Friday, April 26, 2013

ATM වන්චාවක්ද? හොරකමක්ද?



2013~4~05
හෙලෝ,

ඒ උඹ කොහෙද ඉන්නෙ.

රූම් එකේ තමයි බං. කොහෙ යන්නද.

තව කවුද ඉන්නෙ?
සම්පත් ක්ලාස් ගියා හවසට එයි. ප්‍රභාත් හවසට එනව කිව්ව. දැනට නම් මං විතරයි

හා හා

ඇයි ඒ

නිකන් නිකන්
පුලුවන් උනොත් මං අද ඔහෙ එනව ඇ. ඉන්න පුලුවන්නෙ?

වරෙන් වරෙන් එහා පැත්තෙ රූම් එකත් තියනවනෙ.

හරි හරි මං එන්නම්කො

පැය කිහිපයකට පසු ලොකු බෑග් එකක් එල්ලාගත් මිතුරා මගේ කාමරයට ආවා.

උඹ කොහෙ ඉදන්ද කෝල් කලේ එතකොට.

ගුඩ් ෂෙඩ් එකේ

නොදකින් අවලමා, මං හිතුවෙ උඹ තාම කඩුවෙල කියල.

හි හි

ගොඩ දවසකින් දැක්කෙ.
කොහොමද අලුත් ජොබ් එක හොදයිද?

අවුලක් නෑ.

මොකෝ අද ගෙදර යන්නෙ නැත්තෙ?

නිකන් ඕයි,
හෙට පොඩි වැඩක් තියනව. ඒක කරගෙනම යනව.

පැය කිහිපයක් මෙසේ ආගිය තොරතුරු කතා කරන්නට ඇත.

අඩෝ මේක මොකද මෙහෙ? ඒ සම්පත්

මල්ලි මොකද කලින් ක්ලාස් ඉවර උනාද?

නෑ අයියා, මට මාවනැල්ලෙ යන්න උනා. දැන් ගිහින් රෑ වෙලා එන්නම්.

චමත්, වරෙන් යන්න මාවනැලි.

මාවනැලි නෙමෙයි හුක්, කෝ උඹ දෙනව කිව්ව බෝතලේ

හරි උඹ අද ඉන්නවද? අද දෙන්නම්.

හරි මං ඉන්නව. එහෙනම් ෂුවර් ඇ.

මන් දැන් යනව. උඹල ගෙනත් තියපන්. සම්පත් 1000ක් දුන්නා. එය සැනින් චමත් ඇදල ගත්තේ සල්ලි පෙන්නල ආපහු දාගන්න විහිලුව දන්න නිසාය.

ඇයි උඹ හිතුවද බොරුවට දුන්නෙ කියල. පල ඩෝ යන්න. අපි දෙනව කිව්වොත් දෙනව.

මල්ලි සැලරි පොජ්ජ මන්ද කරලවත්ද?
මං ඇහුවෙ සම්පත් ලග මේ දවස් වල සල්ලි තිබුනෙ නෑ කියල දන්න නිසාමයි.

ඔව් අයිය දන්නෙ නැද්ද? මාත් දන්නෙ අද ඕයි. දෙවෙනිද දාල තියෙන්නෙ.

දැන් මගෙ බෝතලේ හරි චමත්ගෙ පාටිය කවද්ද දෙන්නෙ?

ඒක 12නෙ බං. අද සල්ලි නෑ. 10 පඩි

අයියෙ මං ගිහින් එන්නම් ඇ.

හරි මල්ලි, අපි පරිස්සමෙන් ඉන්නම්, අපිට බුදු සරණයි.

සම්පත් පිටත් වෙලා පැය කිහිපයක් ගත උනා. ඒ වෙනකොට රඹුක්වැල්ල අයියත් ඇවිත් හිටිය.

රඹුකෙ මොකද කියන්නෙ? බොමුද බෑ?

බොනව නම් බොමු,

එහෙනම් වයිට් රම් එකක් ගෙනත් ගහමු. මට නම් වැඩිය බෑ.
මට බොන්න කැමැත්තක් තිබුන දවසක් නොවුන නිස මං එහෙම කිව්ව.

6යි 30ට විතර ගියා බෝතලයක් ගේන්න.

රඹුක්වැල්ලත්, මමත් චමතුත් යන තුන් දෙනා තමයි ගියෙ.
එහෙමම නුවර දුම්‍රියපොලේ තියන කොමර්ෂල් atm එකට ගියේ.
මං ඒකෙන් රුපියල් 2000ක් ගත්ත. ඒ වෙනකොටත් මගෙ ලග රුපියල් 1500ක් පමණ තිබුන. නමුත් හෙට අනිද්ද දිනයක ෆෝන් බිල් ගෙවන්නත් වෙන නිසා 2000ක් ගත්තෙ.
මං සල්ලි ගන්නකොට රඹුක්වැල්ල සහ චමත් එලියෙ හිටියෙ. මං ඒ ගැන වැඩි තැකීමක් කලේ නෑ. එලියට ඇවිත් සම්පත් දුන්න 1000ට මං 500ක් එකතු කලේ වයිට් රම් බෝතලයක් රුපියල් 1400කට ආසන්න නිසාත්.චමත් ලග සල්ලි නෑ කියනව මට කලින් ඇහුන නිසා. නිල බයිට් සැපයුම්කරු උනේ රඹුක්වැල්ල.

එදා මං බේබදුකම අඩු කරගෙන සෙන්ටිමීටරේකින් දෙකකින් සෑහීමකට පත් වෙලා හිටිය.

නැවතත් atm එකෙන් සල්ලි ගන්න උවමනාවක් ඇති උනේ 11 වෙනිද. එදා මං සල්ලි ගත්තෙ හොස්පිටල් එක ඇතුලෙ තියන මහජන බංකුවෙ atm එකෙන්. සුපුරුදු පරිදි ඒකේ කොල ඉවර වෙලා. රිසිට් පතක් දෙන්ට බෑ කිව්ව. මං රුපියල් 2000ක් ගත්තෙ. කොහොමත් කමර්ෂල් එකේ කාඩ් එකෙන් සල්ලි ගත්තහම මහජන බැංකු atm එකෙන් දෙන රිසිට් එකේ බැලන්ස් එක ගැන මගෙ පැහැදීමක් නෑ. සල්ලි ගන්න කලින් තිබුන ගානම පෙන්නනවද කොහෙද.

ඒ දින කිහිපය ටිකක් වියදම් අදික උනාද කොහෙදො. මං නැවතත් 13 වෙනිද ගියා දුම්රිය පොල අසල ඇති atm එකට. නිකන් මොකටද රුපියල් 60ක් පූජ කොරන්නෙ. 13 පාරත් පාලුවට ගිහින් නිසා මං හෙමින් හෙමින් ගිහින් atm එකට ඇතුල් උනා. ඒදා මං බැලන්ස් එක බැලුවෙ ටිකක් වැඩිපුර මුදල් අතට අරගත්ත නම් ආයෙමත් මෙතෙන්ට එන්න ඕන නැහැනෙ ඉක්මනට, කියල හිතුන නිසා.
අම්මට සිරි වෙන්න මේකෙ සල්ලි අඩුයිනෙ බොල.
මගේ පර්ස් එකේ වත්, බැංකුවේ වත් තියන සල්ලි ගාන කවදාවත් තිතට ගැනල මතක තියාගන්නෙ නෑ. ඒත් එව්වයෙ තියන සල්ලි ගැන දල අදහසක් මගෙ හිතේ තියනව. රුපියල් 10ක් අඩු උනත් දැනෙනව. මං පියවි සිහියට ආවෙ කාඩ් එක නැවත එලියට ආපු නිසා. මං ආයෙමත් කාඩ් එක දාල 1500ක් අරන් හොස්පිටල් එකට ආව.

නිවාඩු දින කිහිපයක් තිබුන නිසාත්, නුවර බැංකු කාර්ය බහුල නිසාත්. මගේ බැංකු පොත අවුරුදු එක හමාරකින් පමන අප්ඩේට් කර නොතිබුන නිසාත් මම ටිකක් පසුබැස්ස. නිවාඩු ලැබුන පසු මේ පිලිබද සොයා බැලීමට හිතාගත්ත.

නිවාඩුව ටිකක් කල් ගියා පහුගිය 24 වෙනිද මං රුවන්වැල්ලෙ කොමර්ෂල් බැංකුවට ගිහින් පොත අප්ඩේට් කලා.
පොතේ සටහන් වෙන විදිහට රුපියල් 4200ක් සහ, 4000ක් මේ මාසය ඇතුලත දෙවරක් atmඑකකින් අරන් තිබුන.

බැංකුවෙන් එලියට ඇවිත් මං ආයෙමත් පොත පරික්ෂා කරල මගෙ මතකය ඇවිස්සුව. කවදාවත් atm එකෙන් එන රිසිට් පත් ලග තියාගන්නෙ නෑ මං. සල්ලි ගත්ත විදිහ කොහොමත් අමතකයි. ඒත් එකම එක පරහක් පේන්න තිබුන. ඒ තමයි 4200 ගත්ත එක. මං කවදාවත් එහෙම ගනනක් ගත්තෙ නෑ කියල විශ්වාසයි. කොහොමත් atm එකෙන් ගන්නව නම් ගන්නෙ සරලව කිව්වොත් රවුම් ගානක්. මේ මාසය ඇතුලත රුපියල් 13500ක් පමන ගිණුමෙන් අරන්. මං එහෙම ගත්ත නම් කරපු දෙයක් තියෙන්නත් එපැයි.
මං ආරක්ෂක නිලධාරි මහතාගෙන් විමසුව කාටද මේක දැනුම් දෙන්ට ඕන කියල. ඔහු මාව යොමු කලා තරුණ මහත්මයෙක් ලගට.

මට ගත්තෙ නැති බව හොදටම විශ්වාස 4200 පිලිබද මං ඇහුව.

සෑහෙන වෙලාවක් ඔහුත් සමග කතා කලා. මං දිගින් දිගටම එම මුදල් ආපසු ගැනීම මං නොකල බව කිව්ව නිසාත්, මං කාඩ් එකට අදාල පින් අංකය කාටවත් නොදුන් බව කිව්ව නිසාත්. ඒ ගනුදෙනු පිළිබද විස්තර හෙව්ව.

4200 අරන් තිබුනෙ 6 වෙනිද රෑ 8යි 50ට.
4000 අරන් තිබුනෙ 9 වෙනිද දවල් 1යි 30ට

6වෙනිද ගනුදෙනුව මං නොකරපු බව මට හොදටම විශ්වාස බව කිව්වහම ඔහු මාව ඉහල නිලධාරියෙකුට යොමු කලා.
ඔහුත් සමගත් සෑහෙල වෙලාවක් කතා කල. එම ගනුදෙනුවත් කරල තියෙන්නෙ දුම්‍රියපොලේ ඇති atm එකෙන් බව ඔහු කිව්ව. තවත් වැදගත් දෙයක් කිව්ව. මේ 4200 ගන්න කලින් ඔයා බැලන්ස් එක බලල තියනව. ඊට පස්සෙ තමයි ඔයාඑ මොකක් හරි උවමනාවකට 4200 ගන්න ඇත්තෙ.
මං ඇහුව කොහොමද බැලන්ස් එක බලපු බව කියන්නෙ කියල. බැලන්ස් එක බලල ඒකට රිසිට් එකක් අරන් තියන නිසා රුපියල් දෙකක් අය කරගෙන තියන බව ඔහු කිව්ව.

බැලන්ස් එක බැලුවත් ඒකට රිසිට් එකක් print කරගන්න තරම් උවමනාවක් මට කොහෙත්ම නැති බව මං ඔහුට කිව්ව. එහෙම දෙයක් උනා නම් මට හොදට මතක හිටින්න ඒක ප්‍රමානවත්නෙ.

ටික වෙලාවක කතාබහෙන් පසුව එම මහත්මයාටද මේ පිලිබද යම් සැකයක් ඇති බව මට පෙනුන. 4200ක් ගැනීමත්. බැලන්ස් එක print කිරීමත් කවදාවත් සිදුව නැති දේවල් නිසා ඔහු මට යෝජනාවක් කල.

ඔයාට සීයට සීයක් විශ්වාස නම්. කෝකටත් තව තවත් මතක් කරල බලල රික්වෙස්ට් එකක් දාන්න. මේ ගැන පරීක්ශනයක් ඕන කියල. අපිට පුලුවන් atmඑක ඇතුලෙ හයිකරල තියන cctv කැමරා එකෙන් ගත්ත වීඩිඕ ක්ලිප් එක බලන්න. සම්හර විට ඔයාට ඒකට ගෙවීමක් කරන්න වෙයි. එහෙම උනොත් යන වියදම දරන්න කැමතියි කියලත් ලියලම ලියුම දෙන්න. අපි හොයල බලමු.
මං දන්නෙ නෑ ගෙවීමක් කරන්න වෙනවද කියල හරියටම. මෙහෙම වෙලා නෑ මීට කලින්. ඔයා ලියුමක් දෙන්නකො.
කැමති නම් කැන්ඩි වලින්ම ලියුම දෙන්නත් පුලුවනි.


මම ඔහුට ස්තුතියි කියල ආව. ඔහු එන්න කලින් ඔහුගෙ දුරකතන අංකයත් මට දුන්න.

අද වෙනකොට මේ ගැන ගොඩක් දේවල් මට හිතාගන්න පුලුවන්. තාම වීඩිඕ එක ගත්තෙ නෑ. ඒත් මං ගොඩක් දේවල් හෙව්ව. සාධාරනව සැක කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව.



මට උදව්වකුත් ඕන. දන්නව නම් කියන්න මේ වීඩිඕ එක ගන්න මට කොච්චර විතර වියදමක් දරන්ට වෙයිද?

atm ගැන ලිපි ලියපු, බැංකු මහත්තුරු වැච්ච සුදීක අයියල එහෙම ඒ ගැන දන්නව ඇතිනෙ.
නැත්නම් ගහෙන් වැටුන මිනිහට ගොනත් ඇනපි කිව්ව වගේ සෑහෙන ගානක් ගෙවන්ට උනොත් එහෙම.

වැඩේ කෙරුනට පස්සෙම හොරා ගැන ලියන්නම් ඇ.

33 comments:

  1. ෆෝන් එකෙන් ලියල, ඊ මේල් එකකින් එවල දාපු එකක් නිසා අකුරු වැරදි තියනව මුල ඉදන්ම. වැඩිය හිතන්ට එපා ඇ.

    ReplyDelete
  2. හෆොයි ශල්ලි කිව්වලු.ඈ බං මමත් ඔය ඒටීඑම් වලින් සල්ලි ගන්නවා මිසක්කා ඔය බැලන්ස් එක බලන්නේ නෑ.යකෝ අර පුංචි බිලටත් රුපියල් දෙකක් ගන්නවද?පිස්සු පීකුදු ඈ....

    ReplyDelete
    Replies
    1. මාසෙකට සැරයක් වත් පොත අප්ඩේට් කරපන් මචෝ. බැලන්ස් එක නම් මතක තියාගන්න එක තමයි හොද. නැත්නම් මට වගේ විඳවන්ට වෙයි.

      රුපියල් දෙක නම් අවුලක් නෑ. එතනත් වර්ගවාදෙ. වෙන වර්ගෙක එකකින් බැලන්ස් එක බැලුවොත් 60ක් බං

      Delete
  3. මේකනම් අපටත් හොද පාඩමක්... මෙයට උත්තර දෙන්න හැකි රාජ් හෝ සුදික තමා හොදම දෙන්නා..

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුදු සුභපැතුමට රිප්ලයි කරන්න බැරි උනාට සමාව භාජනේකට දාන්ට අයියෙ.
      බලමුකො එයැයිල මක්කවත් කියයිද කියල.

      Delete
  4. අම්මට හුඩු...එක ඇත්ත කථාවක් නේ. මං අග වෙනකං හිතුවේ හදපු කථාවක් කියලා.
    යකෝ ඒ බිලටත් රුපියල් දෙකක් ගන්නවා එහෙනන් ඈ..
    අනේ දේශයෝ.මං නම් ඔය ගැන හරියට දන්නෙ නෑ.
    ඒත් ටිකක් හොයන්න ට්‍රයි කරන්නම්.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් තමයි බං, කතන්දරයක් වගේ මුල් ටික ලිව්වෙ ඇයි කියල ඉතුරු විස්තර ටික කියනකොට තේරෙයි.
      පුලුවන් නම් හොයල බලපන්කො මචෝ.

      Delete
  5. අඩේ පුළුවන් නම් හොයලා බලපන්. මෙහෙම දෙයක් වෙලා නැති හින්දා වැඩිය දන් නෑ. ඒත් අපිටත් වෙන්න පුළුවන් බං. උඹේ පහනෙන් එලිය බලනවා නෙවේ බං. ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. ආය පිස්සුවක් ඇතැයි පුමා. හැමෝටම දැනගන්ට තමයි බ්ලොග් එකේ ලියන්නෙ. වැඩේ කොරගෙනම දෙන්නම්කො ඉතුරු විස්තර ටිකත්

      Delete
  6. මමත් මේ මේකට මොකද්ද වෙන්නේ කියලා ඇස් දල්වාගෙන ඉන්නේ. මට වෙච්ච කේස් එකේදි නම් මම වාත කරලාම තමයි වැඩේ ගොඩ දාගත්තේ. මම ඒ ගැන ලියලත් තියෙනවා මාවම කන ATM බහිරවයෝ කියලා.

    ReplyDelete
    Replies
    1. atm බහිරවයන්ගෙ කතාව මට මගහැරිලද කොහෙදො. හොයාන බලමු.

      මං සියලු පීන්තූර විස්තරේ දෙන්නම්කො ඇ.

      Delete
  7. ගොඩක් ලොකු ගානක් යන්නේ නැත්නම් වීඩියෝ එක ගන්න.
    මොකද ඒකට යන සල්ලි වලට වඩා තමන් ලංගම යාළුවො විදිහට ඉන්න හොරු දැනගන්න එක වටිනවා දේශ්

    ReplyDelete
    Replies
    1. අනිවා pramudi. සාක්ෂි නැතුව කාවවත් හරියටම සැක කරන්න බැහැනෙ.
      ඔහොම එකට ඉදල බෙල්ල මිරිකල ගියත් කවුරුත් දන්නෙ නෑ.

      Delete
  8. ඔයාට දෙන්න අවවාද කිහිපයක්ම තියෙනවා. මම බැංකුවක ඔය කියන අදාලා අංශයක වැඩ කරලත්, ඕනෑම ගනුදෙනුවක් වූ සැනින් බලා ගැනීමේ පහසුකම් තිබිලත්, ATM එකෙන් එන රිසිට් එකතු කරලා, පොතක ගනුදෙනු සියල්ල සටහන් කරනවා. එහෙම සටහන් කරලා මාසේ අන්තිමට ඒවා බැංකු ප්‍රකාශනයත් එක්ක සසදුමක් කරනවා. කොමර්ෂල් බැංකුවේ sms alert තියෙන්නම ඕනේ. එම පහසුකම අර ගන්න. එතකොට වෙන කෙනෙක් ඔයාගේ කාඩ්පතින් ගනුදෙනුවක් කරත් දන ගන්න පුළුවන්. වීඩියෝ දර්ශන නැරඹීමේ ගාස්තුව ගැන කියන්න දන්නේ නෑ. ඔයාට විශ්වාස නම් බලන්න. හැබැයි මේක හොර කමක් නම් නොමිලේ ලබා දෙන්න කියලා ඉල්ලා හිටින්න. අලුත් පින් අංකයක් ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. සුදීක උඹ ඔහොම කිව්වට, ඔය ATM machine එකෙන් එක receipt එක, mini statement එක හෙම තියාගන්න බෑ. මම කියන්නේ ඒවා ප්‍රින්ට් කරන තීන්ත ජාතිය මාස කීපයකින් fade වෙලා නැතිවම යන විදිහෙ ඒවා. අන්තිමට පිරිසිදු හිස් කොලයක් විතරයි ඉතුරු වෙන්නෙ. මේක බැංකු හිතාමතාම කරන වැඩක්ද, නැතිනම් බාල තීන්ත ජාතියක් නිසා වෙන වැඩක්ද දන්නේ නෑ.

      Delete
    2. අයිය හරි අයියෙ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කාඩ් එකෙන් විතරක් ගනුදෙනු කොරනවට හොද පාඩම් මේ. අවුරුදු එක හමාරකින් පොත අප්ඩේට් කොරල තිබුනෙ නෑ.
      sms ඇලර්ට් ගැන නම් දැනන් හිටියෙ නෑ.
      අර හෙන්‍රි අයිය කිව්ව ගැටලුවත් තියනව. එව්ව කොහොම තිබ්බත් ඉතුරු වෙන්නෙ හිස් කොලයක්.
      බස් ගාස්තු ඉල්ලන්න මාසෙ අන්තිමට බස් ටිකට් ටික යවනකොටත් තියෙන්නෙ හිස් ටිකට්.
      video එකට යන ගාන ඒ බැංකුවෙ මැනේජර් මහත්තැන් වත් දන්නෙ නෑ අෆ්ෆා

      පුලුවන් නම් අර බැංකු ප්‍රකාෂනය කියපු එක ගැන ටිකක් විස්තර කරන්නකො. ඒ ගැන දන්නෙ නෑ. පෝස්ට් එකක් ලියන්ට කරුනු ඇති ඔයැයි ලග

      Delete
    3. වීඩියෝ එකට සල්ලි ඉල්ලන එක පජාතම වැඩක්. ඒක උන්ගෙ යුතුකමනේ බං. උගෙන් අහපං ODC, බැල්කනි ඉඳන් නෙවෙයි ගැලරියෙ ඉඳන් බලන්න කීයක් ගන්නවද කියලා. උඹ බෑඩ් පබ්ලිසිටි එක ගැනත් කියහං උඹ මේක බ්ලොග් අරලා සති අන්ත පත්තරේකටත් ලිව්වාම ලැබෙන. අර පාරිභෝගික අහවල් එකටත් කියනවා කියාපං. මම ඔහොම පාට් එකක් දාලා වෑන් එකේ හැන්ඩ් බ්‍රේක් කේබල් එකට ගෙවපු සල්ලි ඔක්කොම ආපහු ගත්තා. ඒක එක පාරයි ඇද්දේ කැඩුනා. ඒකයි.

      මේ අහපං. මේ ලක්ෂ ගානක් නෙවෙයිනෙ. ඒක හන්දා උඹට පුලුවන් මේකෙ ෆුල් ආතල් එකම ගන්න. ඔන්නම් බැංකුව උඹට ඕනෙ තැනට ගේන්නත් පුලුවන්.

      Delete
    4. HNB එකෙන් වුනත් SMS ඇලට් එක ගන්න පුලුවන්ද සුදීක අයියා?

      Delete
    5. ස්ටේට්මන්ට් එක ප්‍රින්ට් වෙන්නේ තීන්ත වලින් නෙවෙයි. ටෝනර් භාවිතා කරන පොඩි ප්‍රින්ටර් එකක් ඔතන තියෙන්නේ. බිල් එකක් කියන්නේ තාවකාලික දැනගැනීම සඳහා දෙන දෙයක් නිසා කොලිටි එක වැඩි කරලා යන වියදම වැඩි කරගන්න අදාළ සමාගම් කැමති නැතුව ඇති. ඒ හින්දා වෙන්න ඕනි නියමිත උෂ්ණත්වයට රත් නොකර ප්‍රින්ට් එක ලබා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් ඉක්මනටම බිල් එක මැකී යන්නේ.

      Delete
    6. මේ මුද්‍රිතය භාවිතා කිරීමේ පහසුකම් කිහිපයක්ම බැංකුව පැත්තේ තියෙනවා. මම දන්නා විදියට මේවා තර්මල් මුද්‍රණ. අර ෆැක්ස් වල වෙන්නේ මේ සංසිද්ධියම තමයි. එකක් තමයි මුද්‍රණය වීමට ගන්නා කාලය අවම වීම. මේ සඳහා යන අඩු පිරිවැය. පැරණි මුද්‍රිතය සාපේක්ෂව කාලයක් ගන්නවා. ඒ වගේමයි එම ඩොට්-මෙට්‍රික්ස් මුද්‍රණ යන්ත්‍ර නිතර ලෙඩ දෙනවා. වියදම පැත්තෙන් වුවත් දැන් ක්‍රමය ලාබාදායි.

      හොඳම දේ මේ කොලය සුදු වෙන්න කලින් ඔබේ නෝට් පොතේ සටහන් කර ගැනීම.

      නිශාන් මම හිතනවා ලංකාවේ බොහොමයක් බැංකු sms alert එවනවා ඇති කියා. HNB තාක්ෂනය අතින් ඉදිරියෙන් ඉන්නා බැංකුවක්.

      Delete
  9. කීය ගියත් හොරා අල්ලගනිං...

    ReplyDelete
  10. මාත් කියන්නේ කොහොම හරි කියක් හරි දීලා හරි හොරාව අල්ලගන්න කියලා මොකද ඔය හොරා වෙන විදියකිනුත් ආයෙම උඹෙන් හොරකම් කරන්න බැරි නැහැ!

    ReplyDelete
  11. අපේ අයියා දවසක් සැලරි වැටුණද කියලා චෙක් කරලා කාඩ් එක දාලා ඇවිත්. පස්සේ මතක් වෙලා බලනකොට හොඳ ගානක් අතුරුදහන්. වෙලා තියෙන්නේ සෙලාන් බෑන්ක් අවිස්සාවේල්ලේ.

    පස්සේ එන්ට්‍රි එකක් දාලා පොලීසියත් එක්ක ආවම වීඩියෝ එක පෙන්නලා. ක්ලිප් එක ගන්නනම් උසාවි නියෝගයක් ඕනි කිව්වලු. පස්සේ මීඩියා වලට දාලා හොරා අල්ලගන්න එක අපේ වැඩක්. හැබැයි ඉතින් ඔය වැඩේ කරගන්නකොට රස්තියාදුවයි වියදමයි නිසා වැඩේ ඇත ඇරලා දැම්මා.

    --------------------
    අනික තමයි වීඩියෝ එකට චාර්ජ් කරනවද නැද්ද කියන එක බැංකුවේ අභ්‍යන්තර ප්‍රශ්ණයක්. එතකොට අදාළ නිලධාරියා ඒ ගැන දැනුවත් නැත්නම් විස්තර හොයලා බලලා දැනුම් දෙන්න ඕනි. නැතුව බැංකුවේ අය කිරීම් ගැන අපිට වෙනත් මාර්ග වලින් හොයාගන්න කියලා බැංකු නිලධාරියෙක්ම කියනවනම් ඒක විහිළුවක්.

    ReplyDelete
  12. තව අතිශය කාරණයක් හැමෝටම. (මටත් එක්කම. :D)

    අපි ඒටීඑම් ඒකෙන් සල්ලි ගන්නෙ අතේ සතෙටම හිඳුනමයි. එහෙමත් නැත්නම් දුර ගමනක් ගිහිං (දුෂ්කර පළාතකට හරි, ගමනා ගමනය දුර්වල හරි, රාත්‍රී කාලයේදී හරි එහෙමත් නැත්නම් පරක්කු කරන්නත් බැරි ඒත් අත්‍යාවශ්‍යම වියදමක් සෙට් උනාම (රෝහල් ගාස්තු/ වාහනය ඇන හිටීම වගේ) නන්නත්තාර උණාම.

    ඒත් පොඩ්ඩක් හිතන්න. විදුලිය ඇණ හිටීමක්, සන්නිවේදන අවුලක් (නෙට්වර්ක්), සර්වර් එක හරි ඒටීඑම් එක හරි ස්ටක් වෙලා තිබුණොත්....
    ඒත් සැපයි කාඩ් එක අතේනේ. බැරි වෙලාවත් කාඩ් එක හිර උණොත්. නන්නත්තාරයි නේද?
    (මටනම් දෙතුන් දවසකට සැරයක්වත් ඔහොම කෙනෙක් හම්බවෙනවා. ඉතින් නෑයි කියන්නේ කොහොමද?)

    ReplyDelete
    Replies
    1. මම ඉස්සෙල්ලා කිව්වනේ මම ලියපු ATM බහිරවයෝ ගැන කතාවක්. ඊට සති කීපයකට පස්සෙ ඒ මෂීන් එක ගලවලා හයි කලා වෙන අලුත් එකක්. ඒකෙ ඔය කාඩ් හිරවෙන කතාවක් නෑ, මොකද ඒකෙ කාඩ් එක ස්ලොට් එක ඇතුලෙන් තියලා ආපහු අරන් සාක්කුවේ දාගෙන තමයි PIN එක ගහන්නේත්. ඉතින් එහෙම අවුලක් නෑ. ඇයි හැම බැංකුවටම එහෙම ඒවා හයි කරන්න බැරි?

      Delete
  13. කොහොමහරි හොරාව අල්ලගන්න. මොකද තමන්ගේ ළඟින්ම ඉඳන් හොරකම් කරන එක හරිම භයානකයි.
    මගේ යාළුවෙක්ටත් ඔහොම් දෙයක් වුණා. පස්සෙ හොයල බලනකොට හොරෙන් සල්ලි අරන් තියෙන්නේ එයාගේ රූමා.

    ReplyDelete
  14. නොමැළි එහෙම වංචාවක් වෙලා තියනවනම් එක ගැන හොයන්න ඔයාට අයතිය තියනවා... ලංකා බැංකුවේ නම් ඇත්තටම එහෙම මුදලක් අය කරන්නේ නැ මම දන්නා තරමින්... මොනවා උනත් ඔයා ට ඔය නැති උන මුදල තරම් මුදලක් නම් යන්නේ නැ කියලා විශ්වාසයි ඔහොම සල්ලි ගන්න තැනක නම්....

    තව දෙයක් කාඩ් වල පින් නම්බර් එක වෙන කෙනෙක් ලග නැති උනහම ඔයාගේ කාඩ් එක ආරක්ෂිතයි කියලා හිතන්න නම් එපා.. මොකද පින් නම්බර් නැති උනත් ගොඩාක් තැන වලින් එකට භාණ්ඩ ගන්න පුළුවන්.. ඒ නිසා ඒවා ඔය පරිස්සමින් ලග තියාගන්න...

    ඔය ගැන මොනවා හරි තව උදව්වක් කරන්න පුළුවන් වෙයි බන් කෝල් එකක් දීපන්කො...

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ දේවා, ඒත් දැන් වැඩේ කෙරුන. බැංකුව ගැන වැඩි පැහැදීමක් තිබුනෙ නෑ.
      මංම හොරා අල්ලගෙන, සල්ලිත් අරන්, දෙමවුපියන්ට භාරදුන්න. හිතේ තිබුන කේන්තියට උදේ පහයි තිහේ ඉදං නමයයි තිහ වෙනකල් සැලකුව. ඒ ගැන ලියන්නම්කො හෙට.

      Delete
  15. රිසිට්ගන කිව්වොත්නම් ඒවා මැකෙන්නේ ඒවා තර්මෝසටට් කොලවල ප්රින්ට්කරන නිසා [අර සමහර ෆැක්ස් වගේ ],වීඩියෝව පෙන්නන්න මුදල් අයකරන්න බහ ඒ අයට .ඒක නිසා හොදටම ශුවර්නම් පොලිසියේ එන්ට්‍රියක් දාලා ඔෆිසියල් විදිහටම වැඩේට බහින්න.එත ඉතින් හොදම දේ තමා තමන් පරිස්සම් වීම .

    ReplyDelete
  16. මං සල්ලි ගන්නකොට රඹුක්වැල්ල සහ චමත් එලියෙ හිටියෙ. මං ඒ ගැන වැඩි තැකීමක් කලේ නෑ
    Methanin monawa hari kiyawenawada

    ReplyDelete
  17. දේශ්,
    ATM ඇත්තේ අපේ මෙන්ම බැංකුවේ ද පහසුවටයි. නමුත් ඉන් ගනුදෙනු කිරීමේදී ගනුදෙනු කරුගේ ආරක්ෂාව ගැන බැංකුව සහතික විය යුතුය. ATM යන්ත්‍ර කුටියතුළ පටිගතවන විඩියෝ (සමහර බැංකුවලදී ෆොටෝ) අදාළ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ හෝ වෙනත් ප්‍රධාන සේවරයක Backup එකක් ලෙස සටහන් වෙනවා. ඔවුන් එම උපස්ථ වසර ගණනක් සමාන්‍යෙයන් පවත්වාගනු ලබනවා. අපට යම් අගතියක් ඔවුන්ගේ යන්ත්‍රයක් තුළ සිදු වී ඇතිනම්, ඊහි සුළ මුල සොයා දීමට ඔවුන් සහය විය යුතුය. ඔබට 100% විශ්වාසනම් නීති මාර්ග යා හැකිය. එය ඔබේ දෝෂයක් (කාඩ්පත සහ PIN වෙනත් අයෙකුට ලාභා නොදීම වැනි) නොවේනම්, ඔබට සිදුවූ අපහසුතාවයට බැංකුව වගකිව යුතුය. මා, මට සිදුවූ ලීසින් ආයතනයක අසාධාරණයක් කතාකර මගේ අයිතිය දිනා ගන්නා ලදී.
    LOLC ආයතනය මඟින් ලීසින් වාරික සඳහා ව්‍යාජ පොලීයක් අතර මඟදී එකතු කිරීම. (නීති මාර්ග යාම සඳහා පොලී එකතු වූ ආකාරය සම්බන්ධයෙන් ලියකියවිලි ඉල්ලා සිටින විට එම ක්ෂණිකයෙන්ම මාහට අමතරව ගෙවූ මුදල නිදහස් කිරීය). කතන්දරය ඉදිරියේදී පෝස්ට් එකක් ලෙස සටහන් කරන්නම්.

    ReplyDelete
  18. වැඩේ ගොඩ දා ගත්ත එක ගැන සන්තෝෂයි.. කෝ ඉතින් කතාවේ ඉතුරු ටික.. :)

    ReplyDelete
    Replies
    1. කෝ ඇත්තට ඉතුරැ ටික. මේක ලියන එකා ලියල නෑනෙ. බලමුකො අයියෙ අනාගතේදි ලියවෙයි සමහරවිට :ඩි

      Delete

ලියන්නකො බලන්න