මේ වගෙ හොදට හඳ පායල ඇති දාට...
රහසෙම කොටු පැන්න මතකයි මම රෑට...
දවසක් දෙකක් අහුවුවත් මා පියට...
මට සුන්දරයි ඒ මතකය හැම දාට...
කීවත් නොකීවත් ඇත්තකි සැමට...
උඹ නැති දාට හඳ පායා කුමට...
වැඩි දුක දැනෙනව නුඹ අන් සතු උනු දාට...
හෙට යන නිසා නුඹ වින්දඹු ගෙයට...
මතකද දිනක් මට කිව්වා ලං වීලා...
දරුවන් වදන්නට බැරි බව බය වීලා...
උඹ හිටියොතින් මට එ ඇති කියලා...
කීවා එදා මම හැගුමෙන් බර වීලා...
නැති කර ගන්න බෑ දුක මට කවි ලියලා...
ඇතිකරගන්න වෙයි කඳුලැල් මාලා...
සතුටින් ඔබේ ලොව ඔබ කුමරියක වෙලා...
හිටපන් නගේ නොපෙනෙන ඇතක පිපිලා...
රහසෙම කොටු පැන්න මතකයි මම රෑට...
දවසක් දෙකක් අහුවුවත් මා පියට...
මට සුන්දරයි ඒ මතකය හැම දාට...
කීවත් නොකීවත් ඇත්තකි සැමට...
උඹ නැති දාට හඳ පායා කුමට...
වැඩි දුක දැනෙනව නුඹ අන් සතු උනු දාට...
හෙට යන නිසා නුඹ වින්දඹු ගෙයට...
මතකද දිනක් මට කිව්වා ලං වීලා...
දරුවන් වදන්නට බැරි බව බය වීලා...
උඹ හිටියොතින් මට එ ඇති කියලා...
කීවා එදා මම හැගුමෙන් බර වීලා...
නැති කර ගන්න බෑ දුක මට කවි ලියලා...
ඇතිකරගන්න වෙයි කඳුලැල් මාලා...
සතුටින් ඔබේ ලොව ඔබ කුමරියක වෙලා...
හිටපන් නගේ නොපෙනෙන ඇතක පිපිලා...
අතීත සැමරුම් කවියක් විලසට .
ReplyDeleteඅතීතය ඩිලීට් කරන්න ට්රයි එක....
DeleteShould I waste my words, suppressing your feeling? I think no.. One word. Exccellent
ReplyDeleteමක් කිව්ව. අටම කියන එකම මාත් කියන්නැයි :p
Deleteඅනේ අම්මෝ.....මට තේරුණ එක නම් හරිම මාඤ්ඤමිකයි අප්පා...
ReplyDeleteහරියටම තේරුණ නිසයි මාඤ්ඤමික. ඒක තමයි ඇත්ත බං
Deleteතේරුම් ගන්න ගත් දැඩි උත්සාහය සාර්ථකයි වගේ....
ReplyDeleteමට කවි දිරවල්ලෑ.............
ඔය දිරවල තියෙන්නේ
Deleteගෙට්ටුවේ දී ඔබ දැකගන්නට සිතමින් සිටියෙමි...
ReplyDeleteමක් කරන්නද අයියන්ඩිය. ලගදිම සෙට් වෙමු
Deleteඅපේ ජීවිතේ අපට අමතක නොවෙන සිද්ධි බෝහෝ තිබෙනවා. සමහරක් සිතට වද දෙන මෙන්ම කැමැත්තෙන් ආවර්ජනය කරන ඒවාද ඒ අතර වෙනවා.
ReplyDeleteඔව්, ඒ මතකයට කැමතී ඒත් මතක් වෙනවට අකමැති දේවලුත් තියනව...
Deleteඅමතක කල නොහැකි අතීත මතකද..... හ්ම්ම්.... හ්ම්ම්....
ReplyDeleteනොහැකි නෙමෙයි. නොවන මං හිතන්නෙ
Deleteදුකයි බන්...
ReplyDeleteදැන් නම් මට දුක ගෙට්ටුවට එන්න බැරි වුනු එකටයි.
Deleteඅපි එයා එක්ක තලාම තලායි
ReplyDeleteඕං එහෙනම් අපිත් තලායි
Deleteඔවා තව ඉස්සරහට සුන්දර මතක වෙයි
ReplyDeleteඅද දින හිතට වද දෙන දේවල් උණාට...
අතීතය සුන්දරද මෙතරමි
ඇත්තටම,දැන් නම් සමහර දෙවල් මතක් වෙනකොට හිනත් යනව.
Deleteකාලයත් එක්ක හැමදේම හරියයි අයියෝ......
ReplyDeleteහරිගියෙ නැතත් අමතකවෙලා යන්නෙ හරි නැතෑ නේද
Delete