සිට මියයෑමයි.
රිසානා අතින්, චෝදනාවල ඇති ආකාරයේ වරදක් සිදු වුනිදැයි මා නොදනිමි. නමුත් ඇය එක් පැත්තකින් වැරදිය. ඇයව හොර සහතික හදා බලහත්කාරයෙන් රට යැව්වා විය නොහැක. එසේ කරන තුරු ඇය අඳ, ගොලු, බිහිරි එකියක සේ සිටියා විය නොහැකියි. තමා මෙහෙකම් කල නිවසේ දරුවා මියයාමට රිසානා වරද කාරියක් වන්නේ එතැනය. නමුත් දුප්පත්කම මා හොදින් අත්දැක ඇති නිසා එලෙස රිසානා වරදකාරියක් කිරීම මගේ සිතට එකඟ නැත.

තම නිවසේ සේවයට විදේශයකින් පැමිනෙන කාන්තාවකගෙන් අරාබි යුවල බලාපොරොත්තු වූවේ පාසල් යන වයසේ දරුවෙකුගෙන් බලාපොරොත්තු වන සේවයක් නොවන බව සහතිකය. ඒ පිලිබද සිතීමේදි නම් රිසානා රට යැවීමට හවුල් සියලුම දෙනාට හෙන වැදිය යුතුයැයි සිතීම අසාධාරන නොවන්නේ අප කතා කරන්නේ එක ජීවිතයක් පිලිබදව පමණක් උවද මේ කතාවේ ජීවිත දෙකක්ම අහිමිව ඇති නිසාය. සියල්ල සිදුවූ පසු කාට හෝ වරද පටවා, බැනවැදි කෝපයෙන් රත්වුනු ලේ නිවා සිසිල් කරගැනීමට උත්සහ කිරීම නම් අනුවන කමකි.

රිසානා යනු තවත් එක් වීරවරියක් නොවේ, පුවත් මවන්නියක් පමණි. මන්ද මෙහෙකාර සේවයේ ගොස් පෙට්ටියෙන් වත් ගෙදර නොපැමිනි අය ඕනෑ තරම් අතීතයේ සිටී. නමුත් ඔව්න් අප මතකයෙන් ගිලිහී ඇත. ඔව්නුත් රිසානාත් අතර ඇති එකම වෙනස නම් රිසානා නීතියෙන් වරද කාරියක් වීමත් අනෙක් අය කැලෑ නීතියෙන් වරදකාරියන් වීමත් පමණකි.

ජීවිතය වරක් නොව, කිහිප වරක්ම වරදවාගත් මට එක දෙයක් මෙයට එකතු කල හැකිය. එනම් ජීවිතයෙ සිදුවන එකම වරදකින් තවත් වැරදි ගනනාවක් සිදුවේ. එය නැවතීමට සමතෙක් ලොව නැත. රිසානාගේ කතාවටද එය අදාලය.

තම දරුවාගේ මරනයට වගකිවයුතු උවත්, තවත් එවැනිම දරුවෙක් නේදැයි සිතා රිසානාට සමාව දීමට තරම් ඒ දෙමාපිය යුවලගේ හදවත් උනු නොවුනේ ඇයිදැයි මා නොදනිමි. නමුත් එය එලෙස සිදුවුනි නම්, අප සැම දෙනාටම එලෙස සිතන්නට හැකිවූවානම් මේ ලෝකය කෙතරම් ලස්සන වේවිද.

ප:ලි

සමාව දිය හැකි කිසිම වරදක් නැත.
සමාව දිය නොහැකි කිසිම වරදක්ද නැත.


ප:ප:ලි
ඊයෙ රෑ ලියූවත්, දුරකතනයේ ගැටලුවක් නිසා බ්ලොගර් වෙත මේල් කිරීමට නොහැකි විය.

14 comments:

  1. පලවෙනිම දේ මේක මිණිමැරීමක් නෙමේ. රිසානා අතින් උනේ අත්වැරදීමක්. තමන්ගේ තනයෙන් දරුවන්ට කිරි පොවන්නට ගොස් කිරි හිරවී දරුවන් මිය ගිය අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම තමන්ගේ උණුහුමට දරුවා තුරුළු කරගෙන නිදා ගත් අවස්ථාවලටදී හුස්ම හිරවී දරුවන් මිය ගිය අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. එතැන සිද්ධ උනේ අම්මා දරුවාම මැරීම නෙමේ..අත්වැරැද්දකින් එලෙස සිදුවීම. රිසානා වැනි ලාබලා දැරියක් අතින් සිද්ධ උනෙත් අත්වැරදීමක්. ඒ අත්වැරැද්ද සිද්ධ උනේ මිනිසත්කම හඳුනන්නේ නැති..ආගමේ නීති වලින් ඔළුව පිරිච්ච මිනිස්සු ඉන්නා රටක....

    ඉතින් ඒ වගේ මෙලේච්ඡ මරණයක් රිසානාට ලැබුනා..

    ReplyDelete
    Replies
    1. මිනී මැරුමක් කියල මං කියන්නෙත් නෑ.
      ළිහිණි කියන අත්වැරදීම කියන එක ගැන නම් කියන්න වෙනව. මොකද ඒකත් වැරදීමක්නෙ. වැරදීමක් වෙනව කියන්නෙ ඒකෙන් සිදු වන්නෙ වරදක් කියන එකනෙ. රැකියාවක් කියන්නෙ වගකීමක් නේද? රැකියාවෙ අත්වැරදීමක් වෙනව කියන්නෙ තමන්ට භාරවුනු වගකීම පැහැරහැරීමක් නේද?
      එතකොට රිසාන කියන්නෙ පුංචි කෙල්ලක් ඒ නිසා එයා අතින් අත්වැරදීමක් උන එක පොඩි දෙයක් කියල හිතන්න පුලුවන්. ඒත් එය ඒවගේ අවදනම් විදිහට රැකියාවකට ගිය එක නම් වරදක්. මං කියන්නෙ එයා කරපු එකම වරද ඒක කියලයි. ඒ වරදින් ඇය සාධාරනීයකරනය කරන්න තියන එකම හේතුව දුප්පත්කම විතරයි.

      මං කියන දේ වැරදියට තෙරුම්ගන්න එපා. මං ලිව්වෙ පෝස්ට් වල ලියවුනේ නැති පැත්තක් ගැන විතරයි.

      තව දෙයක්, ළිහිණි කියන දරුවා හුස්ම හිරවී මියයාම, කිරි හිරවී මියයාම වැනි කතා වල මව් වරුන් මට නම් සාධාරන නෑ. එවන් මව් වරු මව් පදවියට සුදුසුදැයි සිතාබැලිය යුතුයි. එතන මිනී මැරුමක් නැතිවුවත් නොසැලකිලිමත්කම නිසා සිදු උන අපරාදයක් තියනව. අම්මෙකුට දරුවෙකුගේ වටිනාකම දැනෙන්නෙ කොහොමද කියන එක රහසක් නෙමෙයි.එවන් උතුම් මව් වරුන් අතර ඔබ කී අය මව්වරුන් නෙමෙයි.
      ඔබ කියන ළාබාල රිසානා යැව්වේ අපි නම් අරාබි නීති වලට බැනීමෙන් පලක් නැහැ. ඒ ඔව්න්ගේ නීතියයි. අප නිවැරදිකරගත යුත්තෙ අපේ නීතියයි.

      Delete
  2. //අපිට තවමත් ලබගත නොහැකිවූ නිදහස ඇය ලබා ඇති හෙයිනි. //
    මෙන්න මේ කරුණ නම් සම්පුර්ණයෙන්ම වැරදියි සහෝ..... ඇයට මරණය හිමි වුනා යනු ඇය නිදහස ලබා ගත්තා නොව, එක් නවාතැන් පලක් පහු කලා පමණි. එයත් වැරදිකාරියක් වියි.....

    ඇයට තිබු අග හිග කම් නිසාත්, දෙමවුපියන්ගේ නොදැනුවත්කම හෝ අසරණභාවය නිසා හෝ මෝඩ කම නිසාත්, හොර ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය නිසාත්, සවුදි මිනිසුන්ගේ අමනුස්සකම් නිසාත් ඇය ජිවිතයෙන් වන්දි ගෙව්වා.......

    ReplyDelete
    Replies
    1. මට පෙර භවයක් මතක නැත, ඉදිරි භවයක් පිලිබද දැනීමක්ද නැත. ඒ නිසා ඒ පිලිබද පැහැදිලි පිලිගැනීමක් පුද්ගලිකව මගේසිතේ නැත. ජීවත්වීම විඳවීමක් ලෙස සලකන මා අතින් එවැනි දෙයක් ලියැවීම බහු මතයට විරුද්ධ නම් සමාවන්න.

      Delete
  3. ඇය විදේස්ගත වීමට පෙළඹුණේ ඇයි. මේ රටේ බොහෝමයක් තරුණියන් මෙන් ඇයද විදෙස්ගත වූයේ දරිද්‍රතාවය හේතුවෙනි. තවමත් අති විශාල දුප්පත් ජනතාවක් සිටින අප රටේ ඊට වගකිව යුතු බෝහෝමයක් නිහඩව සිටී.
    අවසන් කරමි,
    රිසානා යනු විදෙස්ගතවන අපේ කාන්තාවන් මුහුණදෙන අනේක පීඩාවන් සංකේතවත් කරන තවත් එක චරිතයකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ රටේ වැරදි හදාගන්නේ නැතුව අරාබියේ නීති හදන්නට යෑම මෝඩකමකි. අපේ රටේ අයට, උන්ට බැලකම් කරන්නට යන්නට ඕනෑ නැති තත්වයක් තිබුනා නම්, උන් මොනවා කලත් අපිට පාන්ද කියා ඉන්නට තිබුනි.

      Delete
  4. ගෙදර හාල් ඇටයක් නැති වෙනකොට.. තේ කුඩු ටිකක් නැති වෙනකොට තවත් බලාගෙන ඉන්න බැරි නිසාමයි ගොඩ දෙනෙක් විදෙස්ගත වෙන්නෙ..

    රිසානා ළදැරියක්... ඒ වගේ කෙනෙක්ට මරන හිතක් පහලවෙයි කියල හිතන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචෝ, දුප්පත්කම කොයිතරම් නම් මරණ වලට වගකියන්න ඕනද,

      රිසානා ගැන සහතිකයක් දෙන්න බැරි උනත් ඇය අහිංසක බවයි මගෙත් ගැගීම

      Delete
  5. පව්!!! වෙන මොනවා කියන්ඩද?

    ReplyDelete
  6. eyaa pau. oya.......?
    wenas widiye adahas oyaata thiyenne.a krameeta mn kemathiy.jaya!

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම අදහස් එකිනෙකාට වෙනස්. ඔයා කැමති ඒ අදහස් වලට තවත් අය අකමැති වෙයි

      Delete
  7. දේශ් අව්‍යාජයි ඔබේ අදහස් ටික... ඇ මෙලොවෙන් සමුගන් බව දැනගත් මොහොතෙම මාත් මේ ගැන පොස්ට් දෙකක්ම දැම්මා....

    ReplyDelete
  8. මං ඒවා කියෙව්වා අයියේ. කොමෙන්ට් නොකලත් කියවනවා. පොන් එකෙන් කමෙනට් කරන්න අමාරුයි.

    ReplyDelete

ලියන්නකො බලන්න