Wednesday, October 17, 2012

wishwasaya

මේ නොනිදන රාත්රියේ හිමිකාරියයි ඔබ.....

අයාලයෙ යන ජීවිතයෙ අන්දකාරය ඔබ.....

සුසුම් අතරින් ඇත්වන ඒ හීනයයි ඔබ.....

මළ, නොමළ මා හද අමරනීයයි ඔබ.....


පිය රජ මරා රජවන පුත් කුමරුවෙක් සේ කෙලෙසක හෝ ඔබ ලබා ගැනීමෙ අරමුනක් එදා මෙන් අද මෙන් හෙටත් නැත. මත් වත් කොට සගවන්නට වෙරදැරූ දියවන කදුලු කැට දැන් මාලග ඉතිරි නැත. හැරගියදා නොදැනුනු, ටික කලකින් හිතට දැනුනු, තවත් කලකින් නෙතට දැනුනු තනිකම පෙරටුකොටගත් ඒ මහා දුක මට නැත. මන්ද තනිව ඉපදෙන, තනිව මියයන සසර පුරා තනිකමේ මතකය මා ලග තනි රකී, ආදරයෙන් කණ උනු, විරහවෙන් අන්ද උනු මගේ ජීවිතයට ඔබේ මතකය නම් අන්දකාරය භාදවක් නොවේ. මගේ ජීවන සතුට ඔබෙන් උගත් විශ්වාසයෙ පාඩමයි. එනම් "විශ්වාසය යනු මරණයයි." විශ්වාස කලහැකි එකම දෙය මරණය පමනයි. උපත වත් අන් කිසිවක් වත් නොවේ.

8 comments:

  1. //"විශ්වාසය යනු මරණයයි."//

    අනිවාර්යෙන්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. දාන්තේ කිව්වා 'චපලකම ඔබේ නම ස්ත්‍රියයි' කියලා.හැබැයි එකක් නැති උනොත් තව එකක් තියෙනවා කියලා හැමෝම කියනවා.නැති වීමේ මුල් කාලයේ ඇතිවන ශෝකය පහ වී ගිය විට නැවත උත්සාහ කර බලන්න.සමහරවිට ඔබ අතීතයට හිනා වේවි.මන්ද මමද එවන් වූ අත්දැකීමකට මුහුණ දී ඇති හෙයිනි.

    ReplyDelete
    Replies
    1. aththa, e duka kal yanakota nethi wenawa. E mathakayata kata konakin hina wenna tharam man hitha hadagaththa. Eth anduru hewanellak hithe holman karanawa. Eka kawadawath nethiwenaekak ne.

      Kohomath nethi weema dukak wenne nethi unoth. Nethi wenne thibunoth, thiyenne labagaththoth ethana thamai nawaththanna ona. Ethakota kawadawath duka ne.

      Delete
  3. හිත තියන තත්වෙත් එක්ක පෝස්ට් එක බරට හිතට වැදුනා මට..

    ReplyDelete
  4. meka nisa hadhawathe thuwalayak peruna nam sorry kiyannam. Eth oka thamai mata danena aththa.

    ReplyDelete
  5. හොදක් නම් පිරිමි, නරක නම් ගැහැණු... අනේ අනිච්චං..

    ReplyDelete
    Replies
    1. අන්න අන්න වැරදි වටහාගැනීමක්. කවුරුත් එහෙම කිව්වද

      Delete

ලියන්නකො බලන්න