Sunday, August 19, 2012

යූ ඇන්ඩ් මී




මලත් - නගරයත්
ඔබත් - මමත්
අහසට - පොළව මෙන් 

මල් ගැලපෙන්නෙ ගම්මානෙට. ඔව් ඒක පිස්සු කතාවක් වෙන්න පුලුවන්. ඒත් ඒකේ ඇත්ත කතාවක් තියනව. ගම්මානෙ පිපෙන ලස්සන මල් නගරයට ආවහම මොකද වෙන්නේ. නගරය හරිම දූෂිතයි. කුණු,දුහුවිලි ගොඩවල් පිරිල. ඉතින් ලස්සන මල් කිලිටි වෙන එක අහන්නත් දෙයක්ද. නගරය පුරාවට හමාගෙන යන්නෙ වායු ගෝලයේ අහවල් එකට රත් වුන, වාහන දුමින් අවර්න වුන මෙලෝ රහක් නැති සුළන් ප්‍රවාහයක්. ඉතින් ලස්සන මල් කැත වෙනව. මැලවෙනව. අන්තිමට පර වෙනව. ඔන්න එතකොට කියයි මල් කොහෙමත් පර වෙනව තමයි කියල. ඇත්ත, ඒත් ඒ මල් පරවෙන්නෙ අකලට. ඇයි එහෙම කියන්නේ, ඒ මල් කවදාවත් අහිංසක සමනලයෙකුට මල් පැණි පොදක් දීල තියද. හිතුවක්කාර බමරුන් නම් අරන් ඇති පැණි ඕන තරම්.

ඉතින් ඔයා ගමේ පිපුනු ලස්සන මලී. අහිංසක සමනලයෙකුට සුවද දෙන්න, මා මේ නගරය, ඔයාට ගැලපෙන්නෙ නෑ............

2 comments:

  1. ඔව් නේ....... කතාව නම් මාත් පිළිගන්නවා.

    අළුත් බ්ලොග් එකක් වගේ.අදමයි ආවේ.එල කිරි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවා. වෙලාව ලැබෙන විදිහට උපරිමයෙන් ලියමු යාලු.
      බ්ලොග් වලට විතරක් නෙමෙයි, මේ ලෝකෙටත් අපි තවම අලුත්...

      Delete

ලියන්නකො බලන්න