Sunday, January 27, 2013

මට සුන්දරයි ඒ මතකය හැම දාට

මේ වගෙ හොදට හඳ පායල ඇති දාට...
රහසෙම කොටු පැන්න මතකයි මම රෑට...
දවසක් දෙකක් අහුවුවත් මා පියට...
මට සුන්දරයි ඒ මතකය හැම දාට...

කීවත් නොකීවත් ඇත්තකි සැමට...
උඹ නැති දාට හඳ පායා කුමට...
වැඩි දුක දැනෙනව නුඹ අන් සතු උනු දාට...
හෙට යන නිසා නුඹ වින්දඹු ගෙයට...

මතකද දිනක් මට කිව්වා ලං වීලා...
දරුවන් වදන්නට බැරි බව බය වීලා...
උඹ හිටියොතින් මට එ ඇති කියලා...
කීවා එදා මම හැගුමෙන් බර වීලා...

නැති කර ගන්න බෑ දුක මට කවි ලියලා...
ඇතිකරගන්න වෙයි කඳුලැල් මාලා...
සතුටින් ඔබේ ලොව ඔබ කුමරියක වෙලා...
හිටපන් නගේ නොපෙනෙන ඇතක පිපිලා...

22 comments:

  1. අතීත සැමරුම් කවියක් විලසට .

    ReplyDelete
    Replies
    1. අතීතය ඩිලීට් කරන්න ට්‍රයි එක....

      Delete
  2. Should I waste my words, suppressing your feeling? I think no.. One word. Exccellent

    ReplyDelete
    Replies
    1. මක් කිව්ව. අටම කියන එකම මාත් කියන්නැයි :p

      Delete
  3. අනේ අම්මෝ.....මට තේරුණ එක නම් හරිම මාඤ්ඤමිකයි අප්පා...

    ReplyDelete
    Replies
    1. හරියටම ‍තේරුණ නිසයි මාඤ්ඤමික. ඒක තමයි ඇත්ත බං

      Delete
  4. තේරුම් ගන්න ගත් දැඩි උත්සාහය සාර්ථකයි වගේ....
    මට කවි දිරවල්ලෑ.............

    ReplyDelete
  5. ගෙට්ටුවේ දී ඔබ දැකගන්නට සිතමින් සිටියෙමි...

    ReplyDelete
    Replies
    1. මක් කරන්නද අයියන්ඩිය. ලගදිම සෙට් වෙමු

      Delete
  6. අපේ ජීවිතේ අපට අමතක නොවෙන සිද්ධි බෝහෝ තිබෙනවා. සමහරක් සිතට වද දෙන මෙන්ම කැමැත්තෙන් ආවර්ජනය කරන ඒවාද ඒ අතර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ මතකයට කැමතී ඒත් මතක් වෙනවට අකමැති දේවලුත් තියනව...

      Delete
  7. අමතක කල නොහැකි අතීත මතකද..... හ්ම්ම්.... හ්ම්ම්....

    ReplyDelete
    Replies
    1. නොහැකි නෙමෙයි. නොවන මං හිතන්නෙ

      Delete
  8. Replies
    1. දැන් නම් මට දුක ගෙට්ටුවට එන්න බැරි වුනු එකටයි.

      Delete
  9. අපි එයා එක්ක තලාම තලායි

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනම් අපිත් තලායි

      Delete
  10. ඔවා තව ඉස්සරහට සුන්දර මතක වෙයි
    අද දින හිතට වද දෙන දේවල් උණාට...
    අතීතය සුන්දරද මෙතරමි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම,දැන් නම් සමහර දෙවල් මතක් වෙනකොට හිනත් යනව.

      Delete
  11. කාලයත් එක්ක හැමදේම හරියයි අයියෝ......

    ReplyDelete
    Replies
    1. හරිගියෙ නැතත් අමතකවෙලා යන්නෙ හරි නැතෑ නේද

      Delete

ලියන්නකො බලන්න